Chitika Smowtion 468x60


Thursday, May 10, 2012

ජනාධිපතිවරයා සැටලයිට් හරහා දේව පුජාවක


නාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොරියා සංචාරයේ යෙදීසිටි සමයේ, ඔහුට බරපතල අපලයක් ඇතැයි දැනගත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනාධිපති වැලිමිටියාවේ කුසලධම්ම හිමිපාණන් විශේෂ කට්ටඩියෙකු ජනාධිපති මන්දිරයේ භූගත කුටියකට රැගෙන ගොස් විශේෂ පුජාවක් පැවත්වුබව අප මිට පෙර හෙලිකලෙමු. ඒ ආශිත තවත් තොරතුරු රැසක් මේවනවිට අප වෙත වාර්තාවී තිබේ.
ජනාධිපතිවරයාට ඇතිව තිබුනේයැයි කියන කාලි මෑණීයන්ගේ බලපෑමෙන් මුදවා ගැනීම සඳහා මෙම පූජාව පවත්වා ඇත්තේ, සැටලයිට් 3D තාක්ෂණය ඔස්සේය. ඒ අනුව ලංකාවේ ජනාධිපති මැදුරේ සිටි කට්ටඩියා 3D තිරයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දී ඇති අතර, ජනාධිපතිවරයා කොරියාවේ සිට සැටලයිට් මාර්ගයෙන් පූජාවට පේවී ඇත. මෙම පූජාව සඳහා එම මොහොතේ කාලි මෑණියන්ගේ පිළිරුවක් එළකිරි වලින් නෑවීමට කට්ටඩියා දන්වා ඇත. එවිට ලංකාවේ වේලාව පාන්දර 2.30 ට පමණ වී තිබේ. කොරියාවේ ජනාධිපතිවරයා නතර වී ඇති හෝටල් ප්‍රදේශයේ කාලි මෑණියන්ගේ පිළිරුවක් සොයා ගැනීමට ඉතා රහසිගත මෙහෙයුමක් දියත් වී ඇත. ඒ අනුව පිළිමය හොයා ගන්නා විට අළුයම 4.00 ත් පසුවී ඇත. එම පිළිමය සොයා ගෙන ඇත්තේ කොරියාවේ ඇති ලංකාවේ තානාපති කාර්යාලයට සම්බන්ද බාසු කනගරත්නම් නැමැති පුද්ගලයාගේ නිවසෙනී.

නිදන් සෙවීමට ගොඨාගෙන් ලේසර් අවි


භූගත දෑ ඉතා සියුම්ව නිරික්ෂණය කල හැකි ලෙසර් අවි 16ක් ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සමිපතම ගොලයකුවන විශේෂ කාර්ය බලකායේ මේජර්වරයෙකු වූ ගොඩමුන්න අතට පත් කර තිබෙන බව වාර්තා වේ.
අදාල අවි ඉරාන ආයුධ ජාවාරම්කරුවෙකු වූ නුසරිඩ් ජෙගන් හරහා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය ජනවාරි මාසයේය. පසුගියදා සිදු වූ පුරාවස්තු මංකොල්ලයකට මේජර් ගොඩමුන්න යටතේ ඇති බලඇණිය සම්බන්ධ බවද වාර්තා වේ.

Wednesday, May 9, 2012

මග්ගොනින් අමුතු මාලුවෙක් මතුවේ


මග්ගොන මාළු වෙළඳපොළට ගෙන ආ මාළු ගොඩක තිබී මෙතෙක් හදුනා නොගත් මත්ස්‍යයෙක් සොයා ගෙන තිබේ.

මෙම මාළුවාගේ වරල් අත් දෙකකට සමාන වන අතර ඇස් ඇති බවක් පෙන්නේ නැහැ.එම මාළුවාගේ ජායාරුපයක් පහතින් බලන්න 

තමන්ගේ මරණය වීඩියෝ කළ තරුණයා


එප්පාවල තරුණයෙක් ඊයේ සියදිවි හානි කරගත්තා. ඔහු මියයාමට පෙර ඒ අවස්ථාව වීඩියෝ ගතකර තිබෙනවා.

වසන්ත ප්‍රදීප් බණ්ඩාර නම් ඔහුගේ 19 වන උපන්දිනයට ඒ වනවිට තිබුනේ දින 2ක් පමණයි.

ගාල්ලේ පරිගණක ආයතනයක සේවය කරන ඔහු ඊයේ එප්පාවල පිහිටි තම නිවසට පැමිණ තමා සියදිවි හානි කරගන්නා බව ඔහුගේ හොඳම මිතුරෙකුට එස්.එම්.එස් පණිවුඩයක් මඟින් දන්වා තිබෙනවා.

ගෙදර පහණ උඩ තිබෙන ජංගම දුරකථනයේ වීඩියෝ දෙකක් තිබෙන බවත් ඇවිත් ඒවා බලන ලෙසත් එහු එහි සඳහන් කර තිබෙනවා.


