Chitika Smowtion 468x60


Thursday, March 22, 2012

වීරකුමාර දිසානායකගේ වීරක්‍රියා


දේශපාලනයට එන බොහෝ දෙනෙක්ට පසුකාලීනව මුල අමතකවීමේ රෝගයක් තිබේ. ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය ඇමතිවරයෙකු පසුකාලීනව රජයට සහය දක්වා ජාතික නිදහස් පෙරමුණ ඔස්සේ වර්තාමානයේ ක්‍රියාකරන්න වූ  නිර්ලජ්ජිත ආකාරය පිලිබඳ හෙළිකිරීමට මෙම ලිපියෙන් අප අදහස් කරන්නෙමු.

කිසිදු ඇමතිවරයෙකුගේ පෞද්ගලික ජිවිත තුලට එබී බැලීමට අපට අවශ්‍යය නැතත් ඔවුන් නාස්ති කරන්නේ මහජන මුදල් නම් ඒ පිලිබඳ වාර්තා කිරීමට අපට යුතුකමක් මෙන්ම දැනගැනීමට පාඨක ඔබට අයිතියක් ඇත.

මේ හෙළිදරව්ව සම්ප‍්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යාවසාය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පිළිබඳවයි.

සාරංග - උමාලි පෙම් හබය


යොවුන් නළු සාරංග දිසාසේකර හා  උමාලි තිලකරත්න පෙම්වතුන් බව තිරය පිටුපස සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

නමුත් පසුගියදා සති අන්ත පුවත්පතකට ඒ පිළිබඳව ඔවුන් පිළිතුරු දී තිබුනේ එම පෙම් සම්බන්ධතාවය තවදුරටත් තිබේදැයි යන්න සැක මතුකරමින්.

උමාලි ගැන කතා කරන සාරංග 
ඔබයි උමාලියි අතර ආදර සම්බන්ධතාවයක් තිබුනද? එකට මොකද උනේ?

ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කරවා ගැනීමට ජනාධිපති දැඩි උත්සාහයක ?


ස්විස්ටර්ලන්තයේ, ජිනීවාහි පැවැත්වෙන 19 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ ශී්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ යෝජනාව පිළිබඳ, අද (22) දින පැවැත්වෙන ඡන්ද විමසීමට පෙර, ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කරවා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා ඊයේ (21) රාති්‍රයේ පැයකට අධික කාලයක් දුරකථනය ඔස්සේ ඉන්දීය අමාත්‍ය ප්‍රනාම්බ් මුකර්ජි මහතා සමග කතා කළ බැව් අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපොලේ පර්යන්තයක් සැකසීමේ කොන්ත‍්‍රාත්තුව සභාපතිවරයාගේ හිතවතෙකුට


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල තුළ දේශීය ගුවන් ගමන් සඳහා භාවිතා කළ හැකි පර්යන්තයක් සැකසීමේ ප‍්‍රසම්පාදන කොන්ත‍්‍රාත්තුව, ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති කර්නල් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය මහතාට හිතවත් ලින්ක් ඉන්ජෙනියරින් පෞද්ගලික සමාගම වෙත පවරා තිබේ.
ශ‍්‍රී ලංකා මුදලින් එකසිය පනස්අට මිලියන හත්සිය දහසය දහස් දෙසිය පනස් පහයි ශත හතලිහක මුදලකට (රු. 158,710,255.40) මෙම කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත.

එහි කොන්ත‍්‍රාත්තුව ලබාදීමේදී වැඩකටයුතු ආරම්භයේදී 10% ක කොමිස් මුදලක් හා පළමු ගෙවීමේදී තවත් 10% ක මුදලක් සභාපතිපවරයා විසින් ඉල්ලා ඇති බව ලින්ක් ඉන්ජෙනියරින් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

කටුගේ කඩු නැතිවීම තවදුරටත් අභිරහසක්


කෝට්ටේ රජමහ විහාරයේ හිමිවරුන් දෙනමගේ ඝාතනයට අදාල සැකකරුවන් එම සිද්ධියෙන් පැය කිහිපයක් තුලදී අත් අඩංගුවට ගැනීමට තරම් දක්ෂ වූ පොලීසියට, ජාතික කෞතුකාගාරයේ බඩු අතුරුදහන්වී දින ගණනක් ගතවී ඇතත් ඊට අදාල කිසිදු සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වන්නේදැයි බලවත් සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

බැසිල්ගේ නිහැඩියාව ජනාධිපතිටත් ගැටලූවක් ?


ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවේදී ඡන්දය දෙන බවට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කළ ප‍්‍රකාශයෙන් පසුව, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ ක‍්‍රියාකළාපය වචනයකින් හෝ විවේචනය නොකිරීම ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවී ඇතැයි වාර්තා වේ.


මැති ඇමතිවරු කිහිප දෙනෙකු රාජකාරී කටයුත්තක් සඳහා ජනාධිපතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී, ඔහු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ වත්මන් ක‍්‍රියාකාරිත්වය දැඩි ලෙස විවේචනය කර තිබේ.

ජෝන්ට එරෙහිව ජනාධිපතිගෙන් විපක්ෂයට ලිපිගොනු ?


තමන්ට එතරම් අවනත නොමැති මැති ඇමතිවරුන් අවනත කරගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලූත් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අදාල ඇමතිවරුන්ගේ වංචා දූෂණ මෙන්ම පෞද්ගලික ජීවිතයේ රහස්‍ය කරුණුද පෞද්ගලික මාධ්‍යවලට ලබාදී ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.
ශ‍්‍රී ල.නි.ප මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දිගින් දිගටම පහරදීම සඳහා අදාල මාධ්‍යවේදීන්ට ලිපිගොනු හා වෙනත් වරප‍්‍රසාද ලබාදුන් ජනාධිපතිවරයා, මේ වනවිට රත්නපුර සන්ධාන නායක ජෝන් සෙනවිරත්න මහතාට එරෙහිවද මඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය වෙතින් පරාජයවීම ගැන ‘මරා’ ප‍්‍රීතියෙන් ?


අසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා බංගලිදේශය ජයගෙන ඇති බව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා එකවර ප‍්‍රමෝදයට පත්වූ බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.
එම තරගාවලියෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමග ඉන්දියාවටද අවසන් තරගය අහිමි වී යාම ජනාධිපතිවරයාගේ එකී ප‍්‍රමෝදයට මූලික හේතුව වී තිබේ.

ආසියානු කුසලාන තරගාවලිය නැරඹීමට ගොස් සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උපසභාපති හිරන්ත පෙරේරා මහතා ශ‍්‍රී ලංකාව ලද පරාජය පිළිබදව අරලිය ගහමන්දිරයේ නිලධාරිනියකට වහාම දැනුම්දී ඇති අතර ඇය එම පුවත ජනාධිපතිවරයා වෙත සැලකර තිබේ.

‘‘ඇත්තටම මට හරිම කාලකන්නි සන්තෝශයක් තියෙන්නේ. අපේ එවුන් මේ තරගයෙන් දිනුවත් ගෙදර එන්න වෙන එකේ, බංගලිදේශය දිනපු එකෙන් ඉන්දියානුවන්ට ගෙදර යන්න සිදුවෙච්ච එක හොදටම හොදයි’’ යැයි පවසා ඇති ජනාධිපතිවරයා, ‘‘මට ඔය ඉන්දියන් කාරයෝ පෙන්නන්න බැහැ’’ යැයිද පවසා ඇත.

අරලිය ගහ මන්දිරයට එම පරාජයේ පනිවිඩය දැනුම්දුන් හිරන්ත පෙරේරා මහතා දඹුල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයට පුටු සැපයීමේදී රුපියල් දහස් ගණනින් වංචා කර ඇති බවට තහවුරුවීමෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නෙරපා හැරි අයෙකි. එහෙත් ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්ම්දාස මහතාගේ කණ්ඩායම යටතේ නිලවරනයට තරගකොට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් භාණ්ඩාගාරයේ උපසභාපති ලෙස තේරී පත්විය.

Source - lankanewsweb.com

Share this article with your friends