Chitika Smowtion 468x60


Tuesday, May 22, 2012

රණවිරු සෑයට ගඩොල් පුච්චන පෝරණුවේ මිනී පුච්චලා


රණවිරු සෑය ඉදිකිරීමට ගඩොල් තනන අනුරාධපුර ගල් කඩවල පෝරණුවේ පසුගිය කාලයේ ඉතා රහසිගතව නාඳුනන මල සිරුරු පුළුස්සා ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
ජේතවනාරාමය හා අභයගිරිය චෛත්‍ය යළි පිරිසකර කිරීමේ කටයුතු සඳහා ප‍්‍රමිතියෙන් යුතු ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම පෝරණුව ඉදිකරනු ලැබුවේ යුනිස්කෝ ආධාර යටතේය. මෙවැනි දැවැන්ත චෛත්‍යයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම ගඩොල් පෝරණුව නිර්මාණය කර ඇත්තේ එවකට සංස්කෘතික ත‍්‍රිකෝණයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ව සිටි ආචාර්ය රොනල්ඞ් සිල්වා මහතාගේ සැලසුමක් අනුවය.

ශ‍්‍රීලනිප ප‍්‍රතිසංවිධානයේදී බොරු වාර්තා හදලා


පසුගිය 12, 13 යන දෙදින අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානවලට අදාළ සමීක්‍ෂණ තුළින් අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු අප වෙත පැවසීය.
වෙනත් දිස්ත‍්‍රික්කවලින් එම දින දෙකට අනුරාධපුරයට අනුයුක්ත කර සිටි ශ‍්‍රීලනිප මහජන නියෝජිතයින් හා ක‍්‍රියාකාරිකයින් එම දිස්ත‍්‍රික්කයේ ඡුන්දපොළ මධ්‍යස්ථානයකට දෙදෙනෙකු වශයෙන් පත් කර තිබේ. ඒ අනුව ඔවුන් තම තමන්ට පැවරුණු ඡන්ද පොළ මධ්‍යස්ථාන බලප‍්‍රදේශවල ගෙයින් ගෙට ගොස් ජනතාවගෙන් තොරතුරු විමසා, ඒවා සටහන් කර දීමට තිබූ පිටු 07ක පෝරමයේ අදාළ විස්තර ඇතුළත් කර තිබේ.

හොල්සිම් ආයතනයේ රු.මිලියන 858ක් අතුරුදහන්


ශ‍්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතනය වන හොල්සිම් සිමෙන්ති සමාගමේ රුපියල් මිලියන 858ක මූල්‍ය වංචාවක් සිදු වී තිබේ. පසුගියදා සිදු කරනු ලැබූ සිමෙන්ති තොග ගණනයේදී ඉහත සඳහන් මුදලට අදාළ සිමෙන්ති කොට්ට ප‍්‍රමාණය අතුරුදහන් වී ඇතැයි හෙළිවි තිබේ.

ජෙනරාල් නිදහස් කිරීමට ගෝඨා එකඟවී නෑ


සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා තමන්ට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිගින් දිගටම බලපෑම් කරන බවට ජනාධිපතිවරයා පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේ කළ ප‍්‍රකාශය අමූලික බොරුවක් බව අප දැඩි වගකීමකින් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
එම ප‍්‍රකාශය කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ අසල සිට ඇතත්, ඔහු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට කිසිදු අනුකූලතාවයක් නොදක්වා අවඥාවෙන් යුතුව ඉවත බලාගෙන ඇත.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමේ තීරණයට ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිහඬකරවාගෙන ඇත්තේ, ෆොන්සේකාව අවමානයට ලක්කොට, අමතක නොවන පාඩමක් උගන්වන බව පවසමිනි. වැඬේ අවසන් වන තෙක් නිහඬව ඉන්නැයි ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා තිබේ.

Live@8 සැබෑ ස්වරූපයද මේ?

Live@8 වසරේ හොඳම ප්‍රවෘති නාලිකාව වීම හේතුකොටගෙන මවුන්ට් ලැවිනියා බ්‍රිස් හෝටලයේ පැවති උත්සවයේ ජායාරූප කීපයක් මේ.

නපුංසකයන් සේ මෙහි හැඳ පැළඳගන සිටින්නේ එහි Live@8 හි කාර්යමණ්ඩලයයි



මාතරින් පුරුෂ ලිංග දඩයම් කරන ගණිකාවක් මතුවෙයි!


මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව වාර්තා වේ.

මේ පිලිබඳ දැනටමත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිදුවීමට භාජනය වූ පුද්ගලයන් තිදෙනා මේවනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

එම සිදුවීමට ටික දිනකට ප්‍රථම කාන්තාවක විසින් මුල්‍යමය ගැටළුවක් හේතුවෙන් බාබර් වරයෙකු වූ සිය පෙම්වතාගේ ලිංගික අවයවය වෙන්වන තෙක්ම සපා කා ඇති අතර ඔහු ද අසාධ්‍යය තත්වයෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වසර දෙකහමාරකට පසු නිවසට ගිය ෆොන්සේකා


වසර දෙකහමාරක් සිරගතව සිටි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ දින නිදහස ලැබීමෙන් අනතුරුව සවස් කාලයේ තලවතුගොඩ පිහිටි සිය නිවාස කරා ලඟා වුවා.

එහිදී සිය පවුලේ සාමාජිකයන් හා එක්වූ ඔහු පැමිණි සිටි දේශපාලන නායකයන් සමගද සුහුද කතාබහක නිරතවී තිබෙනවා.

තමාගේ සුරතල් බල්ලා බැලීමටද සරත් ෆොන්සේකා මහතා අමතක කොට තිබුනේ නැහැ.අනෝමා ෆොන්සේකා මහත්මිය මෙයට පෙර මාධ්‍යයට පවසා තිබුනේ තමාගේ සැමියාගේ ප්‍රියතම කෑම සාදා දීමට ඔහු නිදහස් වී එනතුරු බලා සිටින බවයි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ රාත්‍රී ආහාරය ලබාගත් අයුරු පහතින් බලන්න 

ෆේස්බුක් හිමිකරුගේ අපුරු විවාහ උත්සවය


ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ නිර්මාතෲ මාර්ක් සුකර්බර්ග් පසුගියදා විවාහ වී තිබෙනවා. ඒ අවුරුදු 10 කට ආසන්න කාලයක් ඔහුගේ පෙම්වතියව සිටි 27 වියැති ප්‍රිසීලා චාන් සමඟින්.

විවාහ උත්සවය පවත්වා ඇත්තේ චලීෆ් හි පාලෝ අල්ටෝ හි වන අතර මෙම විවාහ උත්සවයට ආරාධනා ලැබ තිබෙන්නේ ආරාධිතයන් 100 කටත් අඩු ප්‍රමාණයකට වීමත් එයද සාදයකට නොව විවාහ උත්සවයට පමණක් වීමත් විශේෂත්වයක්.

ඉතා සරලව පැවැත් වූ මෙම විවාහ උත්සවය පිළිබඳව බොහෝ දෙනෙක් සිතා ඇත්තේ එය චාන් ගේ වෛද්‍ය විද්‍යාලයේ උපාධි උත්සවය බවයි. මොවුන් විවාහ උත්සවය මාස ගනනක් තිස්සේ සැලසුම් කර ඇති අතර චාන් ගේ අවසන් උපාධි පරීක්ෂණය නිම වනතුරුයි ඔවුන් විවාහවීමට බලාගන සිට ඇත්තේ.

Share this article with your friends