Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

සිවිල් ගැටුමකට මග පෙන්වන ගැටලු


යාපනයේ විරෝධතා මැයි දිනයේ දී සිංහ කොඩිය එසවීම ගැන අප කාටත් ප්‍රශ්නයක් වුනා. මොකද එහෙම එකඟත්වයක් අරන් තිබුනේ නැති නිසා. අනෙක් අතට දෙමල සන්ධානයට වඩුක්කොඩෙයි සම්මුතිය අනුව එහෙම කරන්න පුළුවන්ද කියල ප්‍රශ්ණයක් මතුවෙනව.
සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගෙන නැති බවයි සාමාන්‍යයෙන් දෙමළ නායකයින් අතර පිළිගැනීම තිබුනේ. හුඟක් දෙමල අය හිතන්නේ එයින් සිංහල අධිපත්‍යයය ප්‍රකාශ වෙනව කියලයි. ඇරත් රනිල්- සම්බන්ධන් දෙන්නා එකතු වෙලා සිංහ කොඩිය ඔසවා ගැනීමෙන් දෙන්නගේ එකඟත්වයක් පෙන්නුම් කලා කියල විවේචනයකුත් ආවා.
නමුත් මේ නායකයින් ඒ ගැන එතරම් කලබල වුනේ නෑ. සම්බන්දන් කිව්වේ සිංහයා කාලි මෑනියන්ගේ වාහනය නිසා මේක දෙමල ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලයි. කාලා වරෙන්කෝ. ඒක අමුතු කතාවක්. ඒ අනුව සිංහයා ද්‍රවිඩ මහා සම්ප්‍රදායේ ලකුණක්.

ජෙනරාල් නිදහස් කරන්න අධිකරණයත් තීන්දු කරලා ?


ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩුවට අදාළව මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අහෝසි කොට, ඔහුව එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට, යුද සෙබළුන් දහදෙනෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව ඔහුට පවරා ඇති නඩුවෙන් ඇප ලබා දීමටත් අධිකරණය විසින් තීන්දු කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, අධිකරණය තීන්දුවට පෙර ජෙනරල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.

ඇමරිකානු FBI නිලධාරීන් ඇමති සුසිල්ගෙන් ප්‍රශ්න කරලා


ඇමරිකාවේ FBI ආරක්ෂක නිලධාරීන් පිරිසක් පසුගියදා එරටට ගිය ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හා ඔහු සමඟ ගොස් සිටි ජාවාරම්කරුවෙකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.
ඇමතිවරයා සමඟ එම සංචාරයට එක්ව සිටි එම ජාවාරම්කරුවා, පසුගිය යුද සමයේදී මෙරටට අවිආයුධ ගෙන්වීමේ අතරමැදියකු ලෙස කටයුතු කළ අයෙකි. යුද්ධය නිමාවීමෙන් පසුව ඔහු මෙරටට ඛනිජ තෙල් ගෙන්වීමේ මහා පරිමාන ජාවාරමක් සිදු කරයි.

Gota's War මෙහෙයුමෙන් බැසිල්ව නන්නත්තාර කරලා


පසුගිය 14වනදා බත්තරමුල්ල වෝටස්එජ් හි පැවති Gota's War ග්‍රන්ථය එළිදැක්වීමේ දේශපාලන මෙහෙයුමේදී, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් කොන්කිරීමට ලක්වී තිබේ.
අග්‍රාමත්‍ය ධූරය වෙනුවෙන් බලපෑම් කරන බැසිල් රාජපක්ෂ මහතාට එම උත්සවයේදී හිමි වූයේ නොවැදගත් තැනකි. එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතුන් සැලසුම් සහගතව කරන ලද්දක් බව වාර්තාවේ.
මෙම ග්‍රන්ථය එළිදැක්වීම ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය සනිටුහන කිරීමක් වන අතර, ප්‍රවීන මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් එය කල්යල් බලා එළිදක්වනු ලැබූ ග්‍රන්ථයකි.

සජිත්-මරා කුමන්ත්‍රණයක් ?


සජිත් ප්‍රේමදාස සහ රෙජීමාධිපතිවරයා අතර ඇති රහස් එකඟතාවයක් ගැන ඊයේ රෙජීමාධිපති එජාපය සමග පැවැති සාකච්ඡාවේදී එළියට පැන තිඛෙන බව 
අප අඩවිය වෙත දැනගන්නට තිබේ.

දනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාව හුන් අවදියේදී කොළඹ අලූත්කඩේ නීතිඥවරුන්ගේ කාර්යාල සංකීර්ණයට යාබදව නාගරික සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිල්ලක් ලිඛිතව එක්සත් ජාතික පක්ෂයට පවරා දී තිබේ. පසුව එය සිරිසේන කුරේ මහතා තමාගේ කටයුතු සඳහා භාවිතා කර ඇත. සිරිසේන කුරේ එජාපයෙන් ඉවත් වූ පසු එම ගොඩනැගිල්ල එක්සත් ජාතික පක්ෂයට ලබා දී නැති අතර එහි විවිධ ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇත. අසාද් සාලි මහතාගේ ගෑස් ගබඩාවක් ද එහි තිබිණ.

තම පක්ෂයට එහි භුක්තියක් නොමැති බැවින් එජාපය විසින් එහි බදු ගෙවීම අත්හැර දමා තිබේ. පසුව මේ මෑතකදී එහි හිඟ බදු ලෙස ලක්ෂ 45 ක් පමණ මුදලක් අයවිය යුතු බව වත්මන් ගෝඨාභයගේ යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය විසින් එජාපයට දැනුම් දී තිබේ.

