Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

මගේ දිවි ගැලවුවේ ජනපති - ජීවන්ගේ මස්සිනා


මගේ බෙල්ලෙන් අල්ලගෙන තල්ලුකරගෙන ගියා... 
කෑගහන්න උත්සාහ කළාම කට වහලා මට ගැහුවා... 

සුදු වෑන් රථයකින් රථයකින් පැහැරගෙන ගිය තමාට නිදහස ලැබුනේ ජනාධිපතිවරයාගේ හා  ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  මැදිහත්වීම මත බව බස්‌නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්‌සිනා වන සාගර සේනාරත්න මහතා පවසයි. 

ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බව පෙරේදා (26) රාත්‍රියේ සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක්‌ව නිදහස්‌ වී පැමිණි සේනාරත්න මහතාකියා සිටියි.

ව්‍යාජ මනෝ වෛද්‍ය ප්‍රවීන් ජයමහ අත්අඩංගුවට


මනෝ වෛද්‍යවරයෙකු , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු සහ ළමා මානසික සෞඛ්‍ය හා පෝෂණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙස පෙනී සිටිමින් ජනතාව කාලයක් පුරා මුළා කල ප්‍රවීන් ජයමහ නොහොත්  ජේ එම් පී ජයමහ නමැති මගෝඩියා මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මොහු මාධ්‍යවේදීන් නොමග යවමින් සිරිකත, බුදුසරණ වැනි පුවත් පත් වලටද ලිපි සපයමින් මුදල් ගෙවා රුපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන්ද පවත්වා තිබේ. 

මෙම වංචාවන්ට අමතරව ජනපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකුගේ හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපි ශීර්ෂ යටතේ මොහු ව්‍යාජ අස්සන් යොදා මහනුවර ධර්මරාජය ඇතුළු පාසල් ගණනාවකට ළමුන් ඇතුළත් කිරීම සඳහා කූට ලේබන සකසා තිබේ. 

ලොව වටිනාම කේක් ගෙඩිය ලංකාවෙන්


අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ සුපවේදී දිමුතු කුමාරසිංහ විසින් ලොව වටිනාම කේක් ගෙඩිය නිපදවීමට සමත්වී ඇත.මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 35 කි.

නිල්මැණික් දහයක්, රන් ආභරණ දහයක්, චොක්ලට් රස දහයක් ඇතුළත් මේ කේක්ගෙඩිය හදුන්වා ඇත්තේ "පයිරෙට්ස් ෆැන්ටසි" යන නමිනි. මුහුදු කොල්ලකරුවන් දස දෙනකු විසින් ඔසොවාගෙන එනු ලබන අයුරින් කැර ඇති මේ නිර්මාණය කාලතුවක්කුවක් මත තබා ඇත.

මේ කේක් ගෙඩිය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ශ්‍රී ලංකා හා එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම් මේ කේක් ගෙඩිය බැලීමට ආ පිරිස අතර වෙයි. 


එම කේක් ගෙඩියේ ජායාරූප පහතින් බලන්න  


මහින්ද අබේසුන්දර දිනමිණ කර්තෘ ධුරයෙන් ඉවතට


මෙයට පෙර අප පුවතකින් හෙළි කර සිටියේ දිනමිණ කතෘවරුන් දෙදෙනෙකු අතර සිදුවූ පහර දීමක් පිළිබඳවයි.

මෙම පහරදීම හා තවත් අභ්‍යන්තර ගැටුම් කිහිපයක් හේතුවෙන් "දිනමිණ" ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ඊයේ (27 වැනිදා) සිට එම ධුරයෙන් ඉවත් කර උපදේශක කර්තෘවරයකු ලෙස පත්කිරීමට ලේක්‌හවුස්‌ ආයතන පරිපාලනය පියවර ගෙන ඇත.

මේ පිලිබඳ දිනමිණ පුවත්පත කිසිවක් වාර්තා කර නොතිබුනත් ඇතැම් මාධ්‍යය වාර්තා කර තිබුනේ මහින්ද අබේසුන්දර මහතාට ලබා දී ඇත්තේ උසස්වීමක් බවයි






තොණ්ඩමන් ෂේප්කර ගැනීමට බැසිල්ගෙන් අල්ලසක් ?


ජනාධිපතිවරයා සමඟ මතබේදයක් ඇතිකරගෙන සිටින අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩුව තුළ රඳවා ගැනීම සඳහා සාකච්ඡුා පවත්වන ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ මහතා පශු සම්පත් සහ ග‍්‍රාමීය ප‍්‍රජාසංවර්ධන අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබා දීමට එකඟත්වය පළකර තිබේ.
ලංකා කම්කරු ක්‍රොන්ග‍්‍රසයේ නායක මුත්තුසිවලිංගම් මහතා සමඟ ඊයේ (27) පස්වරුවේ පැවති සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම එකඟත්වය පළ කර තිබේ.

දූෂිත ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ ලැයිස්තුව යට ගසයි


දූෂිත ක‍්‍රියාවලට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පලාත් සභා හා පළාත පාලන ආයතන මන්ත‍්‍රීවරුන්ගේ නාමලේඛනයක් ලබාදෙන ලෙස එම පක්ෂයේ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම නොසලකා හැර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

පොලිස්පතිවරයා පොලිස් කොට්ඨාශ මට්ටමින් මෙවැනි වාර්තාවක් ඉල්ලා තිබුණද මෙතෙක් ඊට අදාළ ලැයිස්තුවක් සකස්කොට නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

මාලදිවයිනේ පාරක් සෑදීමේ කොන්ත‍්‍රාත්තුව නාමල්ගේ හිතවතෙකුට


මාලදිවයිනේ Addu දූපතෙහි කිලෝමීටර් 4.8ක් දිගැති මං තීරු දෙකක ඇස්පෝල්ට් කොන්ක‍්‍රීට් මාර්ගය ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට හිතවත් ඉන්ටර්නැෂනල් කන්ට‍්‍රක්ශන් කන්සෝටියම් ප‍්‍රයිවට් ලිමිටට් වෙත ලබා දීමට තීරණය වී ඇත. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 9,900,000 (වැට් රහිත) කොන්ත‍්‍රාත් ගිවිසුමකට එළඹීමට නියමිතය.
2011 නොවැම්බර් මාසයේ මාලදිවයිනේ පැවැති සර්ක් සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මාලදිවයින රජයේ ආණ්ඩුවSunset bridge වෙතින් ආරම්භවී Addu දූපතෙහි Maradhoo iy Feydhoo හරහා දිවෙන කිලෝමීටර් 4.8ක් දිගැති ඇස්කෝට් කොන්ක‍්‍රිට් මාර්ගයක් ඉදි කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ සහය ඉල්ලා තිබිණි. ඒ අනුව එම මාර්ගය ඉදි කිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන දහයක් නොයික්මවන ප‍්‍රදානයන් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා රජය හා මාලදිවයින ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණ.

දූෂිත රියල් අද්මිරාල්ට ආර්යාවගේ රැකවරණ


රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇති ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් (ඉංජිනේරු) රියල් අද්මිරාල් මහේෂ් ගුණසේකර (ගුණසේකර නානයක්කාර විජේරත්න වික‍්‍රමසිංහ ගුණසේකර වාසල මුදලිලාගේ ගාමිණී මහේෂ්) මහතාගේ තනතුර ආරක්ෂා කර දීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් වී සිටි.
ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කටයුතු අධීක්ෂණය කරන ලබන ආර්යාව එම දූෂිත අද්මිරාල්වරයා වෙනුවෙන් ඉදිරිපත් වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම මතය.

Share this article with your friends