Chitika Smowtion 468x60


Sunday, May 20, 2012

අප්සරා සහ අපර්ණා ශ්‍රී ලංකාවට: පියා දැක බලාගනී


ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට යන බව සැලවීමත් සමග ඇමරිකාවේ පදිංචිව සිටි අපර්ණා ෆොන්සේකා සහ අප්සරා ෆොන්සේකා දියණියන් දෙදෙනා ලංකාවට පැමිණියහ. අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ඔවුහු අද දහවල් කොළඹ නවලෝක රෝහලට ගොස් සිය පියා දැක බලා කතා බහ කළහ. අප්සරා ෆොන්සේකා තම පියා සිරගත කළ පසුව වසර දෙක හමාරක් තිස්සේ ඔහුව දැක බලා ගෙන නැත. සේයාරූ වලින් දැක්වෙන්නේ දියණියන් දෙදෙනා පියා බලා ගැනීමෙන් පසු රෝහලින් පිටතට පැමිණි අවස්ථාවයි.

ෆොන්සේකාට සමාව දීම ගැන රාජපක්ෂලා අතර කඹ ඇදිල්ල


ෆොන්සේකාට සමාව දීම ගැන රාජපක්ෂලා අතර කඹ ඇදිල්ල නීතිමය ප්‍රශ්නයක් ලෙස කරළියට

සරත් ෆොන්සේකා නිදහස් කිරීමට රාජපක්ෂ පවුල තුල ඇතිවී ඇති අර්බුදය නීතිමය ප්‍රශ්නයක් ලෙස මතු කර ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. ඒ අනුව ෆොන්සේකා විසින් සුදු කොඩි නඩු තීන්දුවට එරෙහිව පවරා ඇති අභියාචනය ඇතුළු අභියාචනා ඉවත් කර ගත යුතු බව පැවසේ.

රෙජීමාධිපති මරා දැන් තැන තැන කියන්නේ ෆොන්සේකා හිර කරන්න යැයි කීවේත් අද නිදහස් කරනවාට විරුද්ධ වන්නේත් ඇමැතිවරුන් බවයි. ගෝඨාභය ෆොන්සේකා නිදහස් කරන ලෙස තමාට බල කරන බවද ඔහු පවසයි. මේවාට මරාවාදී මාධ්‍යකරුවෝ ඉහළ ප්‍රචාරයක් ලබා දෙමින් සිටී.

මේ කතාව ගැන ඇමැතිවරුන් අමු තිත්ත කුණු හරුපයෙන් රාජපක්ෂලාට බැන වදිමින් සිටිති. රාජපක්ෂ පවුලේ පලිගැනීමේ චේතනාව නිසා සරත් ෆොන්සේකා හිරේ දමා දැන් එය ඇමැතිවරු පිටින් යැවීම ගැන ඔවුන් දැඩි සේ කෝප වී සිටිති. ෆොන්සේකා මරා දමන බව කියමින් 'I ll hang him' කියා බීබීසියට ඛෙරිහන් දුන්නේ ඇමැතිලාද ගෝඨාභය දැයි එක් ඇමැතිවරයෙක් 
අප වෙබ් අඩවිය වෙතින් ප්‍රශ්න කෙළේය. කැබිනට් එකේදී කිසිදු කතාවක් කතා නොකොට සමාව දීමට කැබිනට් අනුමැතිය දුන්නා යැයි රාජපක්ෂලා කරන ප්‍රචාරය ගැනද ඔවුහු කෝප වී ඇති අතර හිරේ දාන්න ලබා ගත් කැබිනට් අනුමැතිය කුමක්දැයි විමසති. 

ඔය වැඩේ කළේ කවුද කියල මං දන්නවා - නයනා කුමාරි


මේ වගේ ඉතාම නින්දිත චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ....

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන නයනා කුමාරි රංගනයෙන් දායක වූ නවතම ටෙලි වෘත්තාන්තය ‘යශෝධරා’ තව නොබෝ දිනකින් විකාශය වීමට නියමිත බව අපිට දැනගන්නට ලැබුණා.

