Updated 1:30pm
ජනපතිගේ යන්ත්‍රය - වජ්‍රා
ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැදින්වෙනවා. මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.
මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.
11:10 pm
මෙයට පෙර අපි ලිපි කිහිපයක් මගින් හෙළි කර සිටියේ ජනපති සුරතේ නිතර දක්නට ඇති "යන්ත්‍ර රාජයෙකු" පිළිබඳවයි. ජනතාව වශී කිරීමට භාවිතා කරන සුරයක් ලෙසද ඇතැම් ය එය හදුන්වා දී තිබුණි.
නමුත් "අද" පුවත්පත මගින් මෙම සුරය පිලිබඳ වැදගත් කරුණක් හෙළිකර තිබුණි. එනම් එම සුරය කොරියානු ජ්‍යෝතිෂයට අයත් රන් සුරයක් බවයි.
"අද" පුවත්පතේ පලවූ එම විස්තරය සහිත ජායාරුපය පහතින් බලන්න
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු බලඇණියට මෑතකදී එකතුවූ දඟපන්දු යවන්නන්න අතරින් සුරාජ් රන්දිව් නිතැතින්ම අයත් වනවා.
පසුගිය අප්‍රේල් දෙවනදා සුරාජ් ගේ කැදැල්ලට අලුත් අමුත්තියක් එක්වුයේ සුරාජ් රන්දිව්ට පිය පදවිය ලබාදෙමින්.
සුරාජ් නම් කියන්නේ ඒක අලුත්ම අත්දැකීමක් කියලයි.ඒ පිලිබඳ විස්තර කරන සුරාජ්
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු දා රාවයක් පැතිර ගියේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට යන බවකි.
නමුත් එවැනි නිදහස් වීමක් සිදු නොවුන අතර සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දුන් "දවසක නිදහසක්" ද ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වනවා.
යහපත් කල් ක්‍රියාවෙන් මත සිටින සිරකරුවන් සඳහා සතියක නිදහසක් ලබා දී ඔවුන්ට සිය පවුලේ උදවිය සමග ගත කිරීමට අවස්ථාවක් ලබා දීම සාමාන්‍යය බන්ධනාගාර ක්‍රමය වේ.
ජනපති අතින් කිරිබත් කෑල්ල බිම වැටුනද? (වීඩියෝ)
රටේ ජනතාව අවුරුදු සමරන විට රටේ මැති ඇමතිවරු බොහෝ දෙනෙකු සිටින්නේ ලොව කොහේ හෝ රටකය.
තමන් රාජ්‍යත්වයේ සිටිමින් ජනතාවට සේවය කරන බව කීවද අවරුදු සමය උදාවන විට ඔවුන් සිය ජනතාව අතහැර විසේශයකට ගොස් අවුරුදු සමය අවසන් වූ පසු ලංකාවට නැවත පැමිණීම චාරිත්‍රයක්ව තිබුණි.
නමුත් රටේ මුල් පුරවැසියා ලෙසින් ජනතාව සමග අවරුදු සමරමින් අවරුදු ගණනාවක් යහපත් ආදර්ශයක්ලොවට ලබා දීමට වත්මන් ජනපති සමත්විය.
මෙවරද උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් තංගල්ල කාල්ටන් නිවසේදි සිදු කරන ලදී.
එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න
නිල්වලා ගඟේ සැරිසරමින් සිටි මිනීමරු කිඹුලා ඊයේ (14) රාත්‍රියේදී උතුරු මාලිම්බඩ කුඩාදූව ප‍්‍රදේශයේ අටවනලද උගුලකට හසුව තිබෙනවා.
මෙම කිඹුලා විසින් දැනට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන ඇති අතර ඒ අතර තිදරු මවක් සහ පාසල් දැරියක් වනවා.
මින් ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය 04 වනදා නිල්වලා ගඟට මුහුණ සේදීමට ගිය උතුරු මාලිම්බඩ , දූවවත්ත පදිංචිව සිටි 17 හැවිරිදි කේ.ජී. නුවන්තිකා සත්සරණී පාසල් ශිෂ්‍යාව මිනීමරු කිඹුලා විසින් ඩැහැගෙන යාමයි.
