Chitika Smowtion 468x60


Friday, April 13, 2012

සුදු වෑන් විරෝධය ලන්ඩනයටත්


ජන අරගල ව්යාරපාරයේ මූලිකත්වයෙන් එක්සත් රාජධානියේ විවිධ මානවහිමිකම් සංවිධාන කිහිපයක් හා දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් අප්‍රේල් 10 වනදා දහවල් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයේ අවස්ථාවක්.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන දෙදෙනා රාජපක්ෂ රෙජිමය විසින් පැහැරගැනීමට විරෝධය පෑම හා ශ්‍රී ලංකාවේ සිදුකරන අතුරුදහන් කිරීම් හා පැහැරගෙනයාම් ආදියට එරෙහිව මෙම උද්ඝෝෂනය පැවැත්විණි.

ඇන්ටන් ජූඩ් විසින් අවසන්වරට ගැයූ ගීතය


ඇන්ටන් ජූඩ් නම් සහෘද කලාකරුවා අප හැරගොස් තවමත් කෙටි කලකි.ඔහුගේ මතකයන් තවමත් අප අතරය.

ඇන්ටන් ජූඩ් මහතා විසින් සිංහල හින්දු අලුත් අවරුද්ද තේමා කරගනිමින් අවසන් වරට ගැයූ ගීතය අප වෙත ලැබී තිබෙනවා.එම ගීතය ඔහු ගයා ඇත්තේ ඔහුගේ හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන්.

ආර්.ඒ ගුණපාල මහතා විසින් රචනාකොට ඇති මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ උපුල් පෙරේරා විසිනි.ඇන්ටන් ජූඩ් සමගින් චතුරිකා ගීතාලි මෙම ගීතය ගායනා
 කරනු ලබනවා.

Thursday, April 12, 2012

ලංකාවට සුමාත්‍රා භූචලනය දැනුනේ ඇයි?


ඊයේ (11) සුමාත්‍රා දිවයින ආශ්‍රිත ඇතිවූ භූමිකම්පාව නිසා ශ්‍රී ලංකාවේ කොළඹ, නුවරඑළිය ඇතුළු ඇතැම් ප්‍රදේශ වලද දෙදරීම් ඇතිවුනා. භූවිද්‍යාව පිළිබද මහාචාර්ය සී බී දිසානායක මේ පිලිබදව බිබිසි සිංහල සේවයට පැහැදිලි කර තිබුනා. ඔහු පවසන අන්දමට ශ්‍රී ලංකාවේ මෙම දෙදරීම් ඇතිවුයේ භූවිද්‍යාත්මකම දුර්වල පෘතුවි කබොලක් ඇති ප්‍රදේශ බවයි.

මේ  පිලිබදව අදහස් දක්වන මහාචාර්ය වරයා කියා සිටින්නේ "ලංකාවේ හැම තැනකටම නෙමෙයි, සමහර තැන්වලට දැනුනා. එය සිදු වන්නේ ඒ ඒ ප්‍රදේශයේ පිහිටීම් අනුවයි. ඒ කියන්නේ පැලීම්, දුර්වල ස්ථාන වලටයි භූවිද්‍යාත්මකම අන්න ඒවගේ එව්වට දැනෙන්නට පුළුවන්. ඒ වගේ විභේද රාශියක්, පද්ධතියක් තිබෙන්න පුළුවන් යම් රටක." කියායි.

මෙහි සම්පුර්ණ හඬ පටයට පහලින් සවන්දෙන්න.

ලංකාවේ සර්පයින් - ඒත් පේටන්ට් හිමිකම ඇමරිකාවට.


සර්ප විෂ යොදාගනිමින් විවිධ ඖෂධ වර්ග නිපදවන අතර ශ්‍රී ලංකාවේ සර්පයින්ගේ විෂ ලබාගෙන අදාල ඖෂධ වර්ග නිපදවීමේ පේටන්ට් අයිතිය ඇමරිකාව සතු කර ගැනීමට සැලසුමක් පවතින බව වාර්තා වෙනවා. 

රෝයි මලයප්පා නම් ඇමරිකාවේ වෙසෙන ශ්‍රීලාංකික විද්‍යාඥයා මේ වනවිටත් සර්පයින් එකතු කිරීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක කොට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
තිත් පොළඟා, වැලි පොළඟා, නයා, කුණකටුවා සහ කරවලා යන සර්ප වර්ග 5 එකතු කිරීම සඳහා ප්‍රභූ කාන්තාවකගේ මැදිහත් වීමෙන් වනජීවී දෙපාර්ථමේන්තුවේ අවසරය ද ලබාගෙන තිබෙන බවටයි තොරතුරු ලැබෙන්නේ.

කැති රඟපෑමෙන් ඉවත්වුනේ පෙම්වතා හින්දද?


