Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ අතුරුදහන් කිරීමට හතුරුසිංහ සම්බන්ධයි


කොළඹ ‘මැජෙස්ටික් සිටි’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ තුන් වෙනි මහලේ 3-26 සහ 3-27 යන ස්ථානයන්හි ‘පැනමා ටේ‍්‍රඩර්ස්’ නමින් ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමේ ආයතනයක් පවත්වාගෙන ගිය රාමසාමි ප‍්‍රභාකරන් (42) නොහොත් ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ අතුරුදහන් කිරීමට උතුරේ ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා සම්බන්ධ බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත හෙළිදරව් කළේය.
නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩූල් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන යන අයට එරෙහිව මොහු විසින් ජනාධිපති නිතීඥ රොමේෂ් සිල්වා මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් ගොනු කර තිබූ අතර, එය 2012 පෙබරවාරි 13 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබියදී පෙබරවාරි 11 වනදා සුදු වෑන් රථයකින් මොහුව පැහැරගෙන යනු ලැබීය. වැල්ලවත්ත, චැපල් බෑන්ක් මාවතේදී එදින පස්වරු 3.30 ට පමණ මොහුව පැහැරගෙන ගොස් ඇති අතර, එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ කි‍්‍රයාත්මක වන ‘සුදු වෑන්’ කල්ලිය විසින් සිදු කරනු ලැබූ බවට වාර්තා වේ.

ජනපති නියමයෙන් ජොනී නිදහස් කිරීම ගැන විරෝධයක්


ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සිටි වකවානුවේදී එවකට කුරුණෑගල ශී‍්‍ර ල.නි.ප. ආසන සංවිධායකවරයාව සිටි ජයරත්න හේරත් මහතාගේ නිවසට බලහත්කාරයෙන් කඩා වැදී එහි නිවැසියන් බියගන්වා නිවසට අලාභහානි සිදු කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුව ජනාධිපතිවරයාගේ බලපෑම් මත අධිකරණය විසින් හකුලා ගැනීම පිළිබඳව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ල.නි.ප. මැති ඇමැතිවරුන්ගේ බලවත් කෝපයට හේතු වී තිබේ.

මර්වින් නිදහස්


මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සින්ල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී පවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මාධ්‍යවල පළවුයේ තමන් විසින් පවසන ලද දේවල් නොවන බවත් තමන් එවැනි ප්‍රකාශ නොකළ බවත් මර්වින් සිල්වා මෙහිදී මධ්‍යම කාරක සභාවට ලිඛිතව දන්වා තිබේ.
එහිදී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් කතා කරමින් පත්තරවල පලවන සියලු දේ සත්‍ය ලෙස ගත නොහැකි බවත් පුවත් පත් වාර්තා අනුව කෙනෙකුට දඬුවම් කිරීම සුදුසු නොවන බවත් පෙන්වා දී තිබේ.

Fill - T හා පිංපොන් බයිට් වුන හැටි



ලංකාවේ එකම ගැන්ග්ස්ටර් රැපර් ලෙස හදුන්වා ගන්න fill - T හා ස්වර්ණවාහිනියේ තට්ටු ගෙවල් ඔස්සේ ජනප්‍රියත්වයට පත් හිරාන් නොහොත් පිං පොං පසුගියදා අපුරු සිදුවීමකට මුහුණ දීමට සිදුවුවා.

ඒ ප්‍රශ්න පහක් ඇසීමට යයි ඔවුන්ව කැඳවා සිදුකරන ලද පටිගත කිරීමක් හේතුවෙනුයි.මෙම වැඩ සටහන "මෙගා බයිට්" ලෙස හදුන්වා දී ඇති අතර මෑතකදී විකාශය කල හිරු ටීවී ඔස්සේ විකාශය විය. 

fill - T හා හිරාන් සහභාගී වූ එම වැඩසටහන් දෙක පහතින් බලන්න 

සාලියගේ අලුත් පෙම්වතිය


විලාසිතා මගින් ජනප්‍රියත්වයට පත් නව පරපුරේ රංගන ශිල්පී සාලිය සත්යජිත්ගේ විවාහය පසුගිය වසරේ අසාර්ථක වූ අතර ඔහු එයට හේතුන් වශයෙන් කියා සිටියේ ඔවුන් අතර තිබු නොගැලපීම් එයට බලපෑ බවයි.

සාලිය සත්‍යජිත් මේවනවිට පෙම්වතෙකු වන අතර ඔහුගේ පෙම්වතිය වී ඇත්තේ 20 හැවරිදි නැටලි ප්‍රනාන්දු වේ.ඇය වෘතිමය නිරූපණ ශිල්පිනියක වන අතර සාලියට ඇය මුණ ගැසී ඇත්තේ විලාසිතා දැක්මකදීය.