ජනරාල්ට නිදහස ?

ජනරාල්ට නිදහස දීම ගැන ටිරාන්-මරා එකිනෙකාගේ පිට කසා ගනිති

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමේ කාරණය මත රෙජීමාධිපති මරා සහ ටිරාන් හුලස් දෙදෙනා තම තමන්ගේ පිටවල් කසා ගන්නා ආකාරයක් පෙනී යයි. එංගලන්තයේ සිට පැමිණි ටිරාන් අද තම සගයා වන කිලී මහාරාජාගේ මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය. 

"මං පිටරට සිට දැන් ටිකකට කලින් ලංකාවට පැමිණියේ. එතකොට මට ආරංචි වුනා ජනාධිපතිතුමා මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවා කියල හින්දු පුවත් පතට. එතුමා මා ගැන කරල තියෙන ප්‍රකාශය ගැන මා අගය කරන අතර අපි ජෙනරල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා මාස කීපයක් තිස්සේ මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා. මම නැවත හෙට සිට සාකච්ඡා පවත්වලා මෙතුමාව හැකි පමණ ඉක්මනින් නිදහස් කර ගැනීමට කටයුතු කරනවා."

ඡන්ද වලට බිය කව්ද ? මෙන්න සාක්කි !


ඡන්ද වලට මුහුණ දීමට විපක්ෂය බිය වී ඇතැයි ආණ්ඩුව ගෙන යන ප්‍රචාරක කුමන්ත්‍රණයේ සත්‍ය කුමැක්දැයි මෙසේ ලිපි ලේඛන සහිතව හෙලි කිරීමට 
අප අඩවිය වෙත හැකි වී තිබේ.

උතුරුමැද පළාත් සභාව විසිරුවීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත්තේ ආණ්ඩුවේම වුවමනාවට බව 
අප අඩවිය වාර්තා කෙළේ පසුගිය 12 වෙනිදාය. එම නියෝගය ලබාගත් එජාපයේ අනිල් රත්නායක නම් උ.මැ. පළාත් සභා මන්ත්‍රීවරයා සජිත් පිලේ පුද්ගලයෙක් බවත් ඒ වෙනුවෙන් කතාකළ නීතිඥ වරයා කව්දැයි යන්න බවත් එම පුවතින් අනාවරණය කෙළේය. සජිත් එකක් කියා තම හෙංචයියා ලවා තව එකක් කරවමින් කරවන ලද කුමන්ත්‍රණය හෙළි කෙළේය. අද එහි සාක්ෂි තවදුරටත් හෙළි කරමු. 

එම සිදුවීම පාදක කරගෙන විපක්ෂය මැතිවරණ වලට බිය යැයි මතයක් ආණ්ඩුව දැන් ගෙන යමින් තිබේ. එම මතය ජය ගැනීම සඳහා ඉහත කුමන්ත්‍රණය ගෙන ආ නමුත් සැබෑ වශයෙන් මැතිවරණයකට බිය වූයේ කව්දැයි මෙහි දැක්වෙන ලිපියෙන් සනාථ වේ.

නීතියේ වෛශ්‍යාව නිරුවතින් ?


අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලමක්: හේතු නොදක්වා ජනතාවගේ මූලික අයිතියක් නිශ්ප්‍රභා කරයි

අගවිනිසුරුවරිය ඇතුළු ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළුවැල්ල මොනවට ප්‍රදර්ශණය කරමින් වෙබ් අඩවි වාරණය කිරීමට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම කිසිදු හේතු දැක්වීමකින් තොරව අද ප්‍රතික්ෂේප කෙළේය. මෙය අධිකරණ ඉතිහාසයේ මෙතෙක් සිදුනොවූ දෙයකි. පෙත්සමක් නිෂ්ප්‍රභා කරන හේතුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දිය යුතුය. නමුත් අද එය සිදුවූයේ නැත.

වෙබ් අඩවි 5 ක් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ශ්‍රී ලංකාව තුල කියැවීම වාරණය කිරීමෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය උල්ලංඝනය වූ බව පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මෙම නඩුව පවරා තිබිණ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ෙජ්.සී. වැලිඅමුණ මහතා පෙනී සිටියේ ය.

අගවිනිසුරුවරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හේතු නොදක්වා මෙම පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු සුනිල් ජයසේකර මහතා 
අප වෙත පැවසීය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති වූ අගවිනිසුරුවරියගේ සැමියා සහ සොරුකල්ලිය විසින් මහජන මුදල් කාබාසිනියා කරමින් කළ සාපරාධී දූෂිත ගණුදෙනුව හෙළි වීමත් සමග අගවිනිසුරුවරියගේ ද රෙද්ද ගැලවීම වසා ගනු වස් පසුගිය දින කිහිපයේ යම් යම් වෙබ් අඩවි හරහා ඇය සුදනා වීමේ වැඩ පිළිවෙලක් ගෙන ගියා ය. විනිසුරුවරුන් පිරිසක් පැමින ඇයට අධිකරණ ස්වාධීන වියයුතු යැයි කී බවත් ඒ අනුව ඇය සමග ජනාධිපති තරහා වී සිටින බවත් මෙම ප්‍රවෘත්ති වලින් පැල කෙරින.

Share this article with your friends