තමාට අධිකරණය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැතැයි හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවිය කියයි.
භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති නඩු විභාගය අවසන්ව අළුත් කඬේ අධිකරණ සංකීර්ණයෙන් පිටවයමින් ඇය මේබව කීවාය.
තමා අධිකරණයට අපහාස නොකරන බවත් පැවසූ හිරුණිකා, රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගෙන සිටින්නේ ඔහු සැකකරුවෙකු ලෙස අධිකරණය තීන්දු කර තිබියදී බවත් පැවසුවාය.
එවැනි තත්ත්වයක් තුළ අධිකරණයෙන් භාරතට සාධාරණයක් සිදු වේදැයි ඇය ප‍්‍රශ්න කර සිටියාය.