Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

ජිනීවා සංදර්ශනය අවසන් විය. ආණ්ඩුවේ මතය ජයග්‍රහනය කළේද?? සේනක වත්තේගෙදර


ජිනීවා යෝජනාව පැරදුනත් ආණ්ඩුවට ශක්තිය ලැඛෙනවා යන මැයෙන් ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා කළ අදහස් ප්‍රකාශ කිරීමක් Srilankamirror (03/22/2012) වෙබ් අඩවියේ ඵල විය. එය කියවීමෙන් කුතුහලය දනවන ප්‍රශ්න ගනනාවක් මතුවී තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිඛෙන්නේ කිසිවෙකුගේ හෝ බල පෑමකට යටත් නොවී තව දුරටත් රට ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉන් ශක්තිය ලැඛෙන බවය.
එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසත්, පසුගිය මානව හිමිකම් කඩවීම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් බලකරමින් ඇමරිකාව ගෙන ආ යෝජනාව ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි යෝනාවක් නොවන බවත් පුන පුනා කියා තිබියදී එය ශ්‍රී ලංකා රාජ්‍යට එරෙහි යෝජනාවක් ලෙස හුවා දක්වමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට හා මාධ්‍යවේදීන් පතුරු ගසමින්, ජනතාව උසි ගස්වමින්, පිරිත් කියමින්, අධිෂAඨාන පූජා පවත්වමින් කරන ලද මාධ්‍ය සංදර්ශනත්, ආරක්ෂක ලේකම්වරයාගේ ඉහත ප්‍රකාශයත් අතර ඇති සම්බන්ධය කුමක්ද? යන්න සියුම්ව විමසා බැලිය යුතුය.

මිනිසුන් අල්ලන්නන්ගේ වර්ථමානය හා මසුන් අල්ලන්නන්ගේ අනාගතය - මංජුල වෙඩිවර්ධන


‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’
( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5)
ඇන්තනි ප්‍රනාන්දු නම් වූ ඝාතනය කරන ලද ධීවරයාගේ කතෝලික අධ්‍යාත්මය හරහා ශී්‍ර ලාංකීය සිංහල කතෝලික හෘදය සාක්ෂිය කියවීම මෙම ලියවිල්ලේ මුඛ්‍ය අරමුණ යි. මාර්තු 15වැනිදාට ඔහු ඝාතනය කිරීමේ සිද්ධියට මසකි. අදට මාසයකුත් සතියකි. එහෙත් මිනී මරන්නන්ට අතීතය අමතක වන නිසාත් මසුන් මරන්නන්ගේ අනාගතය මුහුදුබත් වෙමින් පවතින නිසාත් මෙම ලියවිල්ල ම`ග හැර යා නො හැකිය.
ශී්‍ර ලාංකීය සිංහල කතෝලික බහුතරය ඔවුන් කතෝලිකයන් බව හඳුණාගැනීමට හැකි එකම ම`ග වනුයේ ඔවුන් විසින්ම ඔවුන් කතෝලිකයන් බව හඳුන්වා දෙනු ලැබීම තුළ මතු වන උත්ප්‍රාසයයි. හිත රිදවෙන කියමනක් වුවද, හරයාත්මකව ගත් කල එසේ හඳුන්වනු ලැබීමට අවශ්‍ය නිර්දිෂ්ඨ බොහොමයක් ඔවුන් සපුරා නැත. කතෝලිකකම යනු පුද්ගලයන් තුළ ඒ ඒ යුගයන්හි ඒ ඒ භූමි වපසරි තුළ පවත්නා අශිෂ්ඨ, අධම, දුර්දාන්ත, මානව විරෝධී පාලනයන්ට එරෙහිව උත්පාද වන දේශපාලනික ආස්ථානයන් මිසක තම තමන් හඳුන්වා දිය හැකි විශේෂණ පදයක් හෝ ආගමික ධම්ම පදයක් නොවනා බැවිනි.

යාපනේ ඔටුන්න හිමි කුමරුට අභියෝග කරන ලංකාවේ ටික්කම මහින්ද


මෙයට පෙර ලිපියකින් අප හෙළි කලේ රෙමිජියස් කනගරාජානම් යාපනේ රජ පෙළපතකින් පැවත එන බව කියන ඔටුන්න හිමි කුමරෙකු ගැනය.

නමුත් ඔහු රාජ පෙළපතකට අයත් නොවන බවත් සැබෑ ඔටුන්නට හිමිකම් කියන කුමරු තමා බවත් ලංකාවේ ආර්ය චක්‍රවර්ති රජුට නෑකම් කියන සූර්ය වංශික ටික්කම මහින්ද කුමරු (ටික්කම උග‍්‍රසිංහ මහරජුගේ 44 වන මුණුබුරු) ප්‍රකාශ කර සිටිනවා.

පහතින් දැක්වෙන්නේ ඔහු පුවත්පතකට දැක්වූ අදහස් වේ.

