Chitika Smowtion 468x60


Monday, April 2, 2012

මස්සිනාගේ කට නිසා ජීවන්ට ජනාධිපතිගෙන් කුණු බැණුම්


සුදු වෑන් රථයකින් පැහැරගෙන යනු ලැබූ තමාව නිදහස් කර ගැනීමට මැදිහත් වූයේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බවට ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ සොහොයුරු, හිටපු පලාත් සභා මන්ත‍්‍රී සාගර සේනාරත්න මහතා ‘දිවයින’ පුවත්පතට කර තිබූ ප‍්‍රකාශයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා ජීවන් කුමාරතුංග ඇමතිවරයාට කුණුහරුපයෙන් බැණ වැදී තිබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජීවන් කුමාරතුංග ඇමතිවරයාද දුරකතන ඇමතුමක් ලබා දී, සාගර සේනාරත්නට කට පරිස්සම් කරගෙන සිටින ලෙසත් එසේ නොවූවොත් ඉදිරියේදී අනවශ්‍ය කරදර ඇති විය හැකි බවටත් අනතුරු හගවා ඇත. කිසිදු මාධ්‍යකට කිසිවක් හෝ ප‍්‍රකාශ නොකරන්නැයි මස්සිනාට තදින් අවවාද කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා ජීවන් ඇමතිවරයාට දැඩිව ප‍්‍රකාශ කර ඇත.

තේ මණ්ඩලයේ සභාපතිනිය VIP පහසුකම් ඉල්ලයි


තේ සංවර්ධන මණ්ඩලයේ වත්මන් සබාපතිනි ජානකී කුරුප්පු මහත්මිය, තමාට කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තය හරහා විදෙස් සංචාරවලට සහභාගිවීමටත්, ඒමටත් පහසුකම් සලසා දෙන ලෙස ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ නියෝජ්‍ය සබාපති කමල් රත්වත්ත මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තය හරහා විදේශ ගතවීමටත් යළි පැමිණීමටත් අනුමැතිය ලබා දී ඇත්තේ පාර්ලිමන්ත‍්‍රීවරුන්, ආගමික් නායකයින් හා නිශ්චිතව නම් කළ පුද්ගලයන් සුළුපිරිසකට පමණි. රාජ්‍ය ආයතනවල සබාපතිවරුන්ට මෙතෙක් එම වරප‍්‍රසාදය ලබා දී නොමැත.

වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි


ටොයෝටා ඇලියන් ලක්ෂ 15 කින් 
ටොයෝටා විට්ස් ලක්ෂ 12 කින්
හයිබ්‍රිඩ් මෝටර් රථ ලක්ෂ 10 කින් 
මරුටි ලක්ෂ 3 කින් මිල ඉහල යන ලකුණු 


පසුගිය 31 වනදා රජය විසින් හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු ප්‍රතිශතය ඉඅහල දමනු ලැබුවා.මෙයට හේතුව ලෙස රජය විසින් ඉන්ධන ඉල්ලුම ඉහල යාම හා වාහන තදබදය ඉහල යාම ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා.


Sunday, April 1, 2012

Colombo Dog Show 2012


Photography by Chamath Dayne | Dailymirror
ජායාරූප සියල්ලම 
මෙතනින්.


මම රංගනයෙන් ඉවත්වූනේ පෙම්වතාගේ ඉල්ලීමට නොවේ - නදීෂා


පෙම්වතා රගපෑමට තමා දිරි ගැන්වූවා මිස 
ඔහු එය කඩාකප්පල් නෑ...

අමන්දා ටෙලියේ දගකාර කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපා ඇත්තෙන්ම රංගනයෙන් ඉවත්වූයේ ඇයගේ පෙම්වතාගේ ඉල්ලීමට නොවන බව ඇය පැවසුවාය.

එය තමා විසින් ගත් තනි තීරණයක් බවත් පැවසූ නදීෂා කියා සිටියේ තමාට රගපෑමෙන් ඉවත්වීමේ අවශ්‍යතාව ඇතිවූයේ අමන්දා ටෙලියේ ‘කැතී’ගේ චරිතය නිරූපනය කිරීමේදී බවද ඇය කීවාය.


කෙසේවුවද ඒ අවස්ථාවේ තමා එම මෙගා ටෙලියේ ගිවිසුම් අත්සන් කර තිබූ හෙයින් එම තීරණය ගැනීමට නොහැකිවූ බවද ඇය සඳහන් කළාය.තම පෙම්වතා රගපෑමට තමා දිරි ගැන්වූවා මිස ඔහු එය කඩාකප්පල් කිරීමට උත්සාහ නොකළ බවද නදීෂා පැවසුවාය.

