Chitika Smowtion 468x60


Friday, May 25, 2012

ජෙනරාල්ට එරෙහි යුද අධිකරණයේ දඬුවම අහෝසි කිරීමට ගෝඨා එරෙහි වෙලා


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබා දී තිබූ මාස 30 ක සිර දඬුවමට අදාළ චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් නොකරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැඩි ලෙස බලපෑම් කර තිබූ බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එවැනි තීරණයක් ගත හොත් යුද අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පමණක් නොව, ෆොන්සේකා මහතාට එරෙහිව පසුගිය කාලයේ පෙනී සිටි සියලූම හමුදා නිලධාරීන් දැඩි ලෙස කලකිරීමට පත්විය හැකි බව ආරක්‍ෂක ලේකම්වරයාගේ ස්ථාවරය වී ඇත.

ජෙනරාල්ගේ ජීවිතය අනතුරේ !


එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කිරීමට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසුව රජය ඔහුට මෙතෙක් කිසිදු ආරක්‍ෂාවක් සපයා නොමැත. එම තත්ත්වය යටතේ ජෙනරාල්වරයාට ආරක්‍ෂාව සපයන ලෙස රජයට බල කරන ලෙස ඉල්ලා අධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට ඔහුට හිතවත් විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටී.
එම පිරිස පෙරේදා (23) පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥයින් පිරිසක් හමු වී ඇත.

ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි


ශ්‍රී ලංකාවට අයත්වන පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙනවා. 

මූලිකව ඩොලර් මිලියන 20ක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ පසුගියදා අත්සන් තැබුණු මෙම ව්‍යාපෘතිය, පසුව ඇමරිකානු ඩොලර් මිලියන 320ක් දක්වා වැඩිකිරීමටයි යෝජනා වී තිබෙන්නේ

DFH-4 වර්ගයට අයත් මෙම චන්ද්‍රිකාව 2015 වසරේ අංශක 50ක් නැගෙනහිර අහසේ කක්ෂගත වීමට නියමිත අතර 
මඟින් චන්ද්‍රිකාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවාද ආරම්භ කිරීමටද අවස්ථාව ලැබෙනු ඇති.

අද නිදහස් යැයි කියාගන්නා මාධ්‍ය සියල්ලම රජයට කඩේ යනවා- රනිල්


අද නිදහස් යැයි කියාගන්නා මාධ්‍ය සියල්ලම රජයට කඩේ යන බවත් ඒවා සියල්ලම සරත් ෆොන්සේකා මහතා පිළිබඳව ඇත්ත ජනතාවගෙන් වසන් කළ බවත් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

සරත් ෆොන්සේකා මහතා එලිමහන් සිරකරුවෙකු කර ඇති අතර ඒ බව සඟවා සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ බව පවසමින් සියළුම මාධ්‍ය රජයට කඩේ ගිය බවත්, දිනමිණ ආණ්ඩුවේ පදේට නටද්දී ලංකාදීප පත‍්‍රය අයිපොඩ් ගහගන නටන බවත් පැවසුවා.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කළ ලිපිය ජනමාධ්‍යයෙන් හෙළි කළා. ඒ ලිපිය අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් සිදු කර තිබෙන්නේ ඉදිරියට ඇති සිර දඬුවම් කාලය ඉවත් කිරීම පමණයි. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ මෙම ක‍්‍රියාවලිය සමාවක් නොවේ.

ඉල්ලීම් දෙන තුරු දින 42ක් පොල් ගසේ


තම ඉල්ලීම් දෙන තුරු පොල් ගසකට නැඟ සිටින පුද්ගලයෙක් පිළිබඳව පුවතක් රාජාංගනය ප්‍රදේශයෙන් අසන්නට ලැබෙනවා.

අප්‍රේල් 13 වනදා පොල් ගසට නැඟි ඔහු මේ වන විට දින 42ක් පුරා සිටින්නේ පොල් ගස මුදුනේ.

මීට පෙර ලී මෝලක වැඩකළ ඔහු පවසන්නේ තම පවුල නඩත්තු කරගැනීම අපහසු බවයි.

