Chitika Smowtion 468x60


Friday, April 6, 2012

මැගසින් බන්ධනාගාරය මගුල් ගෙයක් වෙයි


එල්.ටි.ටි සැකකරුවන් ලෙස බන්ධනාගාරයේ සිටින දමිල රැඳවියන් දෙදෙනෙකු සමගසිංහල සහ මුස්ලිම් තරුණියන් දෙදෙනෙකු අතර විවාහ මංගල්‍යය උත්සවයක් ඊයේ (05) කොළොඹ මැගසින් බන්ධනාගාරයේදී පැවැත්විණි.

මෙසේ විවාහ ගිවිස ගත්තේ වවුනියාවේ පාවක්කුලමේ පදිංචි ශක්තිවේල් ඉලන්ගේශ්වරන් (34) තරුණයා සහ වුනියාවේ නෙරියකුලම්හි පදිංචි ගුණසේන සුදර්ශනී නමැති (24) සිංහල තරුණියත් කොළොඹ ජම්පටා විදියේ බාලචන්ද්‍රන් පුෂ්පරාජ තරුණයා (27) සමග ජම්පටා විදියේ පදිංචි මොහමඩ් රාසික් පාතිමා (22) යන තරුණියන්ය.

ජනපතිගේ අණින් ඉන්දියාවට දිගටම ප‍්‍රහාර


පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඉන්දියාව ඡුන්දය දීම නිසා ශී‍්‍ර ලංකා රජය මේ වනවිට ඉන්දියාවෙන් පළිගැනීමේ කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ යටතේ පසුගියදා ගෙවුම් ශේෂ පරතරය අඩු කර ගැනීම සඳහා යැයි කියමින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ, ති‍්‍රරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා පෙර නොවූවිරූ බද්දක් අය කිරීම මෙම පළිගැනීමේ කි‍්‍රයාමාර්ගයේ එක් අවස්ථාවකි.

‘ලංකා නිවුස් වෙබ් එකේ එවුන් CID එකේ ඉන්නවා - අහුවුණොත් එල්ලනවා’



‘ලංකා නිවුස් වෙබ්’ එකට ඉන්ෆෝමේෂන් දෙන ඔත්තුකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ සිටින බවත්, එයින් එකෙක් හෝ අහු වුණොත් උන්ට රජ කාලේ දඬුවම් දෙන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගජනායක මහතා පසුගිය දිනෙක ගෝරනාඩු කළ බව අප වෙත වාර්තවේ.
ගජසිංහ මහතාට එසේ කෝපවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය සම්බ්න්ධ වැඩිදුර වාර්තාව උසාවියට ගොනු කිරීමට පෙර එහි සඳහන් කරුණු අප වෙබ් අඩවියේ පළවීමයි. එකී වැඩිදුර වාර්තාව අනුව කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා භාරත ලක්‍ෂ්මන් මහතාට වෙඩි තබා ඇත්තේ ඔහුගේ ආත්මාරක්‍ෂාව සඳහා බව කියමින් මිනී මැරුම් චෝදනාවෙන් දුමින්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගලවා ගැනීමට යන ආකාරය අප හෙළිදරව් කළෙමු.

පුරාවිද්‍යා කොමසාරිස් ‘කටු ගෙදර’ නැති වූ බඩු ලක්‍ෂ 50කට මිල කරයි



පසුගියදා කොළඹ ජාතික කෞතුකාගාරයෙන් සොරකම් කළ අති පෞරාණික කෞතුක භාණ්ඩවල මිල රුපියල් ලක්‍ෂ 50 කට පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් මිල කොට ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ මෙම අරුම පුදුම මිල ගණනය පිළිබඳව ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඒ සඳහා ඔහු දී ඇති පිළිතුර වන්නේ, නැති වූ භාණ්ඩ ඒ ආකාරයෙන්ම තැනීම සඳහා රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් වැය වන බවත්, එහි ඇති පෞරාණික බව තම තක්සේරුවට අයිති නොවන බවත්ය.

‘එක්ස්පෝ - 2012’ තවත් සුදු අලියෙක්



ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය මාර්තු 28 සිට මාර්තු 31 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ අඬ බෙර ගසා පවත්වනු ලැබූ ‘එක්ස්පෝ - 2012’ ප‍්‍රදර්ශනය කිසිදු ප‍්‍රතිලාභයක් අත් කර නොගත් තවත් ‘සුදු අලි’ ව්‍යාපෘතියක් බව වාර්තාවේ.
මෙම ප‍්‍රදර්ශනයට සහභාගි වීම සඳහා ලෝකයේ නන්දෙසින් ගැණුම්කරුවන් විශාල සංඛ්‍යවක් පැමිණ සිටි බවට රාජ්‍ය මාධ්‍ය මගින් පුන පුනා ප‍්‍රකාශ කරන ලදී. මෙසේ එම ප‍්‍රදර්ශනය සඳහා පැමිණි සියලූ ගැණුම්කරුවන් එසේ පැමිණ ඇත්තේ අදාළ රටවල ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල හරහා ඔවුන් වෙත නොමිලේ ලබාදුන් ගුවන් ටිකට් පත් සහ හෝටල් පහසුකම් නිසාවෙනි.