ඉන් එක් වීඩියෝ එකක ඔහු සියදිවි හානි කරගැනීමට හේතුව දක්වා කළ කථාවක් තිබූ අතර අනෙක් වීඩියෝවේ තිබී ඇත්තේ කැමරාවේ වීඩියෝ ඔන් කර තැබීමෙන් පටිගතවූ සියදිවි හානි කරගන්නා ආකාරයයි.

අත්තනගල්ලෙන් මතුවූ මෝහිණී ගැන ඇත්ත කතාව


අත්තනගල්ලේ බොනෑගල නම් ගම්මානයෙන් මතුවූ මෝහිණී පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප හෙළිදරව් කළා.

එහිදී එම ලිපිය කියවූ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි මෙම සිදුවීම පිලිබඳ එහි ප්‍රදේශවාසින්ගෙන් කරුණු දැනගැනීමට හැකි වුවා.

මෙහි පලවන්නේ එහි ප්‍රදේශවාසීන්ගෙන් අප සොයාගත් තොරතුරුය. මාධ්‍යය මගින් වසන් කල ඇතැම් තොරතුරු මෙමගින් හෙළිදරව් වන අතර ජිවත්වන හෝ මිය ගිය කිසිදු පුද්ගලයෙකුට අපහාස කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

මෙම ගමෙහි සුදු ඇඳගත් කාන්තාවක් පිලිබඳ බියක් ඇතිවන්නේ එක්තරා  සිද්ධියක් මුල්කරගනිමින්ය.

එනම් පිලංකඩ නම් ප්‍රදේශයේදී එක පුද්ගලයෙ

කොරියාවේදී ගින්නට හසු වූ මිතුරන් තිදෙනා


තිලංග සශික සම්පත් ජයසූරිය

හසලක වේරගංතොට, පාලම හන්දියේ තිලංග සශික සම්පත් ජයසූරිය මේ අනතුරින් මියගිය එක් අයෙක් ඔහු විවාහක අයෙකු වන අතර වයස 24 ක තරුණයෙක් .

රැකියාව සඳහා දකුණු කොරියාවට ගොස් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගිය අතර ඔහු රැකියාව සඳහා ගොස් ඇත්තේ 2010/07/21 වන දිනයි .

ඔහු විවාහ දිවියට ඇතුළත්ව ඉතා සුළු කලෙකින් එතෙර රැකියාව සඳහා පිටව ගොස් ඇත්තේ තම කැදැල්ල ශක්තිමත් කිරීමටත්, තමන්ගේ මාපියන් හට සැලකීමටත් බව මිය ගිය සශිකගේ බිරිය වන චතුරිකා සිල්වා (23) මහත්මිය පැවසුවා.

ඇය දැනට පෞද්ගලික වෙළෙඳ ආයතනයක රැකියාවක නියුතුව සිටී. මේ පුංචි කැදැල්ලට වරක් දරුවකුගේ බලාපොරොත්තු ඇති වූ බවත් එය ටික කලෙකින් නැතිවූ බව ඇගේ මාපියෝ පැවසූහ. කෙසේ වෙතත් දැන් බිරිද තනිවී හමාර ය.

මම දේශපාලනයට එන්නේ නෑ - මාලක සිල්වා


මගේ ව්‍යාපාර වැඩි දියුණු කරන් ඉන්නවා 

මෙයට පෙර අප ලිපියක් මගින් හෙළි කලේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් "තමාගෙන් පසුව කැලණිය තමාගේ පුතුට බාර දෙන බවට" මාධ්‍යය හමුවේ කල ප්‍රකාශයකි.


එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පිටතින් ඇප්ලිකේෂන් ගැනීම අනවශ්‍යය බවත් තමාගෙන් පසු තම පුතා ඒ සඳහා ඉදිරිපත්ව සිටින බවත්ය.

නමුත් අද දින (09) පුවත්පතකට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ප්‍රකාශකොට තිබුනේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තමාට කිසිසේත්ම අදහසක් නැති බවයි.

NSB මගඩිය අගවිනිසුරු මෙල්ල කිරීමේ කුමන්ත‍්‍රණයක් !


ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් මිලදී ගැනීම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව සිදු වූවක් බව හැඟවීමට ජනාධිපතිවරයාට හිතවත් පෞද්ගලික මාධ්‍ය කිහිපයක් බලවත් උත්සාහයක් දැරූවද, එය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ මග පෙන්වීම මත සිදු වූ දේශපාලන කුමන්ත‍්‍රණයක් බව අප අවධාරණය කර සිටිමු.
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙල්ල කර තබා ගැනීම මෙම කුමන්ත‍්‍රණයේ මූලික ඉලක්කය වී තිබේ. අගවිනිසුරුවරිය රාජපක්‍ෂවරුන්ගේ අතකොළුවක් ලෙස පසුගිය කාලය තුළ ප‍්‍රසිද්ධියේම කටයුතු කළේය. එහෙත්, රට තුළ නීතිය කෙරෙහි විශ්වාසය දිනෙන් දින පළුඳු වෙමින් පවතින බැවින්, අධිකරණය කෙරෙහි යළිත් විශ්වාසයක් ඇති වන පරිදි කටයුතු කිරීමේ වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකු ඇය වෙත පසුගියදා අවධාරණය කර තිබේ.

Share this article with your friends