ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (19) දින නිදහස් කරන බවට ජනාධිපතිවරයා පසුගිය 16 වැනිදා රාත‍්‍රියේ ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගේ නිවසේදී අනෝමා ෆොන්සේකා මහත්මියට පොරොන්දු වී තිබුණද, ඒ සඳහා මේ වන විට නීතිමය බාධාවක් මතු වී ඇතැයි ජනාධිපතිවරයා පෙරේදා දහවල් දැනුම් දී තිබේ.
ජෙනරාල්වරයාට එරෙහිව යුද අධිකරණය විසින් ලබා දුන් තීන්දු දෙකකට හා සිවිල් අධිකරණය විසින් ලබා දුන් සුදු කොඩි නඩුවට එරෙහිව ඔහු විසින් ගොනු කර ඇති අභියාචනා ‘ජනාධිපති නිදහසට’ බාධාවක් වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.
එහෙයින් එම අභියාචනා ලබන සඳුදා ම ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එසේ ඉල්ලා අස් කර ගත් වහාම ජෙනරාල්වරයා නිදහස් කරන බවට ජනාධිපතිවරයා යළිත් වරක් පොරොන්දු වී තිබේ.