දැනට භාවිතාවන ප්‍රාදේශීය කොට්ටාශ ක්‍රමයට විරුද්ධව, සමාජ කොට්ටාශ හැටියට ඡන්ද විමසීම තමා සෝවියට් ක්‍රමය කියන්නේ. සමාජ කොට්ඨාශය හදුන්වන්න තමා සෝවියට් යන වචනය ආවේ.
දැන් අපි ආසනය කියන්නේ භූගෝලීය ප්‍රදේශයක්. එතකොට එයට එක් සමාජ කොටසක් වෙනුවට විවිධ කොටස් ඇතුල් වෙනව. ඒ අනුව පංති උවමනාව වෙනුවට, පවුල, ගම, කුලය, ආගම ආදිය උඩ කැමැත්ත ප්‍රකාශ වෙනව මිස සමාජ උවමනාව එළියට එන්නේ නෑ.