අමන්දා ටෙලිනාට්‍යයේ "කැති" ගේ චරිතයට පන පෙවීමෙන් ජනප්‍රියත්වයට පත් නදීෂා යාපා රඟපෑම් කටයුතු වලින් ඉවත් වී ඇත්තේ අයගේ පෙම්වතාගේ බල කිරීම මත බවට පසුගියදා පුවත්පත්වල පලවී තිබුනා.

නමුත් අපට වාර්තා වන පරිදි එම කතාව සත්‍යයෙන් තොර වන අතර නදීෂා රඟපෑමෙන් සමු දීමට තීරණය කොට ඇත්තේ අමන්දා ටෙලි නාට්‍යයේ රුගත කිරීම අතර තුරදිමය.

අමන්දා ටෙලි නාට්‍යයේ රුගත කිරීම් වලට සහභාගී වන අතරතුර "ටෙලි නාට්‍යය වල රඟපෑමේ ආසාව" ඇගෙන් බැහැර ගොස් ඇති අතර නැවතත් නිරුපන කටයුතු වල නිරත වීමට අදහස කරමින් සිටින බව අපට වාර්තා වනවා.


යුවරාජ් යලි ක්‍රීඩා පිටියට


හදිසියේ ඇති වූ පිළිකා රෝගී තතත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඇමෙරිකාවට ගොස් සිටි ඉන්දීය සුපිරි පිතිකරු යුවරාජ් සිං යළිත් මාස දෙකකට පසු ඉන්දියාව වෙත පසුගියදා පැමිණ තිබේ.

අමෙරිකාවේ ඉන්දියානා විශ්වවිද්‍යාල වෛද්‍ය ආයතනයෙන් සාර්ථක ප්‍රතිකාරවලින් අනතුරුව පැමිණි යුවරාජ් දිල්ලි ගුවන් තොටුපළින් පිටතට පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ මව වූ ෂහබ්නම් ද ඒ අසළ විය.

යුවරාජ්ගේ පිළිකා තත්ත්වය ප්‍රාථමික අවස්ථාවේ පැවැති බැවින් ලබාගත් ප්‍රතිකාර ඔස්සේ එය මර්දනය කර ඇති බවත් යුවරාජ් එළඹෙන මැයි මාසයේ දී ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇතැයි ද වාර්තා වේ.

සංගක්කාරට සම්මාන දෙකක්


ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා හා වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට හිමිව තිබේ.

වාර්ෂිකව එංගලන්තය විසින් මෙම සම්මාන සඳහා ක්‍රීඩකයින් තෝරා ගනු ලබන අතර විස්ඩන් ක්‍රිකට් සම්මාන නාම ලේඛනයට කුමාර් සංගක්කාර ඇතුළත් වු පළමු අවස්ථාව මෙය වේ.



ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා හා විස්ඩන් ක්‍රීඩකයා යන සම්මාන දෙක සඳහාම එක් ක්‍රීඩකයකු
යෝජනා වු පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක් වනවා.

ජීවන් කුමාරතුංග අයියා නොවීමේ වරද


ලංකාව පිරී ඇති ආශ්චර්යය වී ඇත්තේ මිනිසුන් අතුරුදහන් වීමයි. ඇත්තෙන්ම යමකු අන්ත්‍රස්දහනය වීම ආශ්චර්යයකි. යමකු උන් ගමන් නොපෙනීයාම පුදුම උපදවන දෙයක් බව අමුතුවෙන් කිවය යුතු නැත. දේශප්‍රේමීන්ගේ ලංකාව මේ ආශ්චර්යෙන් සරු කෙන් බිමකි.
දැන් දැන් මේ අතුරුදහන් වීමේ අශ්චර්යය ගැන ලංකාව ලෝකයේ ප්‍රථම තැනට විත් ලෝප්‍රකට වී ඇත. පෙබරවාරි මාසයේ සිට මාර්තු මස අගවනවිට මිනිසුන් 59දෙනකු මෙසේ එර්දිබලය ලබා තිබේ. එසේ නැතිනම් අපි මේ අතුරුදහන් වීමට මේ දුපතේ දේශප්‍රේමීන්ගේ භාෂාවෙන් ආශ්චර්යය ලෙස හඳුන්වමු. පසුගිය අප්‍රේල් 6 වැනිදින සැදැ සමයේ දිමුතු ආටිගල සහ ප්‍රේම කුමාර ගුණරත්නම් යන දෙදෙනාද මෙසේ ආශ්චර්ය ගත වී තිබේ.
ලංකාවේ දේශප්‍රේමීන්ට අනුව ලංකාව ''බුදුන්ගේ දේශයයි'' අපි නම් මෙය හඳුන්වන්නේ 'කඳුලේ උල්පත' කියායි. තව සමහරු මෙයට ''මරණයේ භූමිය'' කියාද හඳුන්වති.

Share this article with your friends