Chitika Smowtion 468x60


Monday, May 28, 2012

ටීඑන්ඒ සමුළුවට ආ බස් රථයකට ගහලා - සම්බන්ධන්ට හූ කියලා


පිල්ලෙයාන් මරාගේ උණ ඇඟට අරන්!

දෙමළ ජාතික සන්ධානයේ 14 වන සංවත්සරයට යාපනයේ සිට පැමිණි බස්රථයකට පිල්ලෙයාන්ගේ මැරයන් විසින් පහර දී ඇතැයි වාර්තා වේ. අද මඩකලපුවේ ඌරනි හිදී පැවැති මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබූ ශාලාවට පෙරේදා ගිනිතබා විනාශ කෙරිණ.

අද සමුළුවට සහභාගී වීමට යාපනයේ සිට පැමිණි බසයට මෝටර් සයිකල් වලින් පොලූ සහ ගල් රැගෙන පැමිණි මැරයන් විසින් පහර එල්ල කර තිබේ. මෙම මැර පිරිස නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන්ගේ මැරයන් බව දෙමළ සන්ධානය චෝදනා කරයි.

මේ අතර අද පැවැති සමුළුවේදී දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සමුළුව අමතද්දී කඩා වැදී ඇති පිරිසක් ඔහුගේ කතාවට බාධා පමුණුවා තිබේ. මෙම කණ්ඩායමද මෙහෙයවා ඇත්තේ පිල්ලෙයාන් විසින් බව චෝදනා කෙරෙති.

නර්මදාගේ විවාහයේ ජායාරූප එකතුව

ජනප්‍රිය නිරූපිකාවක හා රූපවාහිනී නිවේදිකාවක වන නර්මදාගේ විවාහය පසුගියදා සිදුවුණා. එම උත්සවයේ ජායාරූප එකතුවක් පහතින්




පී.බී. සහ ෆර්ඩිගේ ගැටුමෙන් අමාත්‍යාංශ කිහිපයක වැඩ ඇණහිටියි


මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සී.එම්. ෆර්ඩිනැන්ඩෝ මහත්වරුන් අතර පවතින දීර්ඝ කාලීන ගැටුම මේවනවිට උච්චස්ථානයකට පත්වීම නිසා අමාත්‍යාංශ කිහිපයකම පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් වාගේ ඇණහිට ඇති බව අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.


පසුගිය දා ජනාධිපතිවරයා හමුවී ඇති ආචාර්ය පී.බී. ජයසුන්දර අවධාරණයෙන් යුතුව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා එම තනතුරින් ඉවත් නොකරන්නේ නම් තමාට වහාම විශ‍්‍රාම ගැනීමට අවශ්‍ය බවයි. නමුත් මෙහිදී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි ගාමිණී සෙනරත් මහතා සහ ජනාධිපතිවරයාගේ අතිශය සමීප දෙමළ කෝටිපති ව්‍යාපාරිකයින් වන සුරේශ් සුබ‍්‍රමනියම් සහ මනිමුත්තු යන අය ඉදිරිපත් වී ඇත. මේ වනවිට ජනාධිපතිවරයා ෆර්ඩිනැන්ඩෝ මහතා සම්බන්ධයෙන් උභතෝකෝටිකයකට මැදි වී සිටී.

ජෙනරාල්වරයාගේ ගමන් බිමන් පිළිබඳව හමුදාව සහ දෙමළ තරුණයන් විමසිල්ලෙන්


පසුගියදා ජනාධිපති සමාව ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ගමන් බිමන් පිළිබඳව ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ නාඳුනන දෙමළ තරුණයන් ඒකාබද්ධව විමසිල්ලෙන් සිටින බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ බව අනාවරණය වන්නේ ඊයේ (27) පොලිසිය විසින් ජෙනරාල්ගේ නිවස අසලදී පරීක්ෂා කරන්නට යෙදුනු සැකසහිත ලෑන්ඞ්රෝවර් රථයක් හේතුකොට ගෙනය.

‘‘අහමඞ් ටී’’ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට !


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තේ අපනයන සමාගමක් වන ‘‘අහමඞ් ටී’’ සමාගම විසින් ආරම්භකිරීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක් පමණ වටිනා තේ ඇසුරුම් කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යන බව තේ නිෂ්පාදකයින්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.


ලසිත් මාලිංග අවසන් තීරණය ගනියි - ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා තිබුනේ තමා තමාව ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඒ පිලිබඳ සාකච්ජා කරන බවත්ය.


තෙවන ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ....


ගෝල්අප් (Gallup) සමීක්ෂණයට අනුව ආසියාවේ තෙවෙනි ජනප්‍රියම නායකයා වීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වී තිබෙනවා.

ඇමරිකාවේ සමීක්ෂණ සමාගමක් වන ගෝල්අප් (Gallup) සමාගම විසින් මෙම සමීක්ෂණය කර ඇති අතර මේ සඳහා ආසියාවේ රටවල් 21 ක් තෝරා ගැනුනා.

එහිදී ශ්‍රී ලාංකිකයින් 91% ක් මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ට කැමත්ත ප්‍රකාශ කර ඇති අතර 6% ක් එම වැඩ පිළිවෙල ට අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. තවත් 3% ක් ඒ පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.


මෙම සමීක්ෂණයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ ලාඕසයේ චෞමලී සෙයිග්නසන් ජනාධිපතිවරයායි. ඔහුගේ වැඩසටහන සඳහා ලාඕස වැසියන්ගෙන් 97% ක් කැමැත්ත පල කර තිබෙනවා.  දෙවන ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජනතා ප්‍රසාදය 93% ක් ලබාගනිමින් කාම්බෝජයේ හුන් සෙන් අගමැති වරයායි.

ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංකාවෙන් සොයාගනී


ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

ජංගම දුරකථනයේ තිරය මත ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

Share this article with your friends