Chitika Smowtion 468x60


Thursday, April 5, 2012

පැරණි රියදුරු බලපත්‍ර ඉදිරියේදී අහෝසි වෙයි?


රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත "රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" ක්‍රියාත්මක වීමත් සමග පැරණි රියදුරු බලපත්‍ර හිමි ලක්ෂ 40 කට පමණ නව "සමාර්ට්" රියුදුරැ බලපත්‍රය ගැනීමේ අවධානමක් මතුවී ඇත.

ඒ අනුව "රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" පළමුව දැනට ස්මාර්ට් රියදුරු බලපත්‍ර ඇති රියදුරන් සඳහා ක්‍රියාත්මක වෙන අතර පසුව ලක්ෂ හතළිහක් පමණ වන පැරණි රියදුරු බලපත්‍ර හිමි අයට එම ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව පැරණි රියදුරු බලපත්‍ර හිමියන්ට තමන්ගේ පැරණි රියදුරු බලපත්‍රය ලබාදී "සමාර්ට්" රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාවක් පවතී.මේවනවිට පැරණි බලපත්‍ර හිමියන්ට මෙම නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබඳ සාකච්ඡා කරමින් පවතී.

"රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" ක්‍රියාත්මක කරන කාල වකවානුව එළඹෙන අලුත් අවරුදු සමයෙන් පසුව දැනුම් දීමට නියමිතයි

රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු

බන්දුලගේ කතාවට ආපනශාලා හිමියෝ උත්තර බදිති


පසුගිය 03 වෙනිදා දෙරණ වාදපිටිය වැඩසටහන සහභාගී වූ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විශ්වවිද්‍යාල වල ඇති ආපන ශාලා වල අහාර පාන අඩුවට දෙන බව පුන පුනා ප්‍රකාශ කළා. එම අහාර පැකට්ටුවේ අඩංගු එළවළු, මාළු ආදියේ බර ප්‍රමාණය පවා සදහන් කල ඇමතිවරයා රවී කරුණානායක මන්ත්‍රීවරයා හා එම වැඩසටහනට කතා කල ප්‍රේක්ෂකයන් විමසු ගැටළු වලදී විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින්, කවි කියමින්, MDK ඉදිආප්ප පිටි පිලිබදව වර්ණනා කරමින් කාලය ගතකලා. 

එසේම පිටකොටුවේ විදියක ඇති ආපන ශාලාවක අහාර මිල සම්බන්ධයෙන් බොහෝ වතාවක් කරුණු ඉදිරිපත් කලා. කෙසේ වෙතත් බන්දුල ඇමතිවරයා විශ්වවිද්‍යාලවල ඇති ආපනශාලා වල විකුණන අහාර පාන ගැන කල ප්‍රකාශ වලට එම ආපනශාලා හිමියෝ පිළිතුරු දුන්නා. එහිදී ඔවුන් කියා සිටියේ තමන්ට විදුලිය, ජලය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන නිසා එම මුදලට අහාර ලබා දෙන බවයි. 

මෙහිදී අදහස් දැක්වූ රජයේ ආයතන වලට සේවය සපයන ආපනශාලා එකමුතුව මේ පිළිබදව දක්වන්නේ මෙවන් අදහසක්.

ශ‍්‍රීලනිප වෘත්තීය සමිති නායකයාගෙන් ජනපතිට දොස් මුරයක්


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් නොසලකා හැර මෑතකදී ආණ්ඩුවට එක් වූ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට විශේෂ සැලකිලි දැක්වීම පිළිබඳව එම පක්ෂයේ වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පසුගියදා ප‍්‍රසිද්ධියේම බැණ වැදී තිබේ.
පසුගිය සඳුදා අරලිය ගහ මන්දිරයේ පැවති ශ‍්‍රීලනිප සමස්ථ ලංකා කාරක සභාවේදී එජාපයෙන් පැමිණ මැති ඇමති ධුර ලබාගත් රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, ලක්ෂ්මන් සෙනවිරත්න වැනි අයට ඉදිරිපෙළ අසුන් පනවා තිබියදි ශ‍්‍රීලනිප වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාට පසු පෙළක අසුන් පනවා තිබී ඇත.