මොවුන් දෙදෙනාගේ ආදරයට වයස් පරතරය බලපා නොමැති අතර නැටලි මේ වනවිට සිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

සාලිය ගොතික් විලාසිතාවන් අනුගමනය කරන අතර ඔහුගේ පෙම්වතියද ගොතික් විලාසිතාවන්ට ප්‍රියකරන බව වාර්තා වෙයි.


සාලිය හා නැටලිගේ ජායාරුප එකතුවක් පහතින් බලන්න   

නෙහාරා යලි මේනකට ලං වෙයි


නෙහාරා - මේනක තිරය පිටුපස ආදර කතාව බොහෝ දෙනකුට පසුගිය කාලයේ රහසක් වුවද මේනක රාජපක්ෂගේ දික්කසාදය ලැබීමත් සමග නෙහාරා සහ මේනක ප්‍රසිද්ධියේ පෙම්වතුන් මෙන් හැසිරීමට පටන්ගෙන තිබුණි.

මේ අතර මේනක රාජපක්ෂ රඟන චරිත ඇතුලත් ටෙලි නාට්‍යය වලට නෙහාරා ද දායකවීමේ වුවමනාවක් පසුගිය කාලයේ තිබු අතර ඒ අනුව නෙහාරා හා මේනක යලිත් එක්ව රඟපාන ටෙලි නාට්‍යයවන "සංසාර සක්මන" ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.

එය සෆ්රාස්ගේ අධ්‍යක්ෂණයක් වන අතර හෙරල්ඩ් විජේසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.එම අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 


රොෂාන් - චතුරිකා රහසේ විවාහ වෙයි?



ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය සමග පමාවූ විවාහය පිලිබඳ පසුගිය කාලයේ බොහෝ මාධ්‍යය වල කතාබහට ලක්වුවා.

විවාහය පමාවීම පිලිබඳ එසේ මාධ්‍යය පුවත් පළකරද්දී රන්ජන් රාමනායක ප්‍රසිද්ධියේ පුවත්පතකට කියා තිබුනේ තමා චතුරිකාට ආදරේ බවත් එවන් සම්බන්ධතාවයක් තිබිමටද හැකි බවය.

නමුත් පසුගිය සතියේ පුවත්පතකට දෙන ලද ප්‍රකාශයකින් කියා තිබුනේ ඔවුන් දෙදෙනා දැනටමත් විවාහ වී අවසන් බවය. තවමත් කැන්දන් යාම සිදු කර නොමැති බවත් ගෙදර වැඩ කටයුතු අවසන් වූ විගස කැන්දන් යාමේ මංගල උත්සවය ඉටු කරන බව ඔවුන් දෙදෙනා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනා.


ඒ පිළිබඳව අදහස් දක්වන චතුරිකා 

රටට වින කරන වෙබ් අඩවි පිලිබඳ ජනපති හෙළි කරයි


වෙබ් සයිට් 8 ක්ම කරන්නේ එක පුද්ගලයෙක් 

මේ දිනවල තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් රටට වින කරන වෙබ් අඩවි පිලිබඳ හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.

පහතින් දැක්වෙන්නේ එහිදී ජනාධිපතිතුමා විසින් සිදුකල කතාවයි.
පහුගිය අවරුදු 30 ක කාලයක් අපේ රටේ තිබ්බ ත්‍රස්තවාදය අවසන් කරලා අද රට සියලු ජාතීන්ට සිංහල වේවා ඉස්ලාමිය වේ වා ජාතීන්ට එකමුතුව එකම රටක් තුල සහයෝගීත්වයෙන් ජිවත් වීමේ පරිසරයක් ගොඩ නගා තිබෙනවා.ශ්‍රී ලංකාව අද 8.3% වර්ධන වේගයක් පවත්වාගෙන යනවා.
පහුගිය අවරුදු දෙකේම 8% කට වඩා වර්ධන වේගයක් පවත්වාගැනීමට හැකි වුනා.උතුරේ සංවර්ධනය 22% වැඩි වෙලා තියෙනවා කිව්වම එකෙන් පේනවා අපි මොන තරම් වැඩ කොටසක් උතුරට කරලා තියෙනවද කියල.

පිටරැටියන්ට ලංකාවේ වැඩි හරියක් තොරතුරු ලබාගන්න පුළුවන්කම තියෙන්නේ වෙබ්සයිට් එකෙන්.

Share this article with your friends