Chitika Smowtion 468x60


Saturday, April 7, 2012

1987 ජිනීවා ශ‍්‍රී ලංකා යෝජනාව සහ අද ඉන්නා රාජපක්ෂ - සුනන්ද දේශප‍්‍රිය


පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම ( UN CHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාදක වූ කරුණු කාරණාත් යළි සළකා බැලීම වැදගත් ය.
ඒ මන්ද යත් වසර 25කට පසු ආපසු ශ‍්‍රී ලංකාව යළි එතැනටම පැමිණ ඇති සෙයක් පෙනෙන නිසා මෙන්ම වත්මන් යෝජනාවට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව විසින් මතු කරනු ලබන විවේචන ද එම පසුබිමෙහි විමසා බැලිය හැකි නිසා ය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම ආරම්භ කරන ලද්දේ 1946 දෙසැම්බර් 10දා ය. ඒ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සංස්කෘතික කවුන්සිලය යටතේ ය. මුල් කාලයෙහි එනම් 1967 දක්වා ම මෙම කොමිසම අනුගමනය කළේ මැදිහත් නොවීමේ සහ හුදු සහාය වීමේ පිළිවෙතකි. එනම් මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම උදෙසා රාජ්‍යයන්ට සහාය වීමේ පිළිවෙතකි. එනමුත් 1967 දී කොමිසම මානව හිමිකම් කෙළෙසීම් ගවේෂනය කරමින් වාර්තා ඉදිරිපත් කරන මැදිහත් වීමේ පිළිවෙතට ගමන් කළා ය. ඊට හේතුව වූයේ යටත්විජිතහරණයේ ප‍්‍රතිපලයක් ලෙස බිහිවු නව නිදහස් රටවල් එ.ජා. සංවිධානයෙන් මානව හිමිකම් අරභයා සක‍්‍රීය භූමිකාවක් අපේක්ෂා කළ නිසා බව කියනු ලැබේ. ඊට උදාහරණයක් දකුණු අප‍්‍රිකාවේ රජකළ වර්ගවාදයට විරුද්ධ වීමේ අවශ්‍යතාවය යි. 1980 ගනන් වන විට කොමිසම මානව හිමිකම් සුරුකීම සඳහා සුවිශේෂිත වූ කමිටු පිහිටුවීම අරඹා තිබුණි.

ටැබූ සබ්ජෙක්ට්ස් සිහිවී - Taboo, Taboo, where are you?


සිංහල බ්ලොග් ලෝකයේ පොරක් ලෙස කාලයක් තිස්සේ පිනුම් ගසමින් සිටි ටැබූ ලියූ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය එකපාරටම වගේ වහලා දාලා දැන් අවුරුද්දකුත් සති තුනක් විතර ගෙවිලා ගිහින්.
ටැබූ ගැන නොදන්නා බ්ලොග් කියවන කෙනෙක් ඉන්නවා නං ඒ පහුගිය අවුරුද්ද ඇතුලත මේ හොබිය පටන්ගත්තු කෙනෙක් විතරක් වෙන්න ඕනෑ.
මං මුලින් ටැබූ ගේ ලිපියක් කියෙව්වේ බූන්දිය හරහා ආපු ඊ-මේල් එකක ලින්ක් එකක් හරහා ගිහින් වගෙයි මට මතක. මං බ්ලොග් එකක් පටන් ගන්නත් ටැබූගේ බ්ලොගය එක හේතුවක් වෙන්න ඇති.
ටැබූ දේශපාලන ලිපිත් ලිව්වා. කතන්දරත් ලිව්වා. ඒ කතන්දරවලත් වැඩිපුර තිබුණේ දේශපාලනයයි. ඒ කියන්නේ පක්‍ෂ දේශපාලනයම නෙමේ. බොහොමයක් තහනම් මාතෘකා ගැන ලිවීමත් කතා කිරීමත් දේශපාලනය, ඒ කියන්නේ පොලිටික්ස්, තමයි.

දියගම ක‍්‍රීඩාංගණයේ අයිතිය මහින්ද රාජපක්‍ෂ පදනමට


රජයේ මුදල් හා හමුදාව යොදවා ඉදිකරන ලද හෝමාගම - දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ අයිතිය හිමිව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පදනම නමැති පෞද්ගලික සංවිධානයට බව පසුගියදා එහි ක‍්‍රියාකාරිකයෙකු වන මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා අනාවරණය කළේය. ජනාධිපතිවරයා සභාපතිත්වය දරන මහින්ද රාජපක්‍ෂ පදනමට අයිතිය පැවරෙන ලෙස අදාළ ව්‍යාපෘතිය සිදු කර ඇත.
එහෙත්, දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ අයිතිය පිළිබඳ හෙළිදරව් කිරීම ක‍්‍රීඩා අමාත්‍යාංශය දිගින් දිගටම පැහැර හරිනු ලැබීය. එහෙත් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රථම වරට ක‍්‍රීඩාංගණයේ අයිතිය පිළිබඳව හෙළිදරව් කළේය. දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් අතිවිශාල මහජන මුදලක් වැය කළ අතර, එහි සේවය සඳහා හමුදා සෙබළුන් යොදා ගැණිනි. අදාළ ඉදිකිරීම් හි මඟපෙන්වීම භාරව සිටියේ මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාය.