චමල්ගෙන් ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීවරුන්ගේ සංවිධානයක්


පාර්ලිමේන්තුව නියෝජනය කළ, දැනට ජීවතුන් අතර සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන්ගේ සංවිධානයනක් පිහිටුපවීම සඳහා කතානායක චමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටී.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගම් මට්ටමින් ශක්තිමත් කිරීම උදෙසා යැයි පවසමින් මෙම සංවිධානය පිහිටුවා ගැනීමට යයි. ඒ අනුව හිටපු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ පළමු සාකච්ඡාව ලබන 10වනදා පෙරවරු 9යට කථානායක නිල නිවසේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ලලිත් කොතලාවලගෙන් අලූත් සමාගම් 23ක්


සෙලින්කෝ සමූහ ව්‍යාපාරයන් හි හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා අලූතෙන් සමාගම් 23ක් මේවනවිට ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත ආරම්භකොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.


මෙම අලූත් සමාගම් සමූහය ශ්‍රී ලංකාවේ මූල්‍ය, රක්ෂණ, ඉදිකිරීම්, දේපල වෙළඳාම් සහ උගස් ෙක‍ෂAත්‍රයන්හි ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සංස්ථාපනය කොට ඇති අතර මෙම එකදු සමාගමකවත් ලලිත් කොතලාවල මහතා අධ්‍යක්ෂකවරයකු වශයෙන් පෙනී නොසිටී. ඒ සඳහා ක්‍රියා කිරීමට ලලිත් කොතලාවල මහතා විසින් පෙරකලාසිකරුවන් (Proxy holders) පත්කොට තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනියට මාසිකව මිලියන පහක අල්ලසක්


ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම විසින් මාසිකව රුපියල් මිලියන පහක අල්ලසක් ලබාදෙන බව එම සමාගමේ ඉහළ විධායකවරයකු හෙළිකර සිටී.
මෙසේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම එම අල්ලස් මුදල ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනියට පිරි නමන්නේ එම සමාගම රක්ෂණ මූල්‍ය ෙක‍ෂAත්‍රයේ සිදු කරනු ලබන විවිධ අවිධිමත් ක්‍රියා සහ පරිපාලන ක්‍රමවේදයන් උල්ලංඝනය කිරීම යටපත් කර ගැනීම සඳහා බව එම විධායක නිලධාරියා තවදුරටත් සඳහන් කර සිටියේය.

''සොෆ්ට් ලොජික්'' සේවකයන් කබලෙන් ලිපට


''සොෆ්ට් ලොජික්'' ව්‍යාපාර සමූහයේ සේවය කරන සේවක සේවිකාවන් මේ දිනවල කබලෙන් ලිපට වැටී ඇති බව අප වෙත වාර්තාවේ.


සොෆ්ට් ලොජික් සේවක සේවිකාවන්ට මෙම අකරතැබ්බය සිදු වී ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොලේ කොටස් මිලදී ගැනීම සඳහා එම සමාගම සේවක සේවිකාවන්ට ලබා දුන් ණය මුදල් සහ ඊට අදාළ පොලී මුදල් සමාගම විසින් මේ දිනවල සේවක වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කර ඇති නිසාය. මෙසේ එම ණය මුදල් සහ පොලිය අයකර ගැනීම නිසා පමණක් සේවක සේවිකාවන්ට සිය සම්පූර්ණ වැටුුපම ඒ සඳහා ගෙවීමට සිදු වී තිබේ.

ධර්මාශෝක වෙනවද ? මුගාබේ වෙනවද ? තීරණය ජනපති අතේ- මංගල


අද අප රටත්, රාජපක්‍ෂ රජයත් ඉතාමත්ම තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබෙන බවත්, රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරමින්, ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඉතිහාසයේ අඩුපාඩු හා වැරදි පසෙකට තබා රට වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන යමින් ධර්මාශෝක රජතුමා ගිය අඩිපාරේ යනවාද, එසේ නැතිනම් පුරුදු ගමන් මග යමින් ජාත්‍යන්තරව හුදකලා වූ චෞර රාජ්‍යයක් බිහි කරමින්, මුගාබේ වැනි ඒකාධිපතින්ගේ අඩිපාරේ යනවාද කියා තීන්දු කළ යුතු මොහොත අද මෙම රජයට උදා වී තියෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
වර්තමාන ලෝකය තුළ කිසිම රටකට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිරුවත තම රටේ ජාතික කොඩියෙන් වසාගෙන තමන්ගේම ජනතාවගේ මානව අයිතීන් කඩ කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් පාගා දැමීමට අයිතියක් නැති බවද ඔහු සදහන් කළේය.
ඔහු එම කාරනා සදහන් කරනු ලැබුවේ ඊයේ (04) පාර්ලිමේන්තුව තුල පැවති, ජිනීවා යෝජනාව පිළිබඳ විශේෂ විවාදයට සහභාගී වෙමිනි.
එම විවාදයේදී සමරවීර මහතා මෙසේද සදහන් කළේය.

Share this article with your friends