Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

හෝන් ගහන්නේ බලාගෙනයි !


මෝටර් රථ නලාව සහ සයිලන්සර් පාලනය කිරීමට නව නීති මාලාවක් ගෙන ඒමට යෝජිතව තිබූ බව අප මීට පෙර වාර්තා කලා. එය දැන් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

 එමගින් මෝටර් රථ නලා හඬෙහි උපරිම අගයක් තීරණය කර ඇති අතර මෙය වාහනයේ ඉස්සරහ මුහුනතේ සිට මීටර 2 ක් හෝ 7 ක් දුර සිට වන අතර මීටර් 2 ක් දුර දී නලාවේ ශබ්දය ඩෙසිබල් 105 නොඉක්මවිය යුතු බවත් මීටර් 7 ක දුරක සිට මණින්නේ නම් එම අගය ඩෙසිබල් 93 නොඉක්මවිය යුතු බවට දන්වනවා.


රථවාහන නලා වල ශබ්දය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ පරිසර අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය ඒකාබද්ධව වන අතර ඔවුන්ගේ වාර්තා වලට අනුව ධාවනය වන වාහන ප්‍රමාණයෙන් 15 % - 20% ක් අතර ප්‍රමාණයක් අධික ශබ්ද නිකුත් කරන බව නිගමනය වී තිබෙනවා.

රංගිරි දඹුලු පූජාභූමිය අස්ගිරි හිමියන්ගේ අවදානයට


රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් සංවර්ධන කිරීමේ මුවාවෙන් රජයට පවරාගෙන වෙනත් ආගමිකයින් සඳහා විකිණීම්මේ ජාවාරමක් ගැන අප මීට පෙර වාර්තා කලා.
 

මෙය වැළැක්වීමට අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත ස්වාමීන්වහන්සේ මැදිහත් වී ඇති බවයි අපිට දැනගන්නට ලැබුනේ.

ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත් මහතාව දුරකතනය මඟින් අමතමින් ඊයේ උන්වහන්සේ පවසා ඇත්තේ බෞද්ධ විරෝධී ක්‍රියාවන් වලට බුද්ධශාසන අමාත්‍යාංශය කෙලින්ම මැදිහත් වී ගැටළුව නිරාකරණය කල යුතු බවත් එසේ නොවුවහොත් රටවැසියන් සමඟ තමන් වහන්සේ එවැනි ක්‍රියාවන් වලට එරෙහිව වීදි බහින බවත් ය.


ඇල්බට් අයින්ස්ටයින් ගේ තැනට පුංචි හෙයිඩි


මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.

උපේක්ෂාගේ සැමියාට එරෙහි නඩු විභාගය ජුනි මසදී


ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීම පිළිබඳව චෝදනා නැගුනු අගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගමට එරෙහි නඩුව ජුනි මස 11 වනදා විභාගයට ගැනීමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සුනීතා නානායක්කාර දින නියමකොට ඇත.

අධිකරණයෙන් සමථ මණ්ඩලයට යොමුකොට තිබු මෙම නඩුව  උපේක්ෂා - මහේෂ් සමතයකට පත් නොවන ආකාරයෙපරස්පර අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් මහරගම සමථ මණ්ඩලයේ වාර්තාවක් මගින් මෙම නඩුව නැවත අධිකරණයට යොමුකොට ඇත.


නිල්වලා ගඟේ කිඹුල් මෙහෙයුම (ජායාරූප එකතුව)


ජායාරූප නිලුපුල් රංගන  (http://www.wildreach.com/)

විදේශ අමාත්‍යාංශ ලේකම් ධුරය ෂේණුකාට ?


විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය, දැනට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන ෂේණුකා සෙනවිරත්න මහත්මියට ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමාට සහතික වූ බව එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රියේ ඔහුගේ හිතවතුන් පිරිසක් සමඟ අවදාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.
ජී.එල්. පීරිස් මහතා තව දුරටත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තබා ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා, ෂේණුකා සෙනවිරත්න මහත්මිය එම අමාත්‍යාංශයේ ලේකම්කරන ලෙසත් ඉල්ලා තිබේ.

මෙදා අවුරුදු දා ජනපති තනිවෙලා


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු තංගල්ලේ කාල්ටන් නිවසේ හෝ මැදමුලන නිවසේ පැවති අලූත් අවුරුද් චාරිත්‍රවලට ආණ්ඩුවේ සියලූ මැතිඇමතිවරුන් පමණක් නොව, පළාත් සභා මැතිඇමතිවරුන්ද ආණ්ඩුවේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ද සිය ගණනින් සහභාගි වීම සම්ප්‍රදායක්ව පැවති නමුත් මෙවර අවුරුදු චාරිත්‍ර වැඩ සටහන්වලට ජනධිපතිවරයා සමඟ සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි.

ජනාධිපතිට කැවු 'කිරිබත් කට' බිම වැටීම අසුබලූ!


මෙවර අලූත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයේදී, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් නැකැත් වේලාවට ජනාධිපතිවරයාට කෑවූ කිරිබත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම බරපතල අසුබ කාරණයක් බව ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියකු අප වෙත පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳ අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරියකු කියා සිටියේ, එම සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා බලවත් සේ කලබලයට පත්ව කාල්ටන් හී සිට විසුරුවා හැරි සජීවී රූපවාහිනී වැඩ සටහන වහාම නවත්වන ලෙස නියෝග කළ බවයි.

Share this article with your friends