Chitika Smowtion 468x60


Sunday, May 13, 2012

තංගල්ලේ එස්.ටී.එෆ්. සෙබළු විෂමාචාරයේ


හම්බන්තොට, තංගල්ල, මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව සේවය කරන ඇතැම් සෙබළුන් ප‍්‍රසිද්ධියේම මංකොල්ලකෑම් ඇතුළු විෂමචාර කටයුතු සිදු කරන බවට තොරතුරු වාර්තා වේ.
ජනාධිපතිවරයා ඇතුළු පවුලේ ඥාතීන්ට අමතර ආරක්‍ෂාව සැපයීම අරමුණින් මෙම කඳවුර තංගල්ල ප‍්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ අතර, එයට අනුයුක්තව සේවය කරන ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් විෂමාචාර චෝදනා ගණනාවක් ප‍්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කර ඇත.

අතුල - අමායා කැදැල්ලට පුංචි අමුත්තෙකුත් ලඟදීම


අතුල අයියයි මමයි විවාහ උනේ 2010 මුලදියි - අමායා
අතුල අධිකාරිගේ හා නිරුපන ස්ජිල්පිනියක වන අමයාගේ රහස් පෙම පිලිබඳ මෙයට පෙර ලිපි කිහිපයකින් ගොසිප්9 විසින් හෙළිකරනු ලැබුවා.

මෙම සති අන්ත පුවත්පතකට අදහස් දැක්වූ අමායා ප්‍රකාශකොට ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇයගේ ආදරය අතුල සමගින් විවාහයකින් අවසන් වූ බවය.

ඒ පිළිබඳව අමායා පවසන්නේ මෙවැනි දෙයක්. 


අමායා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්. මගේ ආදරය දැන් විවාහයකින් කෙලවර වී හමාරයි. 

ඒ කිව්වේ ඔයා විවාහකද?

Saturday, May 12, 2012

දුමින්ද සිල්වාගේ කාමර ගාස්තුව පමණක් මිලියන 18-39ත් අතර


කොලොන්නාව වෙඩි තැබීමෙන් හා වෙඩි වැදීමෙන් අසාධ්‍යව සිංගප්පූරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද සිල්වාගේ රෝහල් කාමර ගාස්තුව පමණක් රු. මිලියන 18ට වැඩි බව වාර්තා වෙනවා. 

දුමින්ද සිල්වා එම රෝහලට ඇතුලත් කර දින 190ක් ගතවී ඇති අතර එම රෝහලේ අවම කාමර මිල ගනන් හා සැසඳීමේදී රු. මිලියන 18ක මුදලක් හා උපරිම මිල ගනන් සහිත කාමර සැලකීමේදී මිලියන 39ක මුදලක් වියදම් කර තිබෙනවා.

රාජපක්ෂ නිදන් හොරුන්ගේ මහවිලච්චිය මෙහෙයුමේ සත්‍ය කතාව


ප්‍රශ්න ගැන පොලිස්පතිගේ මුඛ පූට්ටු:
බයගෝතා රණවිරුවන් නිධන් හොරුන් කල හැටි.


පසුගිය මැයි 01 දා රාත්‍රී එස්.ටී.එෆ්. භටයන් නිධන් හෑරීමට ගොස් අතටම හසුවීමෙන් පසුව ඊට සතියකට පසු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සුරංගනා කතාවක් කීවේය. එසේ කියමින් තමා එස්ටීඑෆ් භටයන් යැවූ බවට වගකීම බාර ගත්තේ ය. ඔහුගේ එම නිවේදනය අනුව පැන නගින ප්‍රශ්න කිහිපයක් 
අප ඉදිරිපත් කළ අතර තවත් මාධ්‍යයද එම ප්‍රශ්නම නඟා තිබිණ. දින දෙකක් පසු වුවද අද (10) දක්වා පොලිස්පතිවරයා එම ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නේ ය. 

කෙසේ වෙතත් සිදුවූ සත්‍ය සිදුවීම ගැන 
අප වෙත මේ වන විට සම්පූර්ණ තොරතුරු ලැබී තිබේ. පොලිස්පති සත්‍යය නොකියන බැවින් අප මෙසේ හෙලිකරමු.

එස්ටීඑෆ් හෙවත් පොලිස් විශේෂ කාර්ය බලකායට අණ දීමට පොලිස්පතිවරයාට කිසිදු බලයක් නැත. ඔහු වගකීම බාරගත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ බල කිරීමට ය. එදින මැයි 01 දා මහවිලච්චිය නිදන් හෑරීමට අණ දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය නම් රාජපක්ෂ නිදන් හොරු කණ්ඩායමේ බාලයා විසිනි.

පහළ ඝනයේ මරාවාදියෙකු වූ රදලියගොඩටත් යටවූ ශ්‍රී ලංකාවේ අධිකරණය තමාටම අපහාස කරගනී


විනිසුරුවරුන් විසින්ම අන්දරේගේ විහිළු කතා මණ්ඩපයක් බවට පත් කර ගෙන ඇති ශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ආසන සංවිධායක, අයිටීඑන් මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දෙවන වරටත් පොලීසියට නියෝග කෙළේ ය.

