Tuesday, March 27, 2012
ලංකාවේ ගණිකාවන් සොයා යන පිරිමින්ගේ තරම
ලංකාවේ ගණිකාවන් 47,000 යි
ගණිකාවන් සොයන පිරිමි 90,000 යි
ශ්‍රී ලංකාවේ පිරිමින් අනුදහසක් (90,000) පමණ අනාරක්‍ෂිතව ගණිකා සේවනය කරතියි ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය කියයි.
ශ්‍රී ලංකාව තුල එච්.අයි.වී ඒඩ්ස් හා ලිංගාශ‍්‍රිත රෝග අවම කිරීමේ අරමුණින් 2012 වසර සඳහා සැකසෙන සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් අනුරාධපුර දී පැවති විද්වත් සාකච්චාවේදී විශේෂ දේශනයට එක වෙමින් වෛද්‍යවරිය මේ බව පවසා ඇත.
ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ කෙසේද? -සේනක වත්තේගෙදර
යුරෝපයේ ඇතැම් රටවල තානාපති කාර්යාල ඉවත් කිරීමට යන බවට ආරංචි පැතිරෙමින් තිඛෙන අතර එය රාජතාන්ත්‍රික අනුවණ ක්‍රියාවකි. එක්සත් ජනතා නිදහස් සංධානයේ සිටින ජාතිවාදී පක්ෂවල සහ අනුවණ දේශපාලකයින්ගේ කීම් අසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුද? නැද්ද? යන්න පිළිබඳව ජනමත විචාරණයක් පවත්වන්නට යන්නේ නම් එයද රටට අවාසිදායක වාතාවරණයක් නිර්මාණය වනු ඇත. එහිදී ජාති මාමකයින් හා ජාතී ද්‍රෝහීන් ලෙස ජනතාව කොටස් වලට ඛෙදනු ඇත. මේ සියල්ල දේශපාලන අනුවණ ක්‍රියාය.
ජාතික රග්බි සංචිතයට යෝෂිත හා නාමල්

මසකට 25,000 ක්
තරඟ කාල වලදී 50,000 ක්
ජාතික රග්බි සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් 37 දෙනෙකු වාර්ෂික ගිවිසුමකට ඇතුලත් කරගනිමින් රග්බි ක්‍රීඩාව වෘත්තීය ක්‍රීඩාවක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පියවර ගෙන ඇත.
නාවිකා හමුදා පිල නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙම සංචිතයට ඇතුලත්ව සිටි.
ජනපතිගේ කුණු බැණුම් ඉවසා ගත නොහැකිව තොණ්ඩා අස්වේ
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අමාත්‍යාංශය යටතේ පාලනය වන මිල්කෝ ආයතනයේ සභාපති ලෙස රොහාන් වික‍්‍රමසිංහ නැමැති අය පත් කර ඇත්තේ ජනාධිපති ආර්යයාවයි. එහෙත් පසුගිය කාලය තුළ මෙම ආයතනය දවසින් දවස ආර්ථික වශයෙන් කඩා වැටෙමින් තිබුණද ජනාධිපති ආර්යාව හා සභාපතිවරයා අතර පවතින ඥාතීත්වය මත කිසිවෙකු ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර නොමැත.
ජනතා විරෝධය යටපත් කිරීමට ‘පාදඩ’ බලකායක්
මර්වින් සිල්වා, ඩිලාන් පෙරේරා, රෝහිත අබේගුණවර්ධන, සුසන්ත පුංචිනිලමේ යන අමාත්‍යවරුන් මෙන්ම කනක හේරත්, උදිත ලොකුබණ්ඩාර යන මන්ත‍්‍රීවරුන්ද රත්මලාන ආසනයේ සංවිධායක චන්දන කත‍්‍රිආරච්චි මහතාද ශ‍්‍රී ලංකා වරාය හා තරුණ සේවා සභාව යන රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ද මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරයි. එයාෆෝස් නිශාන්තට අමතරව ත‍්‍රිවිධ හමුදාවල සාමාජිකයින් 25කුද මෙම බලකායේ සම්බන්ධීකරණ කටයුතු සඳහා යොදවා තිබේ.
ජනාධිපතිගේ ජනප‍්‍රියතාවය සෙවීමට ජනමත විමසුමක්
ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකාවට නොවේ - PWC
සහෝදරත්වයේ ජනතා පවුර (PWC) සංවිධානය විසින් අද (26) කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී කැදවා තිබු මාධ්‍ය සාකච්ජාවේදී හෙතෙම එබැව පැවසිය.
සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ විධායක කමිටු සාමාජික හා සම කැඳවුම්කරුවන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති, රාමලිංගම් චන්ද්‍රසේකර් හා සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක සින්නතුරෙයි රාජේන්ද්‍රන් හා මඩකලපු දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක මොහොමඞ් ජමිල් මොහොමඩි රාවුෆ් යන අය සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසිය.
දිනමිණ රාතී‍්‍ර කර්තෘට සම කර්තෘ පහරදෙයි
දිනමිණ පුවත්පතෙහි රාත්‍රි කර්තෘවරයෙකු වන ප්‍රබුද්ධි රණසිංහට එම පුවත් පතෙහිම සේවය කරන සම කර්තෘ ගාමිණී ජයලත් පහර දී ඇති බව වාර්තා වෙනවා.
මෙම සිදුවීමට මූලික වී ඇත්තේ ඔහු විසින් සංස්කරණය කරන ලද මුද්‍රණය වීමට නියමිතව තිබූ පිටුවක් රාත්‍රී කතෘවරයා විසින් දිනමිණ පුවත්පතෙන් ඉවත් කිරීමයි.
බහින්බස් වීමකින් පසුව ආයතනය තුලදීම ප්‍රබුද්ධි රණසිංහ හට ගාමිණී ජයලත් පහරදීම නිසා මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ 55 වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.
Subscribe to:
Posts (Atom)

