Chitika Smowtion 468x60


Friday, May 4, 2012

ඇමතිවරුන් 4කට එරෙහිව පොලිස් පරීක්ෂණ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය මත ඇමතිවරුන් තිදෙනෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට එරෙහි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ජෝන් සෙනවිරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලූත්ගමගේ යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධණ මහතා සම්බන්ධයෙන් එසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා සහ රෝහිත අබේගුණවර්ධන නියෝජ්‍ය අමතා්‍යවරයා ජනාධිපතිවරයාගේ සමීපතම ගෝලයින් වුවද ඔවුන් දෙදෙනා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පවරන ලද රාජකාරී කිහිපයක් පැහැර හැරීම ජනාධිපතිවරයාගේ නොසතුටට හේතු වී තිබේ.

හිරුණිකාගේ මැයි දින සටන ජනපතිවරයා වලක්වයි


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උපසභාපතිවරයකුවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එම පක්ෂයේ බැනරය යටතේ මැයි දින පෙළපාලියට සහභාගි වී, එම පෙළපාලිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළිය පැවති නගර සභා ක්‍රීඩාංගනයට ඇතුළුවීමත් සමඟ පිටව යෑමට තීරණය කර තිබුණද ජනාධිපතිවරයාගෙන් ලැබුණු නියෝගයක් මත ඇයගේ එම මැයි දින විරෝධය වැලකී ගොස් තිබේ.
ඇයගේ එම මැයි දින වැඩසටහනට මහජන පක්ෂයේ එකඟතාවය පළ වී තිබූ නමුත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට වාර්තාවීමත් සමඟ ඔහු හිරුණිකාගේ මව කැඳවා දියණියගේ වැඩසටහන වලක්වන ලෙස නියෝග කොට තිබේ.

ගෝඨාභය මහින්දත් පච කරයි


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මර්වින් සිල්වාගේ ඉතාම කිට්ටු සගයෙකු වූ අමල් රොඩ්රිගෝ ආරක්‍ෂක අංශ අත්අඩගුවට පත්වීමෙන් පසු කළ පාපොච්චාරණයක වීඩියෝ තැටියක් පිරිසක් ඉදිරියේ පෙන්වා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ද ලැජ්ජාවට පත් කර ඇති බව අප වෙත වාර්තා වේ.
අමල්ගේ දෑස් අත්පා බැඳ මෙම පාපොච්චාරණය ලබාගෙන තිබූ බව එය දුටුවෙක් අපත් සමග පැවසීය.

Thursday, May 3, 2012

මැයි දිනෙත් පඩි නැතිව වැඩකරන හිරු


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරාට අයත් හිරු ටීවී ආයතනය සිය විකාශන ආරම්භ කිරීමටත් පෙර සිටම එහි සේවකයන් අමානුෂික ලෙස සූරාකෑම ආරම්භ කර ඇත.

පැය අටක වැඩ දිනයක් කම්කරුවන්ට හිමිකර දුන් ලෝක කම්කරු දිනයේ ද කිසිදු අතිකාල දීමනාවකින් තොරව රාජකාරියේ යෙදීමට සලස්වා ඇත. 


කම්කරු දිනය සාමන්‍යයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් හට නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් රූපවාහිනී ආයතන මෙන් ම වෙතක් අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතනයන්හි ද සාමන්‍ය ක‍්‍රියාපටිපාටිය වනුයේ එවැනි ප‍්‍රසිද්ධ නිවාඩු දින වල සේවයේ යෙදෙන සේවකයින් සඳහා අතිකාල දීමනා හෝ ඒ වෙනුවෙන් වෙනත් නිවාඩු දින ලබාදීමයි. 


ස්වාධින රූපවාහිනිය නිෂ්පාදනය කල "යාපනේ කොටි ධජය"


මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ" මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද ප්‍රදර්ශනය කරමින් ගිය බව පසුගියදා අප වාර්තා කළා.

මේ වනවිට වාර්තා වන්නේ එය ස්වාධින රුපවාහිනියේ සභාපති වන රොස්මන්ඩ් සේනාරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතු නාටකයක් බවයි.

මැයි රැලිය ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් යාපනයට පැමිණ සිටියද කොටි ධජය රැගෙන යන තරුණයා පුදුමාකාර ලෙස හසුවන්නේ අයි.ටි.එන් කැමරා ශිල්පියාට පමණකි.



