කාලයක සිට චීනයේ විවිධ මුල්‍ය ආයතන වල ගිණුම් වලින් බලෙන් මුදල් ලබා ගනිමින් සිටි කණ්ඩායමක් පිළිබඳ චීන පොලිසිය විමසිල්ලෙන් පසු වූ අතර එම කටයුතු ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට චීන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දැනට සති 02කට පෙර ජාත්‍යන්නතර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාවට කරන ලද දැනුම්දීමක් අනුව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂකවරයා ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක් සමග ලංකාවේදී විමර්ශනය සිදුකොට මෙම මුදල් ජාවාරම ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන ලද චීන ජාතික කාන්තාවන් 06 දෙනෙක් හා පිරිමින් 11 දෙනෙකු ඇතුලූ 17 දෙනෙක් රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට මොවුන් චීනය වෙත රැගෙන යාමට රඳවා තබා ඇත.
Friday, May 25, 2012
එන්එස්බී - ද ෆිනෑන්ස් වංචාවේ තැරැව්කාරයාත් එළවයි
පාර්ලිමේන්තු කාරක සභාවකින් පරීකෂණ ඉල්ලයි
ජාතික ඉතිරිකිරීමේ බැංකු සහ ද ෆිනෑන්ස් මහ වංචාවට සම්බන්ධ වූ අතරමැදියා වන තැප්‍රොබේන් සෙකුරිටීස් පුද්ගලික තැරැව්කාර සමාගමේ දිනාල් විෙජ්මාන්නට එහි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක ධූර දෑරීම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අද තහනම් කෙළේය. ඔහුට වෙනත් තනතුරු දැරීමද තහනම් කර තිබේ.
මේ අනුව දැනට සිදුකෙරෙමින් පවතින ජාතික ඉතිරිකිරීමේ බැංකු සහ ද ෆිනෑන්ස් වංචාව ගැන පරීකෂණ නිමාවන තුරු දිනාල් විෙජ්මාන්නට මෙම තහනම බලපානු ඇත. දිනාල් විෙජ්මාන්න ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක වරයෙක් ලෙසද කටුයතු කර තිබේ. මොහු ගැන තොරතුරු අප කලින් ලිපියකින් හෙලි කර ඇත.
මහ දහවල් දෙනෝ දහක් ඉදිරියේ සිදු කල මෙම ප්‍රසිද්ධ මහජන මුදල් මංකොල්ලයේදී ව්‍යාජ වෙළෙඳ පොළ තත්ත්වයක් මවා පෑමක් සිදු කළේය. ගණුදෙනුවට පෙර රුපියල් 30-32 කට ගණුදෙනු වූ zද ෆිනෑන්ස්Z කොටසක් මේ පිරිස් රුපියල් 50 කට ආසන්න මිලකට මිලදී ගනිද්දී එය විකිණීමට තෝරා ගත් පිරිසට පමණක් අවස්ථාව ලැබිණ. යළි ඒ ගනුදෙනුවෙන් පසු කොටසක මිල පෙර තිබු මිලටම සැනෙකින් පහළ බැස්සේය. අද වන විට ද ෆිනෑන්ස් කොටසක මිල රුපියල් 5 දක්වා ඇද වැටී තිබේ.

ජෙනරල් ෆොන්සේකාට ශ්‍රී ලංකා දේශපාලනයේ මැජික් කාරයෙකු විය නොහැක
වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථීක ව්‍යාධීන්ගෙන් රට මුදවාලීම සඳහා ජෙනරල් ෆොන්සේකාට තනිව කළ නොහැක්කක් බව මේ මොහොතේ අවධාරණයෙන් කිව යුතුය. මා මෙසේ කියන්නේ මේ වන විටත් ඔහු තම කල්ලියට එක්කාසු කර ගැනීම සඳහා බොහෝ දෙනා උත්සහ කරනු පෙනෙන්නට තිඛෙන නිසාය. එක කල්ලියකට පමණක් පිළිතුරු සෙවිය නොහැකි ප්‍රශ්න විශාල ප්‍රමාණයකට වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී සිටී. මේ මොහොතේ ජෙනරල් ෆොන්සේකා කළ යුත්තේ දේශපාලනික වශයෙන් බුද්ධිමත්ම තීන්දු ගැනීමයි. එනම් මහින්ද රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීම කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැගීමේ ක්‍රියාවලියකට දායක වීමත්, ඒ කෙරෙහි ජනතා පෙළගැස්මක් ඇති කිරීමත්ය.(දැනටමත් පොදු කාරණා කිහිපයක් වෙනුවෙන් එජාප, ටීඑන්ඒ, මනෝ ගනේෂන්, ආචාර්ය වික්‍රමබාහු. සිරිතුංග, නව සිහල උරුමය ආදී එකමුතුවක් දක්නට ලැබේ.) ඒකාබද්ධ විපක්ෂ එකමුතුවක් නොකර ඔහු ද කල්ලිවාදීන් සමඟ අත්වැල් බැද ගන්නේ නම් ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ මැජික් කාරයෙකු වනු ඇත.
රටට ඇති දේශපාලන අභියෝග ජයගැනීම සඳහා ජෙනරාල් ෆොන්සේකා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයක් මිස, එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන අරමුණු කරා යාමට මාන බලන කල්ලිවාදීන්ට හවුල් වන ෆොන්සේකා කෙනෙකුගෙන් රටට වැඩක් වන්නේ නැත. මේ මොහොත වන විට ජෙනරල් ෆොන්සේකාගේ් ප්‍රකාශ වලින් පෙනෙන්නේ ඔහුට දැඩි දේශපාලන අධිෂ්ඨානයක් තිඛෙන බවයි. එය ධනාත්මක කරුණකි. එකී අධිෂ්ඨානයත් සමඟ මේ මොහොතේ ඔහු ඉටුකළ යුතු ප්‍රධාන කරුණු තුනක් මටනම් පෙනේ.
1. ජාතිවාදයෙන් ගැලවීම.
2. විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ශක්තිමත් කර ඊට ජනතා පෙළගැස්මක් ඇති කිරීම.
3. ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම ඇතුළු දේශපාලන බල ඛෙදීමේ ක්‍රියාවලියක් ශක්තිමත් කරමින් ජාතීන් අතර සංහිදියාවක් ගොඩනැගීමට හවුල් වීම. එම කාරණා තුනය.
ජාතිවාදයෙන් ගැලවීම
--------------------------