ඊයේ මෙම විහිළු නියෝගය කෙළේ කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය යි.

ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් රදලියගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව 
පෙරේදා යළි (10) කැඳවූ අවස්ථාවේ අදාළ නියෝගය නිකුත් කළාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර වරෙන්තු නිකුත් කර තිබුනද ඒවා පයිසෙකටවත් ගණන් නොගන්නා රදලියගොඩ අධිකරණය හමුවේ පෙනී නොසිටිනවා පමණක් නොව පොලිසි වලටද යමින් එමින් උසස් නිලධාරීන් සමග කමින් බොමින් පී්‍රතිවෙමින් සිටී.

අධෝ මුඛයෙන් පවා සිනහා යන Gotha's War එළිදකී: නිදන් හොරාගේ යුද කෙරුවාව


අධෝ මුඛයෙන් පවා සිනහා යන සිදුවීමක් ලබන 14 වෙනිදා වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.

ඒ 'ගෝඨාගේ යුද්ධය' හෙවත් Gotha's War නමින් ඉංගිරිසි භාෂාවෙන් ලියූ පොතක් එළි දැක්වීමයි.

කොග්වීල් බුද්ධිමතෙකු යැයි තමා විසින් කියාගනිමින් 'දි අයිලන්ඩ්' පුවත්පතේ අකුරු කරණා සී.ඒ. චන්ද්‍රප්‍රේම මෙහි කතුවරයා ය. 88-89 කාලයේ 'තඩි ප්‍රියන්ත' නමින් 'ප්‍රා' නමැති මිනීමරු අතුරු හමුදා කල්ලිය මෙහෙයැවූයේ මොහුගේ නායකත්වයෙනි. ඔහු මැරූ මිනිසුන් වෙනුවෙන් අද දක්වා නඩු නැත. උසාවි නැත.

ගෝඨාභය රාජපක්ෂ 1990 දී සුදුසු ශරීර සෞඛ්‍යය නැතැයි කියා නැතහොත් 'මෙඩිකල් කොන්ඩෙම්' යැයි හොරට පෙන්වා යුද හමුදාවෙන් ඉවත්ව ඇමරිකාවට පැන ගියේ යුද්ධයට බියේ ය. තහවුරු නොවන ආරංචි මාර්ග පවසන්නේ මොහු මෙඩිකල් කොන්ඩෙම් යයි කියා පෙන්වා ඇත්තේ මානසික රෝගී තත්ත්වයක් තිඛෙන බවට වෛද්‍ය සහතිකයකි. මේ වන විට එම සහතිකය අදාල ෆයිල් වලින් ඉවත් කර විනාශ කර තිබේ.

වතුරට වැටුන අලියා කිලෝමීටර් 25ක් ගහගන යයි


මාදුරු ඔය ජලාශයේ ජලය වැලිකන්දට අරන් එන ඇල මාර්ගයට ජලය බීමට එන අලින් එම ඇලට වැටීම සාමාන්‍ය දෙයක්.

එසේ වැටෙන අලි ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා. පසුගිය මාර්තු මාසයේද එලෙස වැටුන අලියෙක් අලියෙක් ගොඩට ගනු ලැබුවා.

නමුන් ඊයේ දිනයේදී එම ඇලට වැටුන අලියාව ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට හැකිවුනේ නැහැ. ස්ථාන කීපයකින් ම අලියාව ගොඩට ගැනීමට උත්සාහ කළත් අසාර්ථක වීම නිසා කිලෝමීටර් 25ක් ඇල දිගේ ගසාගන ගිය අලියා වේල්ලකින් පහතට පෙරලී මියගියා.

ඒ පිළිබඳව වීඩියෝව පහලින්.

චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන්ද?


බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් ගේ හැසිරීමේ ප්‍රශ්නකාරී එකක් බවට පත්වී තිබෙන බව අප කීපවිටක්ම පවසා ඇත්තෙමු.

මෑත කාලීනව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ආගමික මධ්‍යස්ථාන වැටලීමේදීද ඔහු ඒවාට සෘජුවම විරුද්ධ විය.

අනුරාධපුරයේ අනවසර පල්ලිය ඉවත් කිරීම, ලිබර්ටි ප්ලාසාහි ජනතාවගේ මුදල් ගසා කෑ ආගමික ස්ථානය ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහු විරුද්ධ වී තිබුණි. ඒ අනුව ඒවා ඉවත්කිරීමට නියෝග ලබාදුන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ජේෂ්ඨ ලේකම් එම්.එස් කපුකොටුව මහත්මිය ඔහු විසින් වෙනත් අමාත්‍යංශයකට මාරුකොට යැවුනේ මීට මාස 8කට කලිනි.

Share this article with your friends