"මගේ ගැහුණු මනුස්සයට සතියකට වරක් ඉන්ජෙක්සන් ගහන්න ඕනේ, එයාට දියවැඩියාව, මට දරුවෙක් ඉන්නවා, තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට මේ අය ජීවත් කරගන්න විදිහක් නෑ" යනුවෙන් පවසන ඔහු තම ඉල්ලීම ලැබෙනතුරු ගසෙන් නොබසින බවයි පවසන්නේ.

Thursday, May 24, 2012

කෙහෙලිය හෙට ලංකාවට

ඕස්ට්‍රේලියාවේදී හෝටලයකින් බිමට වැටීම නිසා තුවාල ලබා තුන්මසකට අධික කාලයක් මෙල්බන් නුවර රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පැමිණීමෙන් අනතුරුව ඇමතිවරයා එදින දහවල්ම පැජට් පාරේ සිය නිල නිවෙසේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.



උද්ඝෝෂණයට ගියොත් කන්න දෙන්නේ නැතැයි තර්ජනය කරලා

අද වව්නියාවේ පවත්වන්නට නියමිත ව තිබූ උද්ඝෝෂණයකට සහභාගි නොවන ලෙස හමුදාව හා පොලිසිය යොදවා ඊට පෙර දින ගම්වැසියන්ට තර්ජනය කර ඇති බව වාර්තා වේ. මීට සහභාගි වුවහොත් ආහාර ලබා නොදෙන බවට ද තර්ජනය කර ඇති අතර, අද දිනයේ මෙම උද්ඝෝෂණය වැළැක්වීමට වාරණ නියෝගයක් ද පොලීසිය විසින් ගෙන තිබුණි.

අවතැන්වී ඇති ජනයා මේ වන තෙක් මුල් ගම්බිම්වල පදිංචි නොකිරීමත්, උතුරු නැගෙනහිර ඉඩම් බලහත්කාරයෙන් ආණ්ඩුව හා ආණ්ඩුවේ බලධාරීන් විසින් අත්පත් කර ගැනීමත්, දේශපාලන හිරකරුවන් නිදහස් කර එම පළාත්වල සිවිල් පාලනය ස්ථාපිත කරන ලෙසත් මෙම උද්ඝෝෂණයේ අරමුණ වී තිබුණා.

ෆොන්සේකා කියන්නේ දේශද්‍රෝහී කතා බව වීරවංශ දේශප්‍රේ-මීයා කියයි


යුද්දය මෙහෙයවූ යුද හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා පෙරේදා
 බීබීසී යට කළ ඉතා පැහැදිලි ඍජු සාධාරණ මෙන්ම යථාර්තවාදී ප්‍රකාශය ගැන සීගිරි නගින්න බැරිවුනා යැයි හොටු පෙරමින් හ
 හඬා සිටි වීරවංශ දේශප්‍රේ-මීයා කළබල වී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මහා තප්පුලෑමක් කෙළේය.

දේශප්‍රේ-මීයාගේ තප්පුලෑම මෙසේය.

"ඔබ අප කවුරුත් දන්නවා, යුද්ධයේ අවසන් කාලයට, අවසන් දින කිහිපයට අදාළව තමයි අන්තර්ජාතික කුමන්ත්‍රණකරුවෝ මේ යුද අපරාධ චෝදනා න`ගන්නේ. සරත් ෆොන්සේකා මහතා ඉතා නිර්භීතව කියනවා තමන් මේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු ඉදිරියේ පෙනී සිටීමට බිය නොවන බව.

ඇත්තෙන්ම කියනවා නම්, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. 'ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ' කියලයි. ශ්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි."

දේශප්‍රේ-මීයාගේ මේ ප්‍රකාශය අනුව මරා සහ ගෝරා යුද අපරාධ කරුවන් බව වීරවංශ දේශප්‍රේ-මීයා නොකියා කියයි. කට බොරු කීවත් දේශප්‍රේ-මීයාගේ දිව බොරු නොකියයි.

Share this article with your friends