බරපතල ආර්ථීක අනතුරක්.
කොටස් වෙළඳපොළ පිරමීඩ ජාවාරමට සමානව සූදු පොළක් බවට පත් කළේ ආණ්ඩුවයි.
මහ බැංකුව, මහා භාණ්ඩාගාරය නිරන්තරයෙන් කීවේ අපේ ආර්ථීකය ශක්තිමත් බවයි. 8% ඉක්මවා ආර්ථීක වර්ධන වේගයක් ළඟා කරගෙන ඇති බවත් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළඳපොළ අප සතු බවත් කීවා. අද වෙනකොට කොටස් වෙළඳපොළ වේගයෙන් කඩා වැටෙමින් තිඛෙනවා. කොටස් වෙළඳපොළ කියන්නේ දියුණු ආර්ථීක මිනුම් දණ්ඩක් නෙවෙයි. සූදු පිටියක්. කිසිවක් නිෂ්පාදනය නොකර මුදල් මවමින් ලාභ ලබන කි්‍රයාවලියක්. මේ තුළ කොළඹ කොටස් වෙළඳපොළ වාර්තාගත අන්දමින් දියුණු වන බව පෙන්වීමට ආණ්ඩුව පිම්බීමක් කළා.