එහි දි ඇය දරුවන් හත් දෙනෙකුගේ මවක ගේ චරිතයක් නිරූපණය කිරීමට නියමිතයි. ඒ වගේ ම ‘සඳ එළිය’ නමින් නවතම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමටත් ඇය සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳවත් ඇගේ නවතම තොරතුරු පිළිබඳවත් අපි ඇගේ තොරතුරු සොයා බැලුවා.

ලංකාවට පෙන්වන රෙජීමයේ හොර වෙස් මුහුණ වොෂින්ටනයේදී ගැලවේ


ශ්‍රී ලංකාවට එක මතයක් සහ විදේශයන්ට ගොස් ඊට හාත්පසින්ම වෙනස් තවත් මතයක් දෙසාබාන ශ්‍රී ලංකාවේ වංචනික රාජපක්ෂ රෙජීමය ඊයේ ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් සමග සාකච්ඡාවේදී ද ඒ සන්තෑසියම සිදුකර තිබේ.

මාර්තු මාසයේදී ජිනීවා නුවරදී ඇමරිකානු යෝජනාව සම්මත වනවාත් සමගම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවට දන්වා සිටියේ එම යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඇමරිකාවට පැමිණ දැනුම් දෙන ලෙසයි. ඒ සමගම විදේශ ඇමැති ජී ඇල් පස්පඩංගුවේ දිවුරමින් කීවේ ශ්‍රී ලංකාව ජිනීවා යෝජනා ක්‍රියාත්මක නොකරන බවයි. ජිනීවා යෝජනා වලින් කීවේ ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි්‍රියාක්මක කරන ලෙසයි. එනම් විදේශ ඇමැති සහ රෙජීමයේ ලොක්කන් දිව්රා ලංකාවේ දී කීවේ උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව නොවේද?

පෙර කී ඇමරිකානු දැනුම් දීම අනුව 
පෙරේදා (18) උදෑසන වොෂින්ටන්යේදී රෙජීමයේ විදේශ ඇමැති හිලරි ක්ලින්ටන් හමුවිය.

එම සාකච්ඡාවට ප්‍රථම හොඳ නම දිනා ගැනීම සඳහා ඇමරිකාව දේශපාලන සිරකරුවෙකු ලෙස නම් කර වහාම නිදහස් කරන්නැයි කරන ලද බල කිරීම මත ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන බවට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවට නිල ප්‍රචාරයක් ද ආණ්ඩුව කෙළේය. නමුත් ඊට පැය කිහිපයකට පෙර කැබිනට් ප්‍රකාශකයාගේ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ කැබිනට් මණ්ඩලයේදී ෆොන්සේකා නිදහස් කිරීමක් ගැන සාකච්ඡා නොවූ බවයි. මාධ්‍ය විසින් ද එය තහවුරු කර තිබිණ. එසේ තිබියදී රෙජීමය නිවේදනය කෙළේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවකි. (ලංකාවේ නීතිය අනුව සිරකරුවෙකුට ජනාධිපති සමාව දීමේදී කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවේ.) 

ජෙනරාල්ගේ ‘නිදහසට’ නීතිමය ගැටලූවක් හරස් වෙලා ?


ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (19) දින නිදහස් කරන බවට ජනාධිපතිවරයා පසුගිය 16 වැනිදා රාත‍්‍රියේ ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගේ නිවසේදී අනෝමා ෆොන්සේකා මහත්මියට පොරොන්දු වී තිබුණද, ඒ සඳහා මේ වන විට නීතිමය බාධාවක් මතු වී ඇතැයි ජනාධිපතිවරයා පෙරේදා දහවල් දැනුම් දී තිබේ.


