
මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් වැයවී තිබෙනවා. එයින් මිලියන 20ක් නෙදර්ලන්තයේ පිකැස් පොන් ආයතනය ලබාදී ඇති අතර ඉතිරි මිලියන 80ක මුදල දරා තිබෙන්නේ ශ්‍රී ලංකා රජය විසින්.
ළමා හා වැඩිහිටියන් සඳහා නාන තටාකයක්, ගෘහස්ත හා එළිමන් ක්‍රීඩා සංකීර්ණයක්, සෙල්ලම් මිදුල් හා සීසෝ වලින් යුත් ළමා උද්‍යානයක් ඇතුළුව අංග රැසක් මෙම ඩිස්නිලන්තයෙන් දැකබලාගැනීමට පුළුවන.



