Monday, April 2, 2012
වම දකුණ මාරුවූ ඇමති බන්දුල
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැති උත්සවයකට සහභාගී උනා. එය පැවැත්වුනේ "හෙට වෙනුවෙන් අද" නමැති ව්‍යාපාරය වෙනුවෙනි. එම උත්සවයේදී සිසුන් හවස 6:30 ත් 9:30 ත් අතර අනවශ්‍ය විදුලි පහන් නිවා දමන බවට පොරොන්දු වුවා.
කෙසේ වෙතත් එම පොරොන්දුව ගන්නා අවස්ථාවේ ගන්නා ලද ජයාරූපයක් පහත දැක්වෙනවා. එහි දක්වෙන අන්දමට ඇමතිතුමාට වම දකුණ මාරු වී තිබෙනවා.
කෑගල්ල මොළගොඩ බස් - වෑන් ගැටුම
පානදුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක් කෑගල්ල දෙසට ගමන් කළ වෑන් රථයක් සමග මොළගොඩ මිල්ලන්ගොඩ පිරවුම් හල අසලදී ඊයේ (01) දින මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ දෙදෙනකු එම ස්‌ථානයේදීම මියගොස් ඇති අතර වෑන් රථයේ ගමන් කළ අට දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
උදෑසන 07.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථය තවත් බස් රථයකට ඉස්‌සර කර යැමේදී මෙම අනතුර සිදුවී ඇති බව කෑගල්ල පොලිසිය පැවසයි.
එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින් බලන්න
උදෑසන 07.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථය තවත් බස් රථයකට ඉස්‌සර කර යැමේදී මෙම අනතුර සිදුවී ඇති බව කෑගල්ල පොලිසිය පැවසයි.
එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින් බලන්න
ජායාරූප හා විස්තර : ඔසඳ නිදන්වත්ත
ධනපති ප්‍රජාතන්ත්‍රවාදී කයිය - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
ඒ නිසා ඔවුන් ද එයට එකඟවී යෝජනාවට සංශෝධනයක් මතු කරමින් එයට හවුල් වුනා. අල්ලපු රටත්, දිගටම මහින්ද සමඟ සිටි සගයාත්, නායකයාත් මේ විදියට මහින්දට විරුද්ධවීම තුලින් ලොකු ලැජ්ජාවක් රජයට ඇති කලා.
ඇත්තටම ඇමරිකාවත්, ඉංදියාවත්, ඊශ්‍රායලයත් මේ රජයට ලොකුවටම යුද්ධයට උදව් උපකාර කල රටවල්. මේ යුද්දයේදී ලංකාව වැරදි කලා නම්, අපරාධ කලා නම් ඒ රටවල් වුනත් එයට අනියම් ලෙස පැටලෙනවා. ඔවුන්ට ඒකෙන් බේරෙන්න බෑ.
ජී.එල්. CIA කාරයෙක් - ඇල්ලේ හිමි
චන්ද්‍රිකාගේ පාලන සමයේ ජාත්‍යන්තර උවමනාව මත ‘පැකේජයක්’ ගෙනවිත් පොදු පෙරමුණ ආණ්ඩුව දේශපේ‍්‍රමී බලවේගවලින් දුරස්කළ ජී.එල්., අනතුරුව රනිල් ගේ එජාප ආණ්ඩුව සමයේ එල්ටීටීඊ සමඟ එක් වී සටන් විරාම ගිවිසුම් ගසමින් දේශපේ‍්‍රමී බලවේග පාවාදුන් බවත් උන් වහන්සේ කරුණු කාරණා සහිතව මෙහිදී පැහැදිලි කර තිබේ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කරවීමට දේශපේ‍්‍රමී බලවේග ගොනු වෙද්දී, ජාත්‍යන්තර උවමනාව මත කටයුතු කළ ජී.එල්. පීරිස් මහතා එවකට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ‘හෙල්පින් හම්බන්තොට’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ බවද උන් වහන්සේ සිහිපත් කර තිබේ.
සජිත් පිලෙන් වෙනම මැයි රැලියක්
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් 31 දා පෙරවරුවේ කුරුණෑගල ‘බ්ලූ ස්කයි’ හෝටලයේදී පවත්වා තිබේ. කුරුණෑගල ආසනයේ එජාප ක‍්‍රියාකාරී හමුවක් පැවැත්වෙන බවට සඳහන් කොට එම සාකච්ඡාව සංවිධානය කොට ඇත්තේ එජාප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතාය.
මස්සිනාගේ කට නිසා ජීවන්ට ජනාධිපතිගෙන් කුණු බැණුම්
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජීවන් කුමාරතුංග ඇමතිවරයාද දුරකතන ඇමතුමක් ලබා දී, සාගර සේනාරත්නට කට පරිස්සම් කරගෙන සිටින ලෙසත් එසේ නොවූවොත් ඉදිරියේදී අනවශ්‍ය කරදර ඇති විය හැකි බවටත් අනතුරු හගවා ඇත. කිසිදු මාධ්‍යකට කිසිවක් හෝ ප‍්‍රකාශ නොකරන්නැයි මස්සිනාට තදින් අවවාද කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා ජීවන් ඇමතිවරයාට දැඩිව ප‍්‍රකාශ කර ඇත.
තේ මණ්ඩලයේ සභාපතිනිය VIP පහසුකම් ඉල්ලයි
ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තය හරහා විදේශ ගතවීමටත් යළි පැමිණීමටත් අනුමැතිය ලබා දී ඇත්තේ පාර්ලිමන්ත‍්‍රීවරුන්, ආගමික් නායකයින් හා නිශ්චිතව නම් කළ පුද්ගලයන් සුළුපිරිසකට පමණි. රාජ්‍ය ආයතනවල සබාපතිවරුන්ට මෙතෙක් එම වරප‍්‍රසාදය ලබා දී නොමැත.
වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි
ටොයෝටා ඇලියන් ලක්ෂ 15 කින්
ටොයෝටා විට්ස් ලක්ෂ 12 කින්
හයිබ්‍රිඩ් මෝටර් රථ ලක්ෂ 10 කින්
මරුටි ලක්ෂ 3 කින් මිල ඉහල යන ලකුණු
පසුගිය 31 වනදා රජය විසින් හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු ප්‍රතිශතය ඉඅහල දමනු ලැබුවා.මෙයට හේතුව ලෙස රජය විසින් ඉන්ධන ඉල්ලුම ඉහල යාම හා වාහන තදබදය ඉහල යාම ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා.
Subscribe to:
Posts (Atom)


