දයා සමූහ ව්‍යාපාරයට අයත්ව තිබී ඌණ උපයෝජිත පනත යටතේ ආණ්ඩුවට පවරා ගැනීමෙන් පසුව මේ වන තෙක් සෙවනගල සීනි කම්හලේදී උක් ටොන් 14,000ක් අඹරා ඇතත්, එමකම්හලෙන් වෙළෙඳ පොට නිකුත් කර ඇත්තේ සීනි ටොන් 380ක් පමණි.
එහෙත්, එවැනි උක් ප්‍රමාණයකින් සාමාන්‍යයෙන් සීනි ටොන් 1,120ක් නිපදවිය හැකි බව දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ මහතා පැවසීය.
මේ බව එම කම්හලේ සේවකයින් ද තහවුරු කර සිටින අතර, ඔවුන් පවසන්නේ, රු. මිලියන 54ක් වටිනා සීනි ටොන් 600ක් පමණ හොර පාරෙන් කම්හලෙන් පිට කොට ඇති බවයි.
මෙම වංචාව පිටුපස ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු සිටින අතර, ඉන් එක් අයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ අයෙකු බව වාර්තා වේ.