අතුල හා කාවිංග ගේ හොර එළිවේ



අතුල අධිකාරි හා කාවිංග පෙරේරා මාධ්‍ය හමුවේ වසන් කල සත්‍ය පසුගියදා පැවති සාදයකදී අනාවරණය වුනි.

අතුල අධිකාරිගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුල අධිකාරිගේ බිරිඳ වන ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව රජයේ ප්‍රබල ඇමතිවරයෙකු සමග සම්බන්ධතාවයක් ඇති කරගැනීමත් සමගය.

ඉන් පසුව අතුල විසින් මෝස්‌තර නිරුපිකාවක් වන අමායා සමග සම්බන්ධතාවයක් ඇතිකරගනු ලැබුවා.මෙම සම්බන්ධකම් එලෙස පවතිද්දී ඔවුන්  මාධ්‍යයට පැවසුවේ තමන් අතර එවන් ගැටළු නැති බවයි.

නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා පසුගිය කාලයේ විවාහ ගිවිසගත් තරුණිය සමග තිබු සම්බන්ධතාවය බිඳී ගියේ නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි හේතුවෙනි.

නමුත් මාධ්‍ය හමුවේ මොවුන් දෙදෙනාම කියා සිටියේ එවන් සම්බන්ධයක් නොමැති බවයි.නමුත් පසුගියදා පැවති සාදයකදී අතුල හා කාවිංග සිටියේ ඔවුන්ගේ සුපුරුසු පෙම්වතියන් සමගයි.එම සාදයේ ජායාරුප එකතුව පහතින් බලන්න 



හැටන් පාරවල් එළකිරෙන් නැහැවේ


කිරි අලෙවි කරගැනීමට නොහැකි බව පවසමින්  ඊයේ දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීහු උද්ඝෝෂණයක නිරත වූ අතර විරෝධය පෑමක් වශයෙන් දොවාගත් කිරි පාරට මුදාහරිමද සිදු කරන ලදී.
කිරි ගොවියන් සිය එල හරක් සමග මෙම උද්ඝෝෂණය හැටන් මල්ලියප්පු මංසන්ධියේ සිට හැටන් ශ්‍රි මානික්‍ය පිල්ලේයාර් කෝවිල ඉදිරිපිටට වන තෙක් සිදු කල අතර ඉන් අනතුරුව වාහනයකින් ගෙනා කිරි පාර මධ්‍යයේ මුදා හරිනු ලැබිය.ඇතැම් ගොවින් එම කිරි වලින් ස්නානය කිරීමද සිදු කරන ලදී.

මිල්කෝ සමගම විසින් කිරි අතිරික්තයක් ඇති බව පවසමින් මිලදී ගැනීම් සිමා කිරීම හා කිරි ලීටරයකට ලැබෙන මිල අඩුවීම හේතුවෙන් කිරි ගොවින් මෙසේ කනස්සල්ලට පත්ව සිටිති.

කිරි පාරට මුදා හල ආකාරය බලන්න පහතින් 

නිධන් හෑරූ එස්.ටී.‍එෆ් සෙබළුන් ගම්වාසීන්ට කොටුවේ


ප්‍රභූ නායකයෙකුගේ දේශපාලඥ පුත්‍රයෙක් මේ පිටුපස ඉන්නවා - ප්‍රදේශවාසීන්

අනුරාධපුර විලච්චිය, දුනුමඩලාව, හිවලාපිටිය වැවේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් නිදන් හාරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් හා ප්‍රදේශවසීන් අතර ගැටුමක් හටගෙන තිබේ.

ඊයේ රාත්‍රී 7.30ට පමණ විශේෂ කාර්ය බලකා සෙබලුන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔවුන් අදාළ ස්ථානයේ රැකවල්ලා සිට අලුයම් කාලයේදී බැකෝ යන්ත්‍රය ආධාරයෙන් නිධානය පිහිටි බවට සැකකරන ස්ථානයේ කැනීම් සිදුකර තිබේ. 


එහිදී ප්‍රදේශවාසීන් පැමිණ එම සෙබළුන් පිරිස වටලා ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී ඇත. නමුත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් එස්.ටි.එෆ් බට පිරිසට නිතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඔවුන් සමග එක්ව ගම්වැසියන් මර්ධනයකොට ඇත.

ඊයේ රාත්‍රියේ සිට නිධන් හැරිම පිලිබඳ අවදියෙන් සිටි ගම්වාසින් මේ පිළිබඳව කියන්නේ මෙවැන්නක් 

Share this article with your friends