Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

මනමේ සමගින් ජැක්සන්


ජැක්සන් ඇන්තනි "අබා" චිත්‍රපටියෙන් පසු තම ඊලග සිනමා අධ්‍යක්ෂණය සදහා සුදානම් වනවා. ඔහු තම නවතම සිනමා නිර්මාණය සදහා තෝරාගෙන ඇත්තේ මනමේ පුරාවෘත්තයයි. 

මනමේ කතාව ඇතුලත් වන්නේ චුල්ලධනුද්ධර ජාතකයේ වන අතර ජැක්සන් සිය නිර්මාණය සදා මනමේ කතාව යොදා ගන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටය. එනම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය හරහා චුල්ලධනුද්ධර ජාතකය විවරණය කිරීමටය. 

ෂෙරිල් ගේ පෙම්වතා වීමට ඔබට මේ ගුණාංග තිබෙනවාද?


කළු උනත් සුදු උනත් කමක් නැහැ 
ටිකක් උස ඇඟිලි දිග කෙනක්ට  

මම කැමතියි
  
"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් මේ දිනවල පෙම්වතෙකු සොයමින් සිටින බව අපට වාර්තා වනවා.

ප්‍රථම ප්‍රේමයෙන් පරාදව සිටින ඈ ආදරයක් ලැබීමට කැමැත්තෙන් පසුවන බවත් එයට ගැලපෙන කෙනෙකු සොයන බවත් පසුගිය සති අනත්යේ ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා තිබුනා.

ඔයාගේ හිතේ දැන් එහෙම කෙනෙක් ගැන රුපයක් මැවිලා ඇතිනේ?
එහෙම රුපයක් මගේ හිතේ මැවිලා නැහැ.එත් මම කැමතියි ලස්සන වැදගත් කෙනෙක්ට.හැබැයි මන් තරමට ලස්සන කෙනෙක් නෙමෙයි.

ඔයා තරමට ලස්සන නොවන එයාගේ බාහිර ස්වරුපය මොනවගේ වෙන්න ඕනද?

ජනපතිට අපහාස කරන ක්‍රීඩාව ඉවත් කරයි


ඊයේ දිනයේදී අප විසින් එල්.ටී.ටී.ඊ හිතවාදී පිරිස් විසින් නිර්මාණය කරන ලද ජනපතිට අපහාස කරන ක්‍රීඩාවක් පිලිබඳ ලිපියකින් හෙලිකල අතර එම ලිපිය ඔස්සේ බොහෝ දෙනෙකු එම ක්‍රීඩාව ඉවත් කරන මෙන් වාර්තා කිරීමත් සමග එම වෙබ් අඩවියෙන් එය ඉවත්කොට ඇත.

කුමාර් සහ දිමුතු සි.සී.ඩි.යට ගෙනත් ?


පසුගිය අපේ‍්‍රල් 06 වැනිදා රජයේ ආරක්‍ෂක අංශ විසින් පැහැර ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයා සහ එම පක්‍ෂයේ කාන්තා අංශයේ ප‍්‍රධාන සංවිධායිකා දිමුතු ආටිගල ඊයේ (09) අලූයම 1.20 ට පැලියගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශ මූලස්ථානය (සී.සී.ඞී.) වෙත රැගෙන ආ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.


මෙසේ ගෙන ආ දෙදෙනා එම මූලස්ථානයේ පහත මාලයේ පිහිටා තිබෙන දිසා කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය (Special Range) යටතේ රඳවා ගෙන සිටී. මෙම දිසා කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක වන කුප‍්‍රකට ඒකකයකි. ඊයේ අලූයම 2.30 ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සිවිල් ඇඳුමින් සැරසී මෙම ස්ථානයට පැමිණ තිබෙන අතර, එසේ පැමිණ කුමාර මහත්තයා සමග සුලූ වේලාවක් කතාබස් කරමින් සිට ඇත.

කුමාර් මහත්තයාට ගහලා දාන්න ඕඩරය ආවේ මීට මාස 04 කට කලින්


දැනට පැහැරගෙන ගොස් සිටින පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ විසින් නියෝගය නිකුත් කරනු ලැබුවේ මීට මාස 04 කට කලින් බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.


ජන අරගලය කණ්ඩායමේ ප‍්‍රබල කි‍්‍රයාකාරී සියලූ දෙනා සහ ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳවම දැඩි අවධානයෙන් සිටින ලෙස ආරක්‍ෂක ලේකම්වරයා තම මිනීමරු ඒකකයන්ට දැනුම් දී ඇත්තේ මීට කාලයකට ඉහත වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවා එහි නායකයා වශයෙන් පේ‍්‍රමකුමාර් ගුණරත්න විවෘත දේශපාලනයට පිවිසීමට ප‍්‍රථම තම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කොට තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව


ප්‍රතිඥාව - සමුළුවට ඉදිරිපත් කිරීම ලේකම් මණ්ඩලය වෙනුවෙන් චමීර කොස්වත්ත සහෝදරයා
සමස්ත මානව වර්ගයා ම්ලේච්ඡ අධිරාජ්‍යවාදයේත් රූකඩ ධනවාදයේත් විලංගුවෙන් මුදා ගෙන දීප්තිමත් ඉරණමක් වෙත රැගෙන යාමේ ලෝක පරිමාන කර්තව්‍යක ලාංකේය අනුඛණ්ඩය ලෙස ඒ සඳහා ලාංකේය සමාජය තුළ සමාජවාදී සමාජ පරිවර්තනයක් සිදු කිරීම සඳහා පීඩිත ජනතාව සංවිධානය කිරීමේ අරමුණෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්ව සටන් වදින අප, එයට බාධාකාරී ලෙස වත්මන් නව ලිබරල් ධනවාදය විසින් අප ජීවිත සිදු කරමින් තිඛෙන සියලූම ආකාරයේ බලපෑම්, අගතීන් ඉදිරියේ නොසැලී එම අභියෝගයන් ජයග්‍රහණයෙන් කෙළවර කිරීම සඳහාද දැඩි අධිෂ්ඨානයෙන් සහ ධෛර්යයෙන් යුතුව අරගල කරන බවටද සමාජවාදී සමාජ පරිවර්තනයක් සිදු කිරීමේ දුෂ්කර ව්‍යායාමය සඳහා අවශ්‍ය නව විප්ලවවාදී භාවිතාවක් නව ජීවන විලාසයක් සඳහා වන ආදර්ශය සැපයීම සඳහා අනවරත අරගලයක නිරත වන බවටද අවසන් අරමුණ ජයග්‍රහණය තෙක් නොනැවතී සටන් වදින බවටද සපථ කර සිටිමු.

පැහැරගැනීම නමැති "දේශප්‍රේමී අයිඩියා" - නිලන්ත ඉලංගමුව


කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල මේ වන විටත් ජීවතුන් අතර නොමැතිද? කුමාර්ට සහ දිමුතුට සිදු වූයේ විජේවීරට සිදු වූ දෙයමද? ගැටලුවට පිළිතුර ඇත්තේ ඔවුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කළ සහ එය නිවැරදිව සැලසුම් කළ අයවලුන් සතුවය.
අදාළ කාරණා පිළිබඳව කිසිඳු ආකාරයක බලාපොරොත්තුවකින් ලිවීමට නොහැකි අතර මෙම කාරණයද ප්‍රගීත් එක්නැලිගොඩ හා සම්බනධයෙන් වන කතා පුවතේම තවත් දිගුවකි. විපක්ෂය සල්ලි වලට ගැනීමේ ලොකු වුමනාවක් අනෙක් දේශපාලකයින්ට මෙන්ම රාජපක්ෂටද තිබුණේය. එසේම තමාට එරෙහිව අවදිවන විපක්ෂිකයා මුදල් වලින් නිහඬ කළ හැකි බව රාජපක්ෂ විස්වාශ කරණ මුලික දේශපාලන මූලධර්ම වලින් එකකි. එය නොහැකි බව ඔහුට වැටහුණේ ජනරාල් සරත් ෆොන්සේකා මට්ටු කිරීමට ගොසිනි, ඔහුට එය මුදල් වලින් කිරීමට නොහැකි වූ අතර රාජපක්ෂගේ දෙවොල රත් වුණේ එවිටය. ඉන් පසු ඔහු වෙනම තියරියක් හැදුවේය. ජනරාල්කඩිමුඩියේ පැහැරගෙන ගොස් නඩු පිට නඩු පටවා හිර කළේ ඉන් පසුවය. කොටින්ම කිව්වොත් තමන්ගේ නිතීඥ ඥානය පයිසෙකට නොසලකා හැර ෆොන්සේකාට එකම කාරණය සම්බන්ධයෙන්ද නඩු දැම්මේය. ෆොන්සේකාගේ දේශපාලනය තත්පර දහයකට සීමා කළ රාජපක්ෂ ඔහුගේ අමුලික මුසාවන් වෙනුවෙන් රටේ සියලුම සම්පත් නාස්ති කරමින් සිටින්නේය. කොතරම් කාලයක් මෙම ආඩම්බරකාර තාත්තාගේ පට්ටපල් බොරුවලට රැවටෙනවාද යන්න අප හමුවේ ජාතියක් ලෙස පවතින අභියෝගය වේ. ඔහු මුළු රටම පටලව ඇත්තේ උගුලකය. එම උගුල හසුරවනු ලබන්නේ රාජපක්ෂ සමඟ පෞද්ගලික ගනුදෙනුකම් තිබෙන චීනය සහ රුසියාවය.

ලෝක රූ රැජින තරඟයට යන්නේ මමයි - සුමුදු


පසුගියදා පැවති දෙරණ මිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ගණිතමය දෝෂයක් හේතුවෙන් ජයග්‍රාහිකාවන් දෙදෙනෙක් බිහිවූ අතර දෙරණ රුපවාහිනි ආයතනය විසින් පවසා සිටියේ දෙදෙනාටම සම අවස්ථා ලබා දීමට පොරොන්දු වන බවයි.

නමුත් ලෝක රූ රැජින තරඟයට එක රටක් නියෝජනය කරමින් තරඟකාරියන් දෙදෙනෙකුට ඉදිරිපත් වීමකට නොහැක.මේ පිළිබඳව විමසීමට අප සුමුදු ප්‍රසාදිනී සම්බන්ධ කරගත් අතර ඇය ප්‍රකාශ කර සිටියේ ලෝක රූ රැජින තරඟය නියෝජනය කිරීමට ලංකාවෙන් ඉදිරිපත් වී සිටින්නේ තමා බවයි.

අවසාන තරඟයේදී නියම ජයග්‍රාහිකාව ලෙස කිරුල පැළඳීමට හැකියාවක් නොලැබීම ගැන තමා දුක්වන බවත් නමුත් දැන් ඇයට සාධාරණය ඉෂ්ඨ වී ඇති බවත් ඇය අප සමග පැවසුවා.

Share this article with your friends