උතුරු මැද පළාත් සභාව විසිරුවීමට තහනම් නියෝග ගැනීම ආණ්ඩුවේ සහ සජිත්ගේ කුමන්ත්‍රණයක්: සියළු තොරතුරු හෙලිවේ
උතුරුමැද පළාත් සභාව විසිරුවීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත්තේ ආණ්ඩුවේම වුවමනාවට බව
තහනම් නියෝගය ලබා ගැනීමට අධිකරණයට ගිය එජාප පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක මන්ත්‍රීවරයා මේ සඳහා පක්ෂයේ අවසරයක් ලබාගෙන නැති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් මේ වන විට හෙළි වී තිබේ. ඔහුගේ මෙම ක්‍රියාවට උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කිිසිදු මන්ත්‍රීවරයෙකු සහාය දී හෝ සහභාගී වී හෝ නැත.
මෙය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීම මත සිදුකර ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා සපයා ඇත්තේ ද මහ ඇමැතිවරයා විසිනි. පෙත්සම්කාර අනිල් රත්නායකට මෙම මුදල් සපයා ඇත්තේ මහ ඇමැති කාර්යාලයේ සේවය කරන දොඹවෙල නම් නිලධාරියා හරහා බව

