ඉකුත් මැයි 08 වනදා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගුවන් යානා දෙකක් මිලදී ගැනීම සඳහා වූ ප‍්‍රතිපාදන ඌණතාව පියවා ගැනීමට යයි සඳහන් කරමින් මේ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස මෙම පරිපූරික ඇස්තමේන්තුව සභාගත කළත්, ඒ පිළිබඳ වැඩි විස්තරයක් තමා නොදන්නා බව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සමඟ පවසා තිබේ.
Friday, May 18, 2012
ජනපතිගේ පවුලට උඩින් යන්න රු. කෝටි 302 ක්
කොන්දේසි සහිත සමාවකට ජෙනරාල් එකඟ නෑ
කෙසේ වුවද, ජෙනරාල්වරයාට කොන්දේසි විරහිත සමාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණද මේ වන විට ජනාධිපතිවරයාට බලපෑම් කර සිටී.
අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ නව ප‍්‍රවණතාවයත්, ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධයත් හේතුවෙන් ජෙනරාල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පසුගිය 16 වනදා රාති‍්‍රයේ අනෝමා ෆොන්සේකා මහත්මිය සමගද සාකච්ඡා පැවැත්වීය.
අධිකරණය ජෙනරාල්ට ඇප ලබාදෙයි
මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ෆොන්සේකා මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලූම් මත විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා එම නියෝගය ලබා දුන්නේය.
දේශපාලන සිරකරුවෝ 17 වැනිදා සිට මාරාන්තික උපවාසයකට සැරසෙති
මෙලෙස කිසිදු නෛතික තත්ත්වයක් වෙත යෙමු නොකරමින් සිටීමට විරුද්ධව තමන් මැයි මස 17 වැනිදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භකරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටී.
නිධන් හෑරීම රට පුරා ජයටම
රට පුරා දිගින් දිගටම නිධන් මංකොල්ලයන් මේ දිනවල සිදුවෙනවා. 2011 වර්ෂය තුළ නිධන් හෑරීමේ සිද්ධීන් 220 ක් වාර්තාවී තිබෙන අතර 2012 වසරේ පසුගිය මාස 5 තුළ රටපුරා නිධන් හෑරීමේ සිද්ධීන් 108 ක් වාර්තා වී තිබෙනවා.
සරත් ෆොන්සේකාට ඇප ලැබේ
රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබීමෙන් පසු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතවී සිටීමට ෆොන්සේකා මහතාට සිදුවී තිබුණා.
ඒ අනුව ලක්ෂ 10ක ඇප මත සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අනුමැතිය ලැබුණු අතර විදෙස් ගතවීම වළකාලමින් ගුවන් බලපත්‍රය අධිකරණයට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දන්වා තිබෙනවා.
නමුත් සුදු කොඩි නඩුවේ තීන්දුවට තවම නිදහසක් හිමිවී නැහැ
කැනඩාවෙන් ජයසුරියට සල්ලි දීල නෑ
සනත් ජයසූරිය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ප්‍රදර්ශණ තරඟයක් සඳහා කැනඩාවට පිටත්ව ගොස් තිබෙනවා.
කැනඩාවේ ටොරන්ටෝ රොජර්ස් ක්‍රීඩාංගනයේ යි මෙම තරඟ මාලාව පවත්වා ඇත්තේ.
පසුගිය සෙනසුරාදා පැවති මෙම තරඟයට ශ්‍රී ලංකාව, නවසිලන්තය, ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ ඇතුළු රටවල් 6 ක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් හා කැනඩා කණ්ඩායම අතරයි තරඟ පවත්වා ඇත්තේ.
තරඟයට සහභාගී වීමට පෙර මේ සඳහා ඇමරිකානු ඩොලර් 15,000 ක මුදලක් සහ ගුවන් ටිකට්පත් සඳහා ගෙවීමක් ද කරන බවට පොරොන්දු වී සිටියද එය ගෙවීම පැහැර හැර ඇතැයි ජයසූරිය මහතා කැනඩා බි.බි.සී. සේවයට පවසා තිබෙනවා.
සරත් ෆොන්සේකා හෙට නිදහස්...!!
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රී හදිසියේම ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාගේ ගෙදර ගොස් තිබූ අතර අනෝමා ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස්කිරීම පිළිබඳව එහිදී සාකච්ජා කර තිබුණා.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව යුධ ජයග්‍රහණයට වසර 3ක් සපිරෙන්න දිනය ඉහලින් සැමරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර එම සැමරුම් දෙකම සැමරුවේ සරත් ෆොන්සේකා මහතා සිරකර තබාගනයි.
ඊයේ රාත්‍රී හදිසියේම ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාගේ ගෙදර ගොස් තිබූ අතර අනෝමා ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස්කිරීම පිළිබඳව එහිදී සාකච්ජා කර තිබුණා.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව යුධ ජයග්‍රහණයට වසර 3ක් සපිරෙන්න දිනය ඉහලින් සැමරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර එම සැමරුම් දෙකම සැමරුවේ සරත් ෆොන්සේකා මහතා සිරකර තබාගනයි.
Subscribe to:
Posts (Atom)



