Chitika Smowtion 468x60


Friday, March 30, 2012

මහින්දානන්දට එරෙහිව නාමල් කුමන්ත‍්‍රණයක


ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරණ ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත පෙරේරාට දැනුම් දී තිබේ.
දෙවතාවකට වඩා ක‍්‍රීඩා සංගමයක ප‍්‍රධාන තනතුරු දරන්නේ නම් ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු අතර, ඒ අනුව වාර දෙකක් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධූරය දැරූ පාලිත පෙරේරා මහතා තවත් ධූර කාලයක් සඳහා සභාපතිධූරයේ රැඳී සිටීමට යොමු කර තිබූ ඉල්ලීම ක‍්‍රීඩා ඇමතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණ. නාමල් මන්ත‍්‍රීවරයා පාලිත පෙරේරා මහතාව නඩු මගට පොළඹවා ඇත්තේ ඒ අනුවය.

නිමල් ඩබල් ගේමක් ගැහුවා - අනුර, ජනපතිට කියයි


මානව හිමිකම් සැසිවාරය සඳහා ජීනීවා ගිය ශ‍්‍රී ලාංකික නියෝජිතයින් පිරිසට නිසි වගකීමක් හා නිසි කාර්යභාරයක් පවරා නොතිබුණ බවත්, බොහෝ සංවාදවලට එක්වූ නිමල් සිරිපාල අමාත්‍යවරයා සමහර අවස්ථාවලදී ඇමෙරිකාවට වාසි සහගතවන පරිදි කටයුතු කළ බවත් ජීනීවා සවාරියට එක්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පවසා තිබේ.

චන්ද‍්‍රිකා සමග රනිල් - මංගල ඉන්දීය සංචාරයක


හිටපු ජනාධිපතිනී චන්ද‍්‍රිකා බණ්ඩානාරයක කුමාරතුංග මහත්මිය ලබන මස මුදලදී ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ සමුළුවක් සඳහා සහභාගීවීමට නියමිත අතර, ඒ සඳහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ජෝන්ගේ නිර්දේශ දැක ජනපතිට මල පනී


රජයේ රැකියා සඳහා අයදුම් කර තිබූ උපාධිධාරීන් හතළිස්දාහකට රැකියා ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා නිර්දේශ කර තිබීම පිළිබඳව ජනාධිපතිවරයා බලවත් සේ කෝපයට පත්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් සම්මුඛ පරීක්‍ෂණ කැඳවා රාජපක්‍ෂවරුන්ට හිතවත් පිරිසක් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබියදී ජෝන් සෙනෙවිරත්න මහතා සිදු කළ මෙම නිර්දේශය තමාට එරෙහිව එල්ල කළ කනේ පහරක් බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.

විදෙස්ගත ජනමාධ්‍යවේදියකුගේ දියණිය රාජ්‍ය මාධ්‍ය විසින් ඉලක්ක කර ගැනීම හෙළා දකින්න


අයිතීන්_සඳහා එකමුතුව නම් ශ්‍රී ලාංකික ජනමාධ්‍ය වේදීන්ගේ සහ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ජාලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් විදෙස්ගත ජනමාධ්‍යවේදියකුගේ දියණියද ඉලක්ක කර ගනිමින් ගෙන යන වෛර ප්‍රචාරය නොපැකිළව හෙළා දකියි. මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ වගවීම අරභයා යෝජනාවක් සම්මත කිරීමට අදාළව ය. මේ වනාහී නිසැකවම ශ්‍රී ලංකාවෙහි විසංවාදී අදහස් මර්දනය සඳහා සිතා මතා දැරෙන පියවරකි.
පසුගිය සති කිහිපය පුරා රාජ‍්‍ය පාලිත අයිටිඑන් රූපවාහිනී නාලිකාව විදෙස්ගත ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාගේ බාල වසස්කාර දියණියගේ පසුබිම් දර්ශන 24 වතාවක් පෙන්වා තිබේ.

රාජ්‍යතාන්ති‍්‍රක මොළය අපට පහළ වන්නේ කවදාද? - මෛතී‍්‍රපාල සිරිසේන අසයි


‘‘තමා නියම බෞද්ධයෙකු බවත්, බෞද්ධාගම අනුව කළ යුත්තේ සතුරන් මිතුරන් කර ගැනීමත් - මිතුරන් ශක්තිමත් කර ගැනීමත්ය.’’ නමුත්, අද සිදුවන යම් යම් දේ විමසීමේදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් බවත්, එම තත්ත්වය නිවැරදි කරවා ගැනීම සඳහා අවශ්‍ය ‘රාජ්‍යතාන්ති‍්‍රක මොළය’ අපට පහළ වනවිට සිදුවිය යුතු සියලූදේම සිදුවී අවසාන විය හැකි බව අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.

ඉන්දියාව බැසිල්ව ඇන්ද වූ බව ජනාධිපති කියයි


තම සොහොයුරා වන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ඉන්දියාව විසින් විහිළුකාරයෙකුගේ තත්ත්වයට ඇද දමා ඇති බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට තිබේ.

ජිනීවාහි ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඉන්දියාව න්දය දීමෙන් පසු ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර පළුදු වී ඇති රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා යළි ගොඩනැංවීම සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දියාවට යාම සඳහා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතත්, එසේ අවසර ලබාදීම ජනාධිපතිවරයා ප‍්‍රතික්‍ෂෙප කොට තිබේ.

‘වාහිබ්’ සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉන්දියාවේ අවධානය


ශී‍්‍ර ලංකාවේ බේරුවල ප‍්‍රදේශය පදනම් කොට ගෙන කි‍්‍රයාත්මක වන දැඩි මූලධර්මවාදී මුස්ලිම් සංවිධානයක් වන ‘වාහිබ්’ සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉන්දීය රජය මේ වනවිට දැඩි සුපරික්‍ෂාකාරීව පසුවන බව වාර්තාවේ.
ඇමරිකන් අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා ලෝකය පුරා මුස්ලිම් මතධාරීන් ගෙන යන මතවාදී සහ සන්නද්ධ අරගලයේ දේශීය කි‍්‍රයාකාරිකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ‘වාහිබ්’ සංවිධානය, පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව පරාජය කිරීම සඳහා, ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජනයා බහුලව වෙසෙන නගර කිහිපයකම පෙළපාලි සහ උද්ඝෝෂණ සංවිධානය කොට ඇත.

Share this article with your friends