දේශපාලන යෝජනා ක‍්‍රියාත්මක කරන්නේ නැහැ - ගෝඨාභය


උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම මගින් නිර්දේශ කර ඇති දේශපාලන යෝජනා ක‍්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, නිර්දේශ කර ඇති අනෙකුත් සියලූම කාරණා ක‍්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර තිබේ. ඔහු මේ බව අවධාරණය කොට ඇත්තේ උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ‘රාවය’ පුවත්පත කළ විමසීමකදීය.

විනිමය කොමිසමේ තනතුරු කොටස් මාපියාවේ හිතවතුන්ට


කොළඹ කොටස් වෙළඳපොළ නියාමය කරනු ලබන සුරැුකුම්පත් හා විනිමය කොමිසන් සභාවට ජනාධිපතිවරයා විසින් අලූතින් කිහිප දෙනෙකු පත් කොට ඇති අතර, එකී පත්වීම් සඳහා ඔවුන්ව නිර්දේශ කර ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොළ මාපියාවේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු විසිනි. නිමල් පෙරේරා, දිලිප් ජයවීර, අශෝක පතිරගේ යන අය විසින් එම නිර්දේශයන් සිදු කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ මාපියාව විසින් විනිමය කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ධූරයෙන් ඉවත් කර ලද නීතිඥ මලික්කාදර් මහතා වෙනුවට, ඒ අනුව පත් කොට ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඞී.බී.පී.හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතාය. මොහු විශ්වවිද ්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු ද වේ. එසේම විනිමය කොමිසමේ නව කොමසාරිස්වරුන් ලෙස මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල හා මානව හිමිකම් කොමිසමේ සාමාජික, කොතලාවල ආරක්ෂක විද ්‍යාපීඨයේ කථිකාචාර්ය ප‍්‍රතිභා හේවාමහානාම යන මහත්වරුන් පත් කරනු ලැබීය. මෙම පත්කිරීම් හේතුවෙන් සුරැුකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ කොමසාරිස්වරු තිදෙනෙකු දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර ඔවුන් තම විරෝධය ජනාධිපතිවරයා වෙතද ලිඛිතව දැනුම් දි තිබේ.

සංවර්ධනයට ලැබුණු මුදලින් කොටසක් ආපහු යවලා


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය 2010 වසරේ සංවර්ධන හා ව්‍යාපෘති ප‍්‍රතිපාදනවලින් හරි අඩක් පමණ ප‍්‍රයෝජනයට නොගෙන නැවත මහාභාණ්ඩාගාරය වෙත යවා තිබේ. 2010 සැප්තැම්බර් 30 වැනිදායි අවසන් වන විවිධ සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා රජය විසින් ඇස්තමේන්තු ගත කොට ලබා දෙන මුදල්වලින් එලෙස අඩකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් හරවා යවා ඇත.

මේඛලාත් දැන් පෙම්වතියක්


"අහන් ඉන්න අහගෙන ඉන්න" ගීතය ගයන මේඛලා ගමගේ ගැන ලිපියක් පල කළේ ඇය බොහෝ දෙනා නොදන්නා කලකදීය.

දැන් ඇය බොහෝ දෙනෙකුගේ හද බැඳගත් ගායිකාවක් බවට පත්වී ඇත.දෑස් නොපෙනුණත් තම හැකියාවෙන් ජයගත හැකි බව ඇය ලොවටම පසක් කොට ඇත.

පෙරදී ඇයට සංවේදී නොවූ බොහොමයක් දෑ දැන් ඇයට හිමිවී තිබෙනවා.ඒ අතර අපට වාර්තා වන්නේ මේඛලා ගමගේත් දැන් ආදරය විඳින පෙම්වතියක් බවයි. 

ඇයගේ ඉදිරි ගමනට අපෙන් සුබපැතුම්! 


ලංකා හි ලංකා ලංකාවේ කොටස් වෙළදපොල ආයෝජකයින් කා දැමූ තවත් ලාංකිකයෙක්ද ?


කොටස් වෙළඳ පොලෙහි සිදුවන ජිල්මාට් අතර කාලයක් තුල සිදුවූ නමුත් තමන්ට විරුද්ධව කටයුතු කල හොත් අදාල බලධාරීන් විසින් සිදුකරන ලද වංචා හෙලිකරන බව පවසා තමන්ට විරුද්ධව කටයුතු කරන නිළධාරීන් බිය ගන්වූ අපූරු පුද්ගලයෙකු පිළිබඳ හෙළිකිරීමට කැමැත්තෙමු. 

එනම් කොටස් වෙළඳ පොලෙහි සාමාජික සමාඟමක් වන ලංකා සෙකුරිටීස් ආයතනලේ ලලේන්ද්‍ර ලංකා නැමැති පුද්ගලයා පිළිබඳවයි. ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් සමාඟමේ, රෙග්නීස් සමාඟමේ කොටස් ඇතුළු තවත් සමාඟම් කිහිපයකම කොටස් බොරු ප්‍රචාර යවා කෘතිමව මිල ඉහල නංවා ආයෝජකයන් අමාරුවේ දැමූ පල් හොරෙක් ලෙස සුළු පරිමාණ කොටස් ආයෝජකයින් ඔහුව හඳුන්වයි.

Share this article with your friends