Chitika Smowtion 468x60


Thursday, April 19, 2012

ජනපතිගේ බලය පෙන්වා ජානකී කොන්ත්‍රාත් දේ ?


මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතියකව සිටින තේ සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ජානකී කුරුප්පු මහත්මිය, ජනාධිපතිවරයාගේ බලය ප්‍රදර්ශනය කරමින් එම ආයතනයේ ගොඩනැගිලි හා කාර්යාල කාමර නවීකරණය කිරීමේ කටයුතු ඇයගේ ඥාතියෙකු වෙත ලබා දෙමින් අයතා ගණුදෙනුවක නියැලී සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
මීට මාස කිහිපයකට පෙර රුපියල් ලක්ෂ ගණනක් වැයකොට අලූත් වැඩියා කරන ලද කාර්යාල කාමර පවා යළිත් කඩා බිඳදමා, රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් වැයකොට අලූතින් නවීකරණ කටයුතු ආරම්භ කර තිබේ.

ඉන්දීය නියෝජිතයින් ජනපතිගේ සංග්‍රහ ප්‍රතික්ෂේප කරලා ?


ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 17දා පෙරවරුවේ අරලියගහ මන්දිරය තුළ තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණද, එම පිරිස එම සංග්‍රහය කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය රජය විසින් සකසන ලද වැඩසටහන යටතේ එම නියෝජිත පිරිසට ජනාධිපතිවරයා හමු වීමට නියමිතව ඇත්තේ ලබන 20වනදාය. එහෙයින් එම වැඩසටහනට පිටින් කටයුතු නොකරන ලෙස ඉන්දීය නියෝජිත පිරිසට උපදෙස් දී ඇත්තේ එරට විදේශ අමාත්‍යාංශය විසිනි.

මේනකට දික්කසාදය ලැබෙයි !


නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.

එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා. 


නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. 

දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.

සනත්ගේ අවුඩි වික්‍රමය


ක්‍රිකට් ප්‍රසිද්ධ වී ඇත්තේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. එම ක්‍රීඩාව ක්‍රීඩා කල සනත් ජයසූරිය ද මහත්මා ගතිගුණ ඇති ක්‍රීඩකයෙක් ලෙසයි ලොව ප්‍රකට උනේ.

එහෙත් ක්‍රීඩකයාගේ මහත්මා ගතිය ඉක්මවා මංත්‍රී කෙනෙකුගේ නොහික්මුනු කමක් ඔහුගෙන් ඉස්මතු වූ අවස්තාවක් අපට වාර්තා වෙනවා.

තම අවුඩි රථයෙන් කොළඹ සිට මහරගම හංදියට පැමිණි සනත් ට අවශ්‍ය වුනේ දකුණු අධිවේගී මාර්ගයට යෑමටයි.

Wednesday, April 18, 2012

ඉන්දිකගේ විවාහ ජීවිතය දෙදෙරයි


ටෙලි නාට්‍ය නළු ඉන්දික ගිනිගේ වසර හතරක විවාහය දෙදරා ගොස් ඇති බව අපට වාර්තා වේ.

විවාහ ජිවිතයේ ඇතිවූ අර්බුදයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ මේවන විට විදේශගතව සිටින අතර ඔවුන්ගේ දියණියද මවගේ බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දික ගිනිගේ විවාහ වීමට ප්‍රථම සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ ටෙලි නාට්‍යය නිලි උදයන්ති කුලතුංග සමග වේ.


කොළඹ ජංගම CCTV රථය ක්‍රියාත්මකයි


කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා. එහි මුලික වැඩකටයුතු අවසන් වී ඇති හෙයින් ඊයේ(17) දිනයේදී එම රථය උත්සවාකාරයෙන් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරියේදී දැනට ආරක්‍ෂිත කැමරා මගින් හසු නොවන ප්‍රදේශ, හදිසි ආපදා, කලහකාරී ලෙස හැසිරෙන පිරිස්, මාර්ග නීති කඩ කරන රියදුරන්ගේ දර්ශන පටිගතකොට අධිකරණයට ලබාදීමේ හැකියාවක් මෙම නවීන තාක්ෂණික පහසුකම් සපිරි රථයට හැකියාව තිබෙනවා.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CCTV ව්‍යාපෘතියට දැනට වැය වී ඇති මුදල රුපියල් මිලියන 227 කි.

නොර්වේ ඝාතකයාගෙන් උසාවියේදී පුරසාරම්


පසුගිය වසරේදී ඔස්ලෝ නුවර බෝම්බයක් පුපුරුවා හැරීමෙන් හා උටෝයා දුපතේදී වෙඩි තැබීමෙන් පුද්ගලයන් 77 ඝාතනය කෙරු ඇන්ඩර්ස් බ්‍රෙයිවික් ගේ නඩුව ඊයේ (18) දිනයේත් පැවැත්වුනා.

මොහු මේ ප්‍රහාරය එල්ල කරේ යුරෝපයේ ඉස්ලාම් දහම හා බහු සංස්කෘතික ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණ ඇතිව බව ඔහු ප්‍රකාශ කර තිබුනා. එසේම එම ප්‍රහාරයකට මොහොතකට පෙර පිටු 1500 ක් පමණ ඇති ඔහුගේ සටහන් ගොන්න "යුරෝපයේ නිදහස් ප්‍රකාශනය" නමින් අන්තර්ජාලයට මුදා හරිනු ලබූ අතර එම වාර්තාවේ ශ්‍රි ලංකාවේ නමද සඳහන් වෙනවා.

රිකන්ඩිෂන් වාහන මිල පහතට ?


භාවිතා කරන ලද ආනනයනික මෝටර් රථ සහ වාන් රථ සඳහා පනවා තිබු වසරේ සීමාව වසර දෙක කිරීමත් වාණිජ වාහන සඳහා පැනවූ වසර තුනහමාරේ සීමාව වසර හතර කිරීමත් සමග ලෝක වෙළඳපොලෙන් වාහන අඩුමිලට ගෙන්වීමට හැකි වීමත් එම මිලට සාපේක්ෂව අඩු තිරුබද්දක් ගෙවීමට සිදුවීමත් නිසාත් භාවිතා කරන ලද වාහන වල මිල ගණන් 20 % පමණ පහල යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යොගා පෙරේරා මහතා සඳහන් කරයි.

Share this article with your friends