ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ පූර්ණ ආශිර්වාදයෙන් කැස්බෑව නගරාධිපති ලක්ෂ් පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව කැස්බෑව සූරිය උදානය බක්මහ උළෙල 2012 අප්‍රේල් 14,15 දිනවල පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සදහා කැස්බෑව නගරසභාව, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිලියන්දල පොලීසිය ඒකාබද්ධව කටයුතු සංවිධානය කරමින් සිටී. එයට අනුග්‍රහය සහ දායකත්වය ලබාගැනීම සදහා 2012.03.17 දිනැතිව කැස්බෑව නගරසභාවේ ලිපි ශීර්ෂයෙන් ලක්ෂ්මන් පෙරේරා විසින් ව්‍යාපාරික භවතුන්ට, රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට, බක් මහ උළෙලේ සහ සහසංගීත සන්දර්ශණයේ වියදම් ඇස්තමේන්තුව යවා ඇත. බැංකුවලින් අවම වශයෙන් ලක්ෂ තුනක්ද සෑම ව්‍යාපාරික ස්ථානයකින්ම රුපියල් 50,000ක්ද ලබාදියයුතු බවද නියමකර ඇත.