Chitika Smowtion 468x60


Monday, April 30, 2012

ජවිපෙ කම්කරු දිනයට සූදානම් වෙමින්...


ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජාත්‍යන්තර කම්කරු දින සැමරුම කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටී. එහි මැයි දින පෙළපාලිය දෙහිවල සරණංකර ක්‍රීඩාපිටියෙන් දහවල් 12.00ට ආරම්භ කිරීමට නියමිත අතර එම පෙළපාලිය පාමංකඩ, හයිවල් පාර ඔස්සේ හැව්ලොක්ටවුන් බී.ආර්.සී ක්‍රීඩාංගනයට පැමිණීමට නියමිතය. මැයි රැලිය එදින සවස 3.30ට පමණ ආරම්භ කිරීමට නියමිතය.
ජවිපෙ මැයි දිනයට සමගාමීව අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පැරදවිය හැක්කේ කෙසේද.. මැයෙන් වර්තමාන දේශපාලන තත්වය විග්‍රහ කෙරෙන පොතක් එළිදැක්වීමට නියමිතය. මැයිදින රැලිය www.jvpsrilanka.comවෙබ් අඩවිය මගින් සජීවි විකාශයක් කිරීමටද නියමිතයි.
ඡායාරූපවල දැක්වෙන්නේ ජවිපෙ සාමාජිකයින් විසින් කොළඹ බී.ආර්.සී පිටියේදී ඉදිකරන දැවැන්ත වෙදිකාවයි.

Sunday, April 29, 2012

දිනාල් විජේමාන්න සහ ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී


බොන්ඩ් කිං දේවසුරේන්ද්‍ර ගේ ගෝලයා දිනාල් විජේමාන්න සහ අගවිනිසුරු සැමි ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී

ශ්‍රී ලංකාවේ මෙතෙක් බොහෝ දෙනාගේ විශ්වාශය දිනාගත් රටේ බහුතර දුප්පත් ජනතාවගේ දහදිය මහන්සියෙන් ඉතිරි කරන මුදල් තැන්පත් කර ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අප්‍රියෙල් 27 වන සිකුරාදා ලංකාවේ ලොකුම පොලුකාරයා නොහොත් ලලිත් කොතලාවල ගේ සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට හිමිව තිබු රටේ පැරණිම ෆිනෑන්ස් කොම්පැනිය වෙන, ද ෆිනෑන්ස් සහ සමාගමේ (the Finance & Company PLC) සාමාන්‍ය ජන්ද හිමි කොටස් 7,863,362 හෙවත් ද ෆිනෑන්ස් සමාගමේ 13.02% අයිතිය මිලදී ගන්නා ලදී.

මර්වින් මගේ හිත රිද්දුවා - උපේක්ෂා


මෙගා ස්ටාර් අවසන් තරගයේ දෙවන වටයේදී උපේක්ෂා ස්වර්ණමාලි හට තම විනිශ්චය ප්‍රකශ කිරීමේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් බොහෝ දෙනාගේ පිලිකුලටත් ආන්දෝලනයටත් ලක්විය.
"'ඔව් ඉතින් අත දරුවෙක් වෙලා එයයිගෙන් කුක්කු ටිකක් බොන්න තිබුනානම් කොච්චර හොදයිද කියල හිතල බලන්නකෝ."
පසුව එම ප්‍රකාශය ගැන අමාත්‍යවරයා හා උපේක්ෂා ගේ සැමියා වූ මහේෂ් පුවත්පත් වලට ප්‍රකාශ කොට තිබුනේ අමාත්‍යවරයාගේ විහිලු ඔවුන් හදුනන බවයි.

නමුත් මෙගා ස්ටාර් තරඟය අවසන් වී වසරකටත් වැඩි කලක් ගතවූ පසුව උපේක්ෂා එම සිදුවීම පිලිබඳ සත්‍යය ප්‍රකාශකොට තිබුනේ මව්බිම පුවත්පතේ "හටන" විශේෂාංගයටයි.

දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් අවසාන මහා තරඟය (ජයාරූප එකතුව)


"දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස්" තුන්වන අදියරේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී පැවැත්වුන අතර ඒ සඳහා තරග වැදුණු තරගකරුවන් සිව්දෙනා අතරින් ජයග්‍රහණය හිමිකරගැනීමට ඉමල්ෂා මධුෂානි සමත්විය.

හොඳම නර්තන කණ්ඩායම ‍ලෙස කිරුළ පැළඳීමට "ඩේන්ජරස් ගැන්ග්" කණ්ඩායම සමත්විය.

Shaggy Live in Colombo (Pictorial)




මර්වින් නිසා බැසිල් හා ගෝඨා අතර මතගැටුමක්


අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙත ගම්පහ සන්ධාන නායක බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ සහය දැක්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොසතුටට හේතු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. කුඩු ව්‍යාපාරවලට හා කප්පම්ගැනීම්වලට සම්බන්ධව සිටි, මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ගෝලයින් කිහිපදෙනකු සුදු වෑන් යොදා පැහැරගෙන ගොස්, අනතුරුව ජනාධිපතිවරයාගේ නියමය මත මුදා හරිනු ලැබුවේද ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් හෑල්ලූ කරලා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කිරීම තුළ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පමණක් නොව වගකිවයුතු ඇමතිවරුන් පවා අපහසුතාවයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සංචාරයේ සිදු වූ සිද්ධීන් කිහිපයක් ගෙන හැර දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට ජයරත්නගෙන් අනතුරු ඇගවීමක්


ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි නායකයින් හා ක්‍රියාකාරිකයින් අමතක කොට එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි හොරුන්ට වැඩි සැලකිලි හා වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන්නේ නම් ළඟදීම එහි ඵලවිපාක බුක්තිවිදීමට ඔහුට සිදුවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතා අද කුරුණෑගල පැවති අභ්‍යන්තර සාකච්ඡාවකදී පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විශේෂ වරප්‍රසාද ලබා දීම ජයරත්න හේරත් මහතාගේ කෝපයට හේතු වී තිබේ.

Share this article with your friends