
හිරු ටි.වී විකාශය මැයි තුන් වනදා විකාශය ආරම්භ කරන බව ප්‍රකාශ කොට තිබුනේ ඒ.බි.සි මාධ්‍ය ජාලයේ හිමි කරු වන රෙනොර් ද සිල්වා මහාතා වේ.ඒ බව ඔහු නිල වශයෙන් මාර්තු මස 22 වනදා ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.
නමුත් හි.රු ටි.වී නිල වශයෙන් විකාශ කටයුතු ආරම්භ කිරීම ජුලි මස සිදු වන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
හිරු ටි.වී පිලිබඳව අප ලිපි කීපයක් මගින් හෙළිදරව් කල අතර මෙයට පෙර ලිපිය අප අවසාන කලේ අනිසි ආකාරයට ලබාගෙන ඇති විකාශන සංඛ්‍යාත මගින් සිරස ඇතුළු අනෙකුත් නාලිකා වල විකාශනයන්ට බාධා සිදුවන ආකාරයට හි.රු ටීවී විකාශය ආරම්භ කිරීමට සුදානමින් සිටින බවයි.