ඡිනිවා යනු ස්විට්සර්ලන්තයේ කැන්ටෙනා 23 ට අයත් එක් පලාතකි. සුදෝ සුදුවන් ඇල්ෆ්ස් කඳූවැටිය හිමි කරගත් ප්‍රංශයේ නැගෙනහිර දේශ සීමාවට එක්වු ප්‍රංශ බස කථා කරන සුප්‍රසිද්ධ නගරයකි.
ලෝක ප්‍රසිද්ධ බැංකු හිමියෝ, ධණ කුවේරයෝ, රජවරු, කුමාරවරු කුමාරියෝ , රාජකීය හොරු මෙහි ජීවත්වෙති. ඒ අතරට ලෝකයේ ජාත්‍යයන්තර සංවිධාන මුලස්ථානයන් වැඩි ප්‍රමානයක් පිහිටා ඇත්තේද මෙම නගරයේය. සමහර අවස්ථාවල ලෝකයේ පැවැත්ම පිළිබඳ තීන්දු තීරන ගන්නේද මෙම නගරයේය. උක්ත කරුනු හේතු කොට ජීනිවා නගරය ලෝකයේ බොහෝ දෙනාගේ කථා බහට ලක්වෙති. පසුගිය දිනවල › ලංකාව තුලද ජීනිවා නම සියලූ දෙනාගේ කථා බහට ලක්වුනේය. එයට පටපැඳූනු එල්එල්ආර්සී, උගත් පාඩම් කොමිසම, මානව හිමිකම්, යුධ අපරාධ යන සිංහල ඉංග්‍රිසි වාක්‍යයද කියවුනේය. ඒවා සමාජය තුල කථීකාවටද භාජනය වුනේය. සුපුරුදු ලෙස කැමැති අයද සිටිති. අකමැති ඇත්තෝද නැත්තේ නොවේ. විරුද්ධයෝද සිටිති. කිසිම දෙයක් නොදන්නෝ ගොඩක් සිටිති. ඕන බම්බුවක් යනුවෙනුත් සිටිති. සමහරු නිදි වරති.එය සමාජයේ හැටිය. ඉහත සියලූම කොටස් හැම කථීකාවකම සිටිති. ලෝක දර්මය එයයි. එබැවින් උක්ත කරුන කේන්ද්‍රය කොට ඒ වටා ඇති පරිධිය සම්බන්ධ වන ජීනිවා වෘත්තය ගැන පැහැදිලි කර ගැනීමට එම විෂය සමග ඇසුරු කර ඇති ඒ සම්බන්ධව විද්වත් විචාරයක් ලබා ගැනීම කාලෝචිත බැවින් ප්‍රංශයේ › ලංකා තනාපති ආචර්ය දයාන් ජයතිලක මහතා මුණ ගැසුනෙමි.