ඩොලර් මිලියන 640ක ලොතරැයිය


Rick Bowmer/Associated Press
මෙගා මිලියන් ලෙස නම් කර ඇති ලොව විශාලතම ත්‍යාග මුදලක් පිරිනමන ලොතරැයි දිනුම් ඇදීම මේ දිනවලදී ඇමරිකාවේදී පැවැත්වෙනවා. 

ඇමරිකානු ඩොලර් මිලියන 640ක් හෙවත් රුපියල් කෝටි 8200 පමණ වෙන මෙම ත්‍යාග මුදල දිනා ගැනීමට බොහෝ දෙනෙක් උත්සහ කරා. මේ අතර පුවත්පත් වාර්තා සදහන් කරන ආකාරයට මේ වනවිට Maryland, Illinois හා Kansas යන ප්‍රදේශ වලින් ටිකට්පත් මිලට ගත්තවුන් තිදෙනෙක් ජයග්‍රහණය කර ඇති බවට දැන ගන්නට ඇතිමුත් ඔවුන් තවම ඉදිරිපත් වී නැහැ.


ගබ්සා නීතියට කතෝලික සභාවේ විරෝධය


ශ්‍රී ලංකාවේ පවතින යල්පැන ගිය ගබ්සා නිතිය වෙනස් කිරීමේ වැයමක් පිලිබදව වාර්තා අප ඔබට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ දැනට පවතින නිතිය අනුව ගබ්සාවක් සිදුකල හැක්කේ අදාල කළලය දරා සිටින මවගේ ජිවිතයට අනතුරක් සිදුවෙනවානම් පමණි. 

එනමුත් නිත්‍යානුකූල නොවන අයුරින් දිනකට ගබ්සා කිරීම් සිය ගණනක් සිදුවන අතර එමනිසා ගැබිණි මව්වරුන් මියයාමේ සිදුවීම්ද වාර්තා උනා.කෙසේ වෙතත් අඩු වයසේ දැරිවියන් දුෂණයට ලක්වීම වැනි කරනා වලදී ගබ්සා කිරීමට හැකිවන අයුරින් නීති යාවත්කාලීන විය යුතු බව ඇතැමුන් පවසනවා.

වාහන බදු අද රාත්‍රී සිට විශාල ලෙස ඉහලට


බදු වැඩිවීම
පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වා 
ඩීසල් කාර් 180% සිට 250% දක්වා
ත්‍රීවීල් 51% සිට 100% දක්වා
මෝටර්සයිකල් 61% සිට 100% දක්වා

හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු අද මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් ඉහල දමා තිබෙනවා.

ඒ අනුව සිලින්ඩර ධාරිතාව 2,000 ට අඩු දෙමුහුම් (හයිබ්‍රිඩ්) කාර් සඳහා බදු 51% සිට සියයට 60% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

සිලින්ඩර ධාරිතාව 2000 ට වැඩි හයිබර්ඩ් කාර් සඳහා අයකෙරෙන බද්ද 75% සිට 100% දක්වාත්

සිලින්ඩර ධාරිතාව 3,000 ට වැඩි හයිබර්ඩ් කාර් සඳහා 100% පැවති බදු ප්‍රතිශතය 125% දක්වාත් ඉහළ යනු ඇත.

මීට අමතරව සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් කාර් සඳහා 120%ක් ව පවති බද්ද 200% ක් දක්වා ඉහළ දමා ඇති අතර,

සිලින්ඩර ධාරිතාව 1000-1600 අතර පෙට්‍රල් කාර් සඳහා 129%ක් ව පැවති බද්ද ද 200% ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

සිලින්ඩර ධාරිතාව 1600-2000 අතර පෙට්‍රල් කාර් සඳහා 136%ක් ව පැවති බද්ද 200% ක් දක්වා ඉහළ දමා තිබෙන අතර සිලින්ඩර ධාරිතාව 2,000 ට වැඩි පෙට්‍රල් කාර් සඳහාවූ 154%ක් ව පැවති බද්ද ඉහල යන්නේ 250% කින්

ත්‍රී රෝද රථ සඳහා 51%ක් ව පැවති බද්ද 100% දක්වා ඉහල යන අතර මෝටර් සයිකල් සඳහා 61%ක් ව පැවති බද්ද ද 100% දක්වා ඉහල යනු ඇති

එම බදු ඉහල දැමීම විස්තරාත්මකව පහත පරිදිය

Share this article with your friends