Thursday, April 5, 2012

රාජපක්‍ෂවරුන් සිටින තාක්‌කල් මට අගතියක්‌ නොවන බව විශ්වාසයි - ඇමැති මර්වින්


රාජපක්‍ෂවරුන් කෙරෙහි අතිවිශාල ගෞරවයකින් හා විශ්වාසයකින් කටයුතු කරනවා...

හදවතේ ගැඹුරම තැනින් රාජපක්‍ෂවරුන්ට ගෞරව කරන තමාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා රාජපක්‍ෂවරුන් සිටිනතාක්‌ කල් අසාධාරණයක්‌ වන්නේ නැතැයි කී කතාව විනය විරෝධී නම් ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමකට යටත් වීමට තමා සූදානම් යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.

මේ වන විට විදේශ සංචාරයක නිරතව සිටින ඇමැතිවරයා
ගෙන් කළ විමසීමේදී එලෙස කියා සිටියේය.


දෙරණ මිස් ශ්‍රී ලංකා උඩු යටිකුරු වේ


පසුගියදා පැවැත්වුන දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහිකාව ලෙස නම් කරනු ලැබුවේ 19 හැවිරිදි විනු සිරිවර්ධනයි.

නමුත් එම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝ දෙනා නොසතුටට පත්වී තිබෙනවා.ඒ කිරුල හිමි සුමුදු ප්‍රසාදිනිට බව කියමින්.

විනු සිරිවර්ධනට මිස් ශ්‍රී ලංකා කිරුල පළඳවා ඇය මිස් ශ්‍රී ලංකා ලෙස නම් කලත් සුමුදු ප්‍රසාදිනී විසින් එයට විරුද්ධ වී ඇති අතර දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂක වරයාට චෝදනාකොට ඇත. ඒ අනුව මේ පිලිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී දෙරණ ආයතනය සුමුදු ප්‍රසාදිනී සැබෑ මිස් ශ්‍රී ලංකා ලෙස පිළිගෙන ඇත.

විනිසුරුවරුන් ලබාදුන් ලකුණු එකතුකිරිමේදී ඇතිවූ ගැටළුවක් මත මෙය සිදුවී ඇති බව දෙරණ ආයතනය පවසයි. නමුත් අප වෙත වාර්තා වන්නේ දේශපාලන බලපෑමක්ද මෙම ප්‍රතිඵලය විකෘති වීම පිටුපස තිබී ඇති බවයි.

ඒ අනුව සුමුදු ප්‍රසාදිනිට කිරුල ලබා දීමට දෙරණ ආයතනය තීරණය කර ඇති අතර විනු සිරිවර්ධනට ප්‍රසිද්ධියේ කිරුල පළඳවා ප්‍රචාරය කල නිසා ඇයගේ කිරුල අහිමි නොකොට දෙදෙනා සම ජයග්‍රාහිකාවන් බවට පත් කිරීමට කටයුතු යොදා ඇත.

නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක රු රැජින තරඟයට ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ සුමුදු ප්‍රසාදිනී වේ. ඒ අනුව ඊයේ දිනයේ නැවත අවසාන මෝතා රුගත කිරීමක් සිදුකොට ඇති අතර අද (05) දිනයේදී එය විකාශය වීමට නියමිතයි

එම තරඟයේ ජයාරූප එකතුවක් පහතින් බලන්න  

 සියලු ජයාරූප බලන්න මෙතනින්

වාහන බදු වැඩිකළ එක හොඳයි- පියසිරි විජේනායක


වාහන වල බදු වැඩි කල හොඳ බවත් ඒ නිසා රජයට ස්තුතිවන්ත වන බවත් විමල් විරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජික පියසිරි විජේනායක පවසනවා. මේ බව ඔහු පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර මේ ආකාරයට වාහන බදු මිල ඉහල දැමීම හා වාහන රැගෙන එන බහාලුම් හම්බන්තොට වාරයට රැගෙන යාම වැනි කරනා නිසා වාහන මිල සාමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහල ගොස් තිබෙනවා. එම නිසා ජපානයේ රුපියල් ලක්ෂ 10-12 කට පමණ ගතහැකි වාහනයක් මෙරටට රුපියල් ලක්ෂ 35 - 40 පමණ වෙනවා.

මැදපෙරදිග වාසය කරන අපගේ ගොසිප්9 පාඨකයෙකු පැවසුවේ එරට මාස 15ක පඩියෙන් ගත හැකි රු. ලක්ෂ 30ක් පමණ වන වාහනයක් ලංකාවේ ලක්ෂ 80කට අධික බවත් ඒ සඳහා ලංකාවට පැමිණ ජීවත් වෙනවා නම් එවැනි වාහනයක් ගැනීමට අවුරුදු 30ක් වත් ලංකාවේ පඩියෙන් ඉතිරි කළ යුතු බවයි

Share this article with your friends