ජිවග්‍රහන්යෙන් අල්ලාගෙන ඇති මිනීමරු කිඹුලා වනජීවී නිලධාරීන් වෙත බාර කිරීමට නියමිත බව වාර්තා වනවා.කෙසේනමුත් ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ මෙම මිනීමරු කිඹුලාට අමතරව තවත් මිනීමරු කිඹුලන් නිල්වලා ගඟේ සැරිසරන බවයි.
නිල්වලා ගඟේ මිනීමරු කිඹුලාගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න
හදිසියේ මතුවූ රෝගී තත්වයක් හේතුවෙනි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා රෝහල්ගතකොට තිබේ.
ඒ මහතා පසුගිය 13 වනදා යුරෝපයේ සංචාරය කිරීමේ අරමුණෙන් ගැට්වික් ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම ආබාධය මතුව ඇත.එම අබාධය මතුවීමෙන් අනතුරුව ඔහුව ඊස්ට් සරේ රෝහල වෙත ඇතුළත්කොට ඇත.
මේ පිලිබඳ අදහස් කල එක්සත් ජාතික පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව මහතා කියා සිටියේ මෙවැන්නක්
ප්‍රසිද්ධ නිලියක් හට "මැඩම්" කියා නොඇමතීම නිසා ප්‍රාදේශීය ලේකම් වරියක්ව තම සේවා ස්ථානයෙන් මාරු කරවීමේ පුවතක් මීට කලිනුත් වාර්තා උනා. ඒ ගීතා කුමාරසිංහ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය වන අනූෂා බටවල ගමගේ මහත්මියව තම දේශපාලන බලය යොදා ගනිමින් කල මාරු කිරීමයි.
තවත් එවැනිම මන්දමානසික හැසිරීමක් පිළිබඳව අපට වාර්තා වෙනවා. ඒ නයනා කුමාරි ගැනයි.
බොහෝ විට මාධ්‍යවේදීන් සහ කලාකරුවන් අතර ඇත්තේ ඉතා සමීප සම්බඳතාවයක්. ඒ නිසාම ඉතා ප්‍රවීණ නළුනිළියන්ට පවා මාධ්‍ය වේදීන් කතා කරන්නේ සහෝදරත්වයෙන්. ඒත් නයනා කුමාරිනම් "අක්කා" කියල කතා කරනවට කැමති නැහැ කියලයි අපට දැනගන්නට ලැබුනේ. දිනක් එක් මාධ්‍යවේදිනියක් අක්කේ කියල කතා කලාම "ඔයා කොහොමද මට අක්කේ කියල කතාකරන්නෙ" කියලා අහපු බවකුයි වාර්තා වෙන්නේ.
ඓතිහාසික වටිනාකම් වලින් යුතු බෞද්ධ සිද්ධස්ථාන වලට හිමි ඒ අවට ඉඩම් වල අන්‍යාගමිකයින් පදිංචි කරවීම, ඒම ඉඩම් ඔවුන්ට විකිණීම වැනි සිද්දීන් මීට පෙරත් වාර්තා වුනා.ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් ඒ අවට ඇති ඉඩම් වලටද මේ ඉරණම අත් වීමට යන බවකුයි ලැබෙන අළුත්ම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ.
සිංහල රජ කාලයේ අභිමානවත් මාතලේ කැරල්ලට විශාල දායකත්වයක් දුන් කුඩා පොළ හිමියන් වැඩ සිටිම, අධිරාජ්‍ය විරෝධී, සිංහලේ නිදහස් සටන හි මෙහෙයුම් මධ්‍යස්ථානයක් වීම සහ රජ දවස රාජධානියක් වීම ආදී කරුණු නිසා රංගිරි දඹුල්ල ඓතිහාසික වටිනාකමකින් යුත් පූජා භූමියක් ලෙස සැලකේ.
මෙසේ රංගිරි දඹුල්ල පූදබිමට අයත් ඉඩම් පූජාභූමි සංවර්ධනයට යැයි ආණ්ඩුව විසින් පවරා ගනිමින් ඉතා රහසිගතව මුස්ලිමුන්ට හා හින්දුන්ට ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානම පිළිබඳ පැවසෙන කරුණු ගැන රජමහාවිහාරාධිපති අති පූජ්‍ය ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගෙන් විමසීමක් කෙරිණි.