ජෙනරාල්වරයාට එරෙහිව යුද අධිකරණය විසින් ලබා දුන් තීන්දු දෙකකට හා සිවිල් අධිකරණය විසින් ලබා දුන් සුදු කොඩි නඩුවට එරෙහිව ඔහු විසින් ගොනු කර ඇති අභියාචනා ‘ජනාධිපති නිදහසට’ බාධාවක් වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.
එහෙයින් එම අභියාචනා ලබන සඳුදා ම ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එසේ ඉල්ලා අස් කර ගත් වහාම ජෙනරාල්වරයා නිදහස් කරන බවට ජනාධිපතිවරයා යළිත් වරක් පොරොන්දු වී තිබේ.

Saturday, May 19, 2012

ජනධිපතිතුමා සැරියුත් පරම්පරාවේ කෙනෙක් - මර්වින්


  • ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාව අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවට සම්බන්ධයි.
  • රටේ වී විකුණා ගන්ඩ බැරිව අතිරික්තයක් තියන ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනය
  • මං ඇඬුවේ ඉපදෙන දවසේ විතරයි. මං මැරෙන දවසටත් හිනා වෙනවා

මහජන සබඳතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සාකච්ජාවක් සිළුමිණ පුවත්පතේ පලවී තිබෙනවා, එහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාවටත්, අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවටත් නෑකම් කියන බවයි

තව දුරටත් අදහස් දවන අමාත්‍යයවරයා පවසන්නේ රටේ එළවළු, වී විකුණා ගැනීමට බැරි තත්ත්වයක් තිබෙන්නේ රට සංවර්ධනය වී ඒවාගේ අතිරික්තයක් තිබෙනා නිසා බවයි.

රටේ සංවර්ධනයක් වෙනවා කියලා ඔබට හිතෙනවා ද?

සායම් මකාගන්න අතුලගෙන් කෝලං


අතුල සමිතා නැවතත් එකතුවුන බව පවසමින්ද, කටකතා ගැන කිසිත් නොදන්නා බවද පවසමින්ද සිටින අතරතුර වසර 4ක ප්‍රේමයෙන් පසු තමන් අතුල සමඟ විවාහ වුනේ 2010 වසරේ මුල බව පවසමින් නිරූපන ශිල්පිනියක් වන අමායා පසුගියදා හෙළි කළා.

තත්ත්වය එසේ පවතිද්දී "ආලෙන් වෙලාගන්න කෝළං කළා..සිත ආලෙන් මුදාගන්න මායම් කළා.." ගීතය පසුගියදා අතුල සමිතා දෙදෙනාම එක්ව ගායනා කළේ වොර්ටර් එජ් හිදී පැවති රයිගම් සම්මාන උළෙලේදීයි.

එම ගීතය ගායනා කළ අතර පසුබිමෙන් මනරම් රැඟුමක්ද දැක්වූ නමුත් කිසිවෙකුගේ අවධානය රැඟුම වෙත යොමුවූයේ නැති අතර සියල්ලෝම බලා සිටියේ අතුල සමිතා දෙසයි.

අගවිනිසුරුවරියගේ සැමියාට වරද පටවමින් සුමනදාස ඉල්ලා අස්වේ


ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රුපියල් මිලියන 390ක් වියදම් කරමින් "ද ෆිනෑන්ස්" සමාගමේ රු.32ට තිබූ කොටසක් රු. 50 බැගින් මිලදීගනිමින් පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකළ දූෂිත ගනුදෙනුව විනිවිද භාවයකින් තොරව ක්‍රියාකිරීම පිළිබඳව සිත් බිඳුණු බැවින් මෙලෙස ඔහු ඉල්ලා අස්වූ බව දන්වා ඇති අතර අස්වීමෙන් පසු ඔහු වරද පටවන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයටය.

එහිදී ඔහු සෘජු චෝදනාව එල්ල කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ අගවිනිසුරු වරියගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම්ට ය.

ප‍්‍රදීප් කාරියවසම් හා ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන යන දෙදෙනාම පත්කරනු ලැබුවේ ජනාධිපතිතුමා විසිනි.


Share this article with your friends