Chitika Smowtion 468x60


Tuesday, May 1, 2012

ජනපතිට, බලය පෙන්වීමට ඇමතිවරු මැයි දිනය යොදා ගෙන


ජනාධිපතිවරයාට තම තමන්ගේ ශක්තිය ප‍්‍රදර්ශනය කිරීම සඳහා, අමාත්‍යවරුන් රාශියක්ම මෙවර මැයි දිනය යොදා ගැනීමට තිරණය කර ඇති බව ශී‍්‍ර ල.නි.ප. මූලස්ථානයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු අප වෙත පැවසීය. එසේ එකඟත්වයකට පැමිණ ඇති ඇමතිවරුන් සියලූ දෙනා පාහේ පසුගිය කාලය තුළ ජනාධිපතිවරයාගේ කොන්වීමට ලක් වූ පුද්ගලයින් වේ.
ඒ අනුව, එම ඇමතිවරුන් තම තමන්ගේ ප‍්‍රතිරූප ඉස්මතු වන ආකාරයෙන් තමන්ගේ පිරිස් සමග මෙ මැයි දිනයට සහභාගිවීමට තිරණය කර ඇත. මෙම තත්ත්වය මත එම ඇමතිවරුන් තමන්ගේ ශක්තිය පෙන්වීම සඳහා විශාල සෙනඟක් ගෙන ඒමටද කටයුතු කරමින් සිටී.

ෆොන්සේකා තවදුරටත් හිර කරයි


දෙවන යුද අධිකරණය විසින් හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබූ මාස 30 සිර දඬුවම බන්ධනාගාර නීතිරීතීන්ට අනුව පසුගිය 26 වනදා අවසන් වුවද, එය ප‍්‍රතික්‍ෂේප කර ඇති නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා, ෆොන්සේකා මහතාට එම චෝදනා යටතේ නියම කළ දඬුවම අවසන් වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී බව නීතිපති දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
බන්ධනාගාර නීතිරීතීන්වලට අනුව, ඕනෑම සිරකරුවකුගේ සිර දඬුවම් කාලය තීරණය කිරීමේදී ඉරුදින, පොහෝදින. නිදහස් දින ආදී වශයෙන් වූ දිනයන් ‘‘සමා කාලයන්’’ ලෙස සලකා වසරක සිර දඬුවම් කාලයක් මාස 08යි, දින 10ක් ලෙස ගණනය කරනු ලබයි. ඒ අනුව, ෆොන්සේකා මහතාට දෙවන යුද අධිකරණය විසින් පැන වූ වසර දෙකහමාරක සිර දඬුවම අපේ‍්‍රල් 26 වනදායින් අවසන් විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින පණිවිඩය


මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලාංකීය කම්කරු පන්තිය ප්‍රමුඛ ලෝකයේ සියලූ නිර්ධනීන් වෙත සුභාශිංසන ගෙන එන්නේ කම්කරු පන්තිය සතුව ඓතිහාසික වගකීමක් පවතින බව විශ්වාස කරන, ඒ වෙනුවෙන් සංවිධානය වන, සමගි වන හා පෙළ ගැසෙන ක්‍රියාකාරීත්වයක් සඳහා මෙය මූලාරම්භයක් වනු ඇතැයි යන විශ්වාසයෙනි.
මෙවර මැයි දිනය එළඹෙන්නේ ලාංකීය කම්කරු පන්තිය බලවත් අභියෝග ගණනාවකට අභිමුඛ වී ඇති මොහොතකය.මෙය එක් අතකින් ධනපති පන්තිය ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන්, අතීතයේ පැවතුණා යැයි කියන ස්වර්ණමය මතකයක නාමයෙන් මෙන්ම අනාගතයේදී ගොඩනැගීමට පොරොන්දු පිට පොරොන්දු දෙන ආශ්චර්යයක නාමයෙන් තමන්ටම විලංගු පැළඳ ගන්නැයි කම්කරුවාට බල කරනු ලබන මොහොතකි.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවුඩය


අද මැයි දිනයයි. මැයි දිනයේ ඉතිහාසය යනු පැය 8කට සීමාවූ වැඩ දිනයක් දිනා ගැනීම සඳහා වැඩකරන ජනතාව ජීවිත, ලේ, දහඩිය, අසීමිත ලෙස පරිත්‍යාග කරමින් දගු කලක් තිස්සේ නොනැවතී ජයග්‍රහණය තෙක් පෙරට ගෙන ගිය කටුක අරගලයේ ඉතිහාසයයි.
එම අරගලයේදී මිල කළ නොහැකි පරිත්‍යාග කරමින් සටන් කළ වීරවරියන් වීරවරුන් සැමරීම සඳහා වෙන් වුණු මැයි දිනයේදී ලොව පුරා ජනතාව සිය ශක්තිය ඒකරාශී කරති¦ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ශී්‍ර ලාංකේය වැඩකරන ජනතාව මැයි දිනය සමරන ලොව පුරා ජනතාව සමඟ අත්වැල් බැඳගනී.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින පණිවුඩය


මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කරන ලද්දේ සියළු ජාතීන් අතර, එක්සත් භාවය හා එකමුතුව සුරක්‍ෂිත කරලමින් දේශයට සෞභාග්‍ය උදාකරලීමේ අරමුණෙනි.
සෑම ජන කොටසක්ම නියෝජනය කරන හා සෑම ජන කොටසකටම එකසේ අවස්ථාවන් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම දේශපාලන පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂයයි. අප මෙවර මැයි දිනය යාපනයේ සැමරීමට තීරණය කළේ මහාමාන්‍ය ඩී එස් සේනානායකයන්ගේ ඒ උදාර අරමුණ තව දුරටත් තහවුරු කරලීම උදෙසාය.

හෙන්රි ජයසේනයන්ට අඩි දෙකක් වත් හිමි නැද්ද?


නැසීගිය ප්‍රවීන රංගධර හෙන්රි ජයසේනයන් සිහිවීම සඳහා ස්මාරකයක් තැනීමට බොරැල්ල කනත්තේ වර්ග අඩි හතරක ඉඩක් ලබාගැනීමට කාලයක සිට උත්සාහ කලද තවමත් එය ඉටුවී නැතැයි හෙන්රි ජයසේනයන්ගේ පුත් සුදාකර ජයසේන පවසනවා.

"පියාගේ ස්මාරකයක් ඉදිකිරීමට බොරැල්ල කනත්තේ ඉඩක් ඉල්ලුම් කළාම ඒක ලැබුනේ නැහැ. එම බලධාරීන් ඒ සම්බන්ධයෙන් පවසන්නේ කොළඹ ප්‍රදේශයේ පදිංචි පිරිසට පමණක් මෙම තත්ත්වයට හිමිකම් කිව හැකි බවයි. නමුත් මගේ පියාටත් මවටත් එසේ තහවුරු කළ හැකි කොළඹ පදිංචියක් නැහැ.

ජනපතිගේ මැණික් කටුව


පසුගිය කාලයේ ජනපතිවරයා වම් අතේ මැණික් කටුවේ ආබාධයකින් පෙළී ඇති බව වාර්තා වේ.නිල නොවන වාර්තා සඳහන් කරන ආකාරයට ජනපතිවරයාට මෙම අනතුර සිදුවී ඇත්තේ ගම්පහ ව්‍යායාම පථය විවෘත කරන්න ගිය අවස්ථාවේදීය.

එම පථය විවෘත කිරීමට යාමේදී ජනපතිවරයා ඇදවැටී ඇති අතර එයින් එතුමාගේ වම් අතේ මැණික් කටුව අසලට තුවාල සිදුවී ඇත.මෙම සිදුවීම ඒ අවස්ථාවට පැමිණි මාධ්‍යයවේදින්ටද නිරාවරණය වූ අතර එම අවස්ථාවේ ජායාරූප ගැනීම තහනම් කොට ඇත.

පසුව කොළොඹ නිදහස් මාවතේ විවෘත වූ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජනපතිවරයා සහභාගී වී ඇත්තේ තුවාල වූ වම් අතට බැන්ඩේජ් යොදා ගෙනය.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ජායාරූප ගෙන ඇති අතර පසුව ජනපති ආරක්ෂක අංශය විසින් බැන්ඩේජ් කරන අත සහිත ජායාරූප ඔවුන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

මැයි දිනය වෙනුවෙන් යාපනේ ගිය රනිල්



Share this article with your friends