Chitika Smowtion 468x60


Wednesday, April 4, 2012

ලංකාවේ බ්ලූ ෆිල්ම් නිෂ්පාදකයා


Pic- G.O.W
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොදා ගනිමින් වැඩිහිටි නීල් චිත්‍රපට නිෂ්පාදනය කරනා ලසන්ත විජේසේකර නම් පුද්ගලයෙක් පිළිබදව පසුගියදා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කරා.

මෙම ලසන්ත විජේසේකර ලංකාවේ ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍ය ආයතනයක මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කල අයෙක් වෙන අතර එම ආයතනයෙන් ඉවත් වුවත් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ එම මාධ්‍ය ආයතනයේ නාමය භාවිතා කරමින්.


ඒ සදහා ඔහුට එම ආයතනයේ ලබා දුන් "නේම් කාර්ඩ්ස්" භාවිතා කර තිබෙනවා. මෙම සිද්ධිය හෙළිකරගැනීම සඳහා ලසන්ත විජේසේකර හා බැලුම්ගල කණ්ඩායම අතර එක් අවස්ථාවකදී සිදුවන දෙබසක් පහත පරිදිය.

එව්වා කරන්න මෙහෙන් කට්ටිය ගන්නවද සර්? ඒවා ඊට පස්සේ විෂුවල්ස් කරනවද? ලංකාවේ චාටර් වෙයිද?

2500යෙන් ජිවත්වන හැටි බන්දුලගෙන් ඉගෙන ගත්තද?


කැම්පස් එකේ කෑම එක 25ට දෙනවනම් ඇයි අපිට බැරි ?

පුද්ගලයෙකුට මසකට රුපියල් 2500 කින් නොමැරී ජීවත්විය හැකි බවට අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පසුගියදා දේශපාලන වේදිකාව උණුසුම් වූ අතර ඊයේ (03) දිනයේදී ඒ සම්බන්ධව විශේෂ විවාදයක් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග දෙරණ වාද පිටිය වැඩසටහන ඔස්සේ පැවැත්වුවා.

එහිදී අදහස් පළකළ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජිවන වියදම යනු කන බොන දේ පමණක් නොව අනෙකුත් දෑ ද අඩංගු බවයි.නමුත් තමා කි කාරණය බොහෝ දෙනා වරදවා වටහාගත් බවත් තමා 2500 කින් ජිවත් විය හැකි බව කිවේ කෑමට බිමට යන වියදම ගැන පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරා.

වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයි


කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා.

හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ.

මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන මෙම තීරණය අනුව මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවා. බොහෝ වාහන වෙළඳසැල් පවතින්නේ කොළඹ හා මහනුවර නිසා ඒවා හම්බන්තොට සිට රැගෙන ඒමට ඒ අනුව වාහන වෙලඳසැල් හිමියන්ට අමතර වියදමක්ද සිදුවනවා.


අවුරුදු නිමාවත් සමඟ කැබිනට් සංශෝධනයක්


අලූත් අවුරුදු නිමාවත් සමඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ජෝතිෂ්‍ය හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂක සුමනදාස මහතා පවසයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ ඔහු එම කාරණය හෙළිදරව් කර තිබේ.
ජනාධිපතිවරයා මෙම වසර මුලදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට අදහස් කර සිටියද එය පමා කළේ තමා විසින් දුන් උපදෙස් මත බව පවසා ඇති සුමනදාස මහතා, ඉදිරියේදී එවැනි කාර්යයකට සුභදායි බව තමා පසුගියදා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද එම නිලධාරීන් හමුවේ පවසා තිබේ. ජනාධිපතිවරයා තමාගේ රෝගී තත්ත්වයට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ නැවතී ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනාධිපති අරමුදලින් මුදල් වෙන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මරාගේ ගෝලයෝ අභයගිරියෙනුත් ගසා කාලා