ජෙනරාල්ට එරෙහි යුද අධිකරණයේ දඬුවම අහෝසි කිරීමට ගෝඨා එරෙහි වෙලා
එවැනි තීරණයක් ගත හොත් යුද අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පමණක් නොව, ෆොන්සේකා මහතාට එරෙහිව පසුගිය කාලයේ පෙනී සිටි සියලූම හමුදා නිලධාරීන් දැඩි ලෙස කලකිරීමට පත්විය හැකි බව ආරක්‍ෂක ලේකම්වරයාගේ ස්ථාවරය වී ඇත.
ජෙනරාල්ගේ ජීවිතය අනතුරේ !
එම පිරිස පෙරේදා (23) පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥයින් පිරිසක් හමු වී ඇත.
ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
ශ්‍රී ලංකාවට අයත්වන පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙනවා.
මූලිකව ඩොලර් මිලියන 20ක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ පසුගියදා අත්සන් තැබුණු මෙම ව්‍යාපෘතිය, පසුව ඇමරිකානු ඩොලර් මිලියන 320ක් දක්වා වැඩිකිරීමටයි යෝජනා වී තිබෙන්නේ
DFH-4 වර්ගයට අයත් මෙම චන්ද්‍රිකාව 2015 වසරේ අංශක 50ක් නැගෙනහිර අහසේ කක්ෂගත වීමට නියමිත අතර එමඟින් චන්ද්‍රිකාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවාද ආරම්භ කිරීමටද අවස්ථාව ලැබෙනු ඇති.
අද නිදහස් යැයි කියාගන්නා මාධ්‍ය සියල්ලම රජයට කඩේ යනවා- රනිල්
අද නිදහස් යැයි කියාගන්නා මාධ්‍ය සියල්ලම රජයට කඩේ යන බවත් ඒවා සියල්ලම සරත් ෆොන්සේකා මහතා පිළිබඳව ඇත්ත ජනතාවගෙන් වසන් කළ බවත් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
සරත් ෆොන්සේකා මහතා එලිමහන් සිරකරුවෙකු කර ඇති අතර ඒ බව සඟවා සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ බව පවසමින් සියළුම මාධ්‍ය රජයට කඩේ ගිය බවත්, දිනමිණ ආණ්ඩුවේ පදේට නටද්දී ලංකාදීප පත‍්‍රය අයිපොඩ් ගහගන නටන බවත් පැවසුවා.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කළ ලිපිය ජනමාධ්‍යයෙන් හෙළි කළා. ඒ ලිපිය අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් සිදු කර තිබෙන්නේ ඉදිරියට ඇති සිර දඬුවම් කාලය ඉවත් කිරීම පමණයි. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ මෙම ක‍්‍රියාවලිය සමාවක් නොවේ.

ඉල්ලීම් දෙන තුරු දින 42ක් පොල් ගසේ
තම ඉල්ලීම් දෙන තුරු පොල් ගසකට නැඟ සිටින පුද්ගලයෙක් පිළිබඳව පුවතක් රාජාංගනය ප්‍රදේශයෙන් අසන්නට ලැබෙනවා.
අප්‍රේල් 13 වනදා පොල් ගසට නැඟි ඔහු මේ වන විට දින 42ක් පුරා සිටින්නේ පොල් ගස මුදුනේ.
මීට පෙර ලී මෝලක වැඩකළ ඔහු පවසන්නේ තම පවුල නඩත්තු කරගැනීම අපහසු බවයි.
"මගේ ගැහුණු මනුස්සයට සතියකට වරක් ඉන්ජෙක්සන් ගහන්න ඕනේ, එයාට දියවැඩියාව, මට දරුවෙක් ඉන්නවා, තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට මේ අය ජීවත් කරගන්න විදිහක් නෑ" යනුවෙන් පවසන ඔහු තම ඉල්ලීම ලැබෙනතුරු ගසෙන් නොබසින බවයි පවසන්නේ.

Subscribe to:
Posts (Atom)