Chitika Smowtion 468x60


Sunday, May 6, 2012

අන්තර් ජාතික නීති කඩකරමින් කම්කරු මර්දනයට නව නීති ?


අන්තර් ජාතික කම්කරු සංවිධානය විසින් සම්මත කර තිඛෙන කම්කරු අයිතිවාසිකම් පවා උල්ලංගනය කරමින් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමේ නව නීති සම්පාදනය කිරීමට ආණ්ඩුව සුදානම් වන බව වාර්තාවේ.
කම්කරු අයිතිවාසිකම් සේම හාම්පුතුන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා විය යුතු බව සඳහන් කරමින් එම නීති සම්පාදනය කිරීමට සූදානම් වේ. වෘත්තීය සමිති මෙම කම්කරු විරෝධී පියවරට දැඩි ලෙස විරෝධය පළ කර ඇත. අලූතින් හඳුන්වා දීමට යන නීති මගින් අන්තර ජාතික කම්කරු සංවිධානය සමඟ එකඟවී තිඛෙන්නේ 87වන සහ 98වන සම්මුතීන් උල්ලංගනය වන බව අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙයි. එහි සභාපති වසන්ත සමරසිංහ මහතා පවසන්නේ 87වන සම්මුතිය මගින් කම්කරුවන්ට සංවිධානය වීමේ අයිතිය හා 98 සම්මුතිය මගින් සාමූහික කේවල් කිරීමේ අයිතිය සුරැකී තිඛෙන බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඩමක් පෞද්ගලික පරිහරණයට ?


රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සතු දඹුල්ලේ පිහිටි පර්චස් 41.23ක ඉඩමක් තානායමක් ඉදිකිරීම සඳහා කොලොන්නාවේ පදිංචි පුද්ගලයකුට ලබා දී ඇත.
මෙම ඉඩම අදාළ පුද්ගලයාට ලබා දී ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මාර්තු 24වන දින නිකුත්කර ඇති එම්.ඩී/යූ.ඩී/01/75 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුවය.

පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි ?

2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌ නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌ විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.

මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.

නවීකරණය කල දහඅට වංගුව අද ජනතා අයිතියට


රුපියල් කෝටි 500ක වියදමින් සංවර්ධනය කෙරුනු මහනුවර - මහියංගණය 18 වංගුව මාර්ගය අද (06) ජනපති අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

නව මාර්ගය සංවර්ධනයේදී අඩි 50 ක පළලක් සහිතව මෙම මාර්ගයනිමවා තිබෙනවා.ඒ අනුව කන්ටේනර් රථ දෙකකට වුවද එකවර මෙම පාරේ මාරුවීමට හැකියාව තිබෙනවා.


විවිධ දේශගුණික තත්ත්ව යටතේ අනතුරු අවම වන ආකාරයට මෙම මාර්ගය නිමවා ඇති අතර මෙයට පෙර දහඅට වංගු පාරේ මහියංගනයේ සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන අද සිට පැය එකහමාරකින් නිම කල හැකි බව මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පවසනවා.

නවීකරණය කල දහඅට වංගුවේ ජායාරුප එකතුවක් හා වීඩියෝවක් පහතින් බලන්න 

වෙසක් අසිරිය



සිංගප්පුරුවේ පිහිටා ඇති එකම බෞද්ධ විහාරස්ථානය වන "ශ්‍රී ලංකාරාමයේ" වෙසක් සැමරුම පහතින් බලන්න 
ජායාරුප එව්ව්වේ : මංගල තිලිණ


ශක්ති ජනක පාන වලට ඔබත් කැමති ද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න.


ශක්ති ජනක පාන වර්ග බීම නිසා තරුණ තරුණියන්ගේ දත් දිරායාම දෙගුණයකින් ඉහළ යන බවට දන්ත වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවනවා .

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ වරලත් දන්ත වෛද්‍ය ආයතනයයි.

ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව ශක්ති ජනක පාන මෙන් ම ක්‍රීඩකයන් භාවිත කරන පාන මගින් ඇතිවන සෞඛ්‍ය හානිය කිසිදු අයුරකින් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි මට්ටමක පවතින බවයි සොයාගෙන තිබෙන්නේ.

අදාළ බීම වර්ගවලට දින පහක් දත් නිරාවරණය වුවහොත් දන්ත එනැමලයට බරපතළ හානි සිදුවෙන බව එම පරීක්ෂණ කණ්ඩායම වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.


උදාරි දැන් ගායිකාවක්


චිත්‍රපට රංගනයෙන් ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසුරිය මේ දිනවල සිය දරු ප්‍රසුතිය සඳහා සිංගප්පුරුව බලා යාමට සුදානමින් සිටිනවා.

කෙසේ නමුත් එයට පෙර ඇය විසින් ගායනා කල ගීතයක් මාධ්‍යයට මුදාහැරීමට ඇය කටයුතු කර තිබුනා.

රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් වීමටද ඇය තුල තිබු ආශාව මුදුන් පත්කරගැනීමට මෙම ගීතය තුලින් ඇයට හැකිවී තිබෙනවා.

මෙම ගීතය නිර්මාණය කිරීම සඳහා භාතිය - සන්තුෂ් ඇයට උදව් වී තිබෙනවා.සම්පත් ප්‍රනාන්දුපුල්ලේ විසින් රචිත ගීතය සංගීතවත් කර ඇත්තේ භාතිය විසිනුයි. 

උදාරිගේ ගීත ගැයීමේ හැකියාව පහතින් අහන්න 

නදීෂා මව් පදවිය ලබයි


ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි නදීෂා අලහප්පෙරුම පසුගිය මාසයේ මව් පදවිය ලබා ඇතැයි වාර්තා වේ.

බොහෝ කලක සිට ඇය මේ වෙනුවෙන් කැපවී රංගනයෙන් ඉවත්වී සිටි අතර තවත් අවරුද්දකින් පමණ ඇය නැවතත් රඟපෑම් කටයුතු සඳහා එක්වීමට නියමිතයි.

පසුගිය අප්‍රේල්  23 වනදා කොළොඹ ආසිරි රෝහලේදී උපත ලැබූ පුත් රුවන හේතුවෙන් නදීෂා හා අගේ සැමියා වන අමිල මේ දිනවල සතුටින් කල්ගෙවන බවයි වාර්තා වන්නේ.




Share this article with your friends