මේ දිනවල රාජපක්ෂ පුත්‍රයන්ගේ සතුට වෙනුවෙන් තරඟ කරන කාල්ටන් සුපර් සෙවන් රගර් තරඟාවලිය චමත්කාර කිරීමට ඉන්දියාවෙන් ගෙන්වනු ලබන එක ඉන්දීය බොලිවුඩ් තරුවක් සඳහා රුපියල් කෝටියක් ගෙවන බව
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ.
ප්‍රීති සින්ටා, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, සමීරා රෙඩ්ඩි ඇතුළු බොලිවුඩ් තරු 5 ක් සඳහා කෝටි 5 ක් ගෙවීම් කර තිබේ.
මෙම ගෙවීම එම තරුවකට අතට ගෙවන මුදල පමණි. මීට අමතරව ඔවුන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් සහ නැවතීමේ හෝටල් ආහාර පාන වියදම් වෙනම වියදමක් වේ. එයද ඉතා විශාල වියදමක් වන්නේ මේ එක් තරුවක් සඳහා පරිවාර සේවක සේවිකාවන් 15-20 ක් පමණ පැමිණ ඇති බැවිනි. එවිට ගුවන් ටිකට්, ඉඳුම් හිටුම් සහ ආහාර පාන සැපයිය යුතු අවම පිරිස සියයක් පමණ ය.
මෙම වියදම දරන්නේ රජයට පවරා ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය ය.