ඔබේ නම 
ටික්කම මහින්ද කුමාර

ආසියානු කුසලානය අහිමිවූ බංගලාදේශය හඬා වැටෙයි


ආසියානු කුසලාන තරගාවලියේ පෙරේදා (22) පැවති අවසන් තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 02 ක තියුණු ජයක් ලබමින් ආසියානු කුසලානය හිමිකරගැනීමට පකිස්ථානය සමත්විය. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 236 ක් රැස්කරනු ලැබීය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234 ක් පමණි.

ලංකාව කිළිටි කළ රාජ්‍යතාන්ත්‍රිකයෝ


ශ්‍රී ලංකා රජය පිළිබදව අතිශය තීරණාත්මක ජිනීවා සමුළුව නිමාවට පත්ව ඇත. එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් කල යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත විය . මේ සදහා අදහස් දැක්වීම සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද අවස්ථාව ලබා දී තිබූ අතර කිසිදු රාජතාන්ත්‍රික දැනුමකින් තොර පිරිසක් රජය නොයෝජනය කරමින් සමුළුවට සහබාගී කරවා තිබීම කණගාටුවට කරුණකි.
එක් අවස්ථාවක ශාලා අංක 23 හී පැවති වැඩ සටහන තුලදී ලංකා රජයේ නියෝජිතයින් හැසිරුනේ ඉතාමත් පහත් අන්දමිනි. ජන්ද විමසීම ජයග්‍රහණයෙන් හෝ පරාජයෙන් අවසන් වීම වෙනත් කරුණකි . එහෙත් රාජතාන්ත්‍රික නියෝජිතයින් මෙම සමුළුව තුලදී හැසිරුනේ නොදරුවන් ලෙසයි . ඔවුන් විසින් එම වැඩසටහන පුරාවටම දිගින් දිගටම බාධාවන් සිදු කල අතර එක් වරක් ආරක්ෂක නිළධාරීන්ද පැමිණෙන ලදි .

යුද ජයග‍්‍රහණය සඳහා කිසිම ජාතියක් උදව් නොකළ බව කියන ජනාධිපතිට ‘මේන් ස්ටී‍්‍රම්’ වෙතින් පිළිතුරක් !


2009 වසරේ මැයි මාසයේ ශී‍්‍ර ලංකා හමුදාවන් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරදා ලබාගත් යුද ජයග‍්‍රහණයට ලෝකයේ කිසිදු රටක් උදව් නොකළ බව කියන, එය තමන්ගේ ඒක පුද්ගල වීරවික‍්‍රමයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන, ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙත ඇමරිකානු ආරක්‍ෂක අංශ එම වකවානුව තුළ කි‍්‍රයා කළ ආකාරය සංක්‍ෂිප්තව ගෙන හැර දැක්වීමට ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් අවසන් සටන මෙහෙයවීම සඳහා නිර්මාණය කළ ‘මේන් ස්ටී‍්‍රම්’ කණ්ඩායමේ සාමාජිකයෙක් පහත තොරතුරු අප වෙත අනාවරණය කර සිටියේය.


දයාන් ජයතිලක සහ තමරා කුලනායගම් කැපෙයි


මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව පිලිබදව ඉදිරිපත් වූ යෝජනාව පරජය වූ නමුත් සතරදිගින්ම තානාපතිවරු ජිනීවා කරා කැදවන ලද අතර එක් පැයක ගුවන් ගමනක දුරින් සිටි ප‍්‍රංශයේ තානාපති දයාන් දයතිලක මහතා නොකැඳවිම ජිනීවා තානාපති අංශවල විශේෂ කතාබහට හේතුවක් වී තිබේ.
ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම්, ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති සරත් කොන්ගහගේ, ජිනීවාවල හිටපු තානාපති ශෙනුකා සෙනවිරත්න යානදි තානාපතිවරුන්ගෙන් මානව හිමිකම් කවුන්සිලය පිරිගිය නමුත් 2009 දී ශ‍්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පරාජය කිරීමට මූලිකත්වය ගත් දැනට ප‍්‍රංශයේ තානාපතිවන දයාන් ජයතිලක මහතා කැඳවා තිබූනේ නැත.

එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මතවීම ගැන ජීඑල් ඇමරිකාවටත් වඩා සංතෝෂයෙන්


ඇමරිකා එක්සත් ජනපදය විසින් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව පිළිබද ඡන්ද විමසීමේදී ඇමරිකාව වැඩි ඡන්ද 9කින් ජයග‍්‍රහනය කිරීම පිළිබදව ශ‍්‍රී ලංකාවේ නාමික විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉතා සතුටින් පසුවන බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් තමාව කොන්කරමින් මානව හිමිකම් ක්ෂේත‍්‍රයට කිසිදු අදාලත්වයක් නැති වැවිලි කර්මාන්ත ඇමතිවරයාගේ යටතේ ජිනීවාහිදී ක‍්‍රියාකිරීමට සිදුවීම පිළිබදව දැඩි අසංතෝෂයකින් සහ අසහනයකින් පසුවූ විදේශ අමාත්‍යවරයා මුලසිටම ජනාධිපතිවරයාගේත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේත් ක‍්‍රියාකළාපයන් විවේචනය කිරීමේ ස්ථාවරයක රැඳී කටයුතු කළේය.

Share this article with your friends