ජනාධිපතිවරයා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්කරනු ලැබූ නිමල් සිල්වා මහතාද මහාපරිමාන දූෂිතයකු බවත් ඔහු අභයගිරිය ස්ථූපය සංරක්ෂණය කිරීමේ කටයුතු වලින්ද ලක්ෂ ගණනින් ගසා කා ඇති බවත් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
එම ආරංචිමාර්ගවලට අනුව, අභයගිරිය ස්ථූප සංරක්ෂණය සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ගල්කඩවල පිහිටි ගඩොල් පෝරණුවකය. මෙම පෝරණුව මනා කළමණාකාරිත්වයෙන් යුතුව ඇතැම් වර්ෂවල ලක්ෂ අටකට අධික ගඩොල් නිෂ්පාදන කර තිබේ. එහෙත් නිමල් සිල්වා මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වීමෙන් පසුව එම ගඩොල් පෝරණුවේ කටයුතු අක‍්‍රීය වීමට ඉඩ හැර තිබේ. අනතුරුව ගඩොල් නිෂ්පාදනය පෞද්ගලික අංශයට ලබාදීමට ටෙන්ඩර් කැදවා ඇත. ඒ අනුව ඔහුට හිතවත් ටෙන්ඩර් කරුවෙකු වන රාජා සමරවික‍්‍රම නැමැති අයකුගෙන් එක ගඩොලක් රුපියල් 44 බැගින් ලබා ගැනීමට මොහු කටයුතු කර තිබේ. මෙම රාජා සමරවික‍්‍රමගේ ගඩොල් නිෂ්පාදන කටයුතු සිදුවන්නේ වෙන්නප්පුව ප‍්‍රදේශයේය. එහෙයින් සංරක්ෂණයට සුදුසු ගඩොල් නිෂ්පාදනයට ඔහුට අමුද්‍රව්‍ය තිබී නැත. එහෙත් මෙම අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ හිතුවක්කාරී තීරණය මත රාජාසමරනායකගෙන්ම ගඩොල් නිෂ්පාදනය කර ලබා ගැනීමට මොහු කටයුතු කර ඇත.

ලංකා බැංකු සභාපතිට ඉවත් වන්නැයි ෆැක්ස් නියෝගයක්


ලංකා බැංකු සභාපති ගාමිණි වික‍්‍රමසිංහ මහතාට වහාම එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පෙරේදා දහවල් ෆැක්ස් පණිවිඩයක් ලැබී තිබේ. වාර්තාවන අන්දමට සභාපතිවරයා, දිගින් දිගටම ජනාධිපතිවරයා මඟහැර සිටීම නිසා කෝපයට පත් ජනාධිපතිවරයාගේ නියමය මත මෙම ෆැක්ස් නියෝගය නිකුත් කර තිබේ.


ජනාධිපතිවරයා ලංකා බැංකු සභාපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදී, සභාපතිවරයා නිල කාමරයේ සිට ඇතත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය පවසා ඇත්තේ සභාපතිවරයා කාර්යාලයේ නොමැති බවයි. ඇය එසේ පවසා ඇත්තේ සභාපතිවරයාගේ ඉල්ලීම මතය. එහෙත් ජනාධිපතිවරයා වෙනත් මාර්ගයකින් සොයා බැලීමේදී සභාපතිවරයා කාර්යාලයේ සිටින බව තහවුරු කරගෙන තිබේ. සභාපතිවරයාට වහාම ඉල්ලා අස්වෙන ලෙස නියෝගය ලැබී ඇත්තේ ඉන් අනතුරුවය.

මරණ දඩුවම නියමවූ 5 කට, එස්.බි.ගේ මැදිහත්වීමෙන් සහනයක්


1988-89භීෂණ සමයේ පුද්ගලයන් එකොළොස්‌ දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට මරණීය දණ්‌ඩනය හිමිව සිටි සිරකරුවන් පස්‌දෙනකුගේ දඬුවම ජනාධිපතිවරයා මගින් විසි අවුරුදු දඩුවමක් දක්‌වා ලිහිල් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා මැදිහත්වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව එම පස්‌දෙනා මරණ දණ්‌ඩනය හිමි වූ සිරකරුවන්ගේ වැරැදිවලින් ඉවත්කර සාමාන්‍ය සිර මැදිරිවලට පෙරේදා (02වැනිදා) අනුයුක්‌ත කර ඇත.

නහයේ දුරටවත් පේන්නෙ නැති ආණ්ඩුවක් මේක - ජ.වි.පෙ.


ආණ්ඩුව අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායී සංඛ්‍යා ලේඛණ, මහා පිම්බීම් කෙතරම් ගෙනහැර දැක්වුවත් ඒ සියල්ල උඩුයටි කරමින් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය නිර්මාණය වී තිබෙනවා.
මේ අවුරුද්දේ 8.5%ක ආර්ථික වර්ධන ඉලක්කයක් ගැන කීවද මහ බැංකු අධිපතිවරයා දැන් එය 7.2%ක් දක්වා පහත වැටීමේ අනතුරක් ඇති බව ප‍්‍රකාශ කිරීම සංඛ්‍යාත්මකව කෙතරම් නිවැරදිද යන්න බරපතළ ගැටළුවක්ව පැවැතියත් ආර්ථිකයේ කඩා වැටීම ගැන එයින් පවා ඉගි කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (03) උදේ එම පක්ෂයේ පැලැවත්ත ප‍්‍රධාන කාර්යාලයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ද සහභාගි විය.

Share this article with your friends