Chitika Smowtion 468x60


Saturday, June 2, 2012

ලාංකික දැරිය දූෂණය කළ ලන්ඩන් තේම්ස් විහාරාධිපති සෝමරතන හත් වසරක් හිරගෙට


බාල වයස්කාර ලාංකික දැරියකට ළමා අපචාර කිරීමේ චෝදනාවට වරදකරු කළ ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන චීවරධාරියාට ලන්ඩන් අයිස්ල්වර්ත් ක්‍රවුන් කෝට් අධිකරණය අද වසර 7 ක සිර ද
ඬුවමක් නියම කෙළේය.

සිර ද
ඬුවමට අමතරව පහලගම සෝමරතන නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කළේය. ඒ අනුව මින් මතුවට සෝමරතනට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කෙරේ.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ ශ්‍රී ලාංකික දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට සෝමරතන චීවරධාරියා වරදකාරයා බව පසුගිය මැයි මාසයේදී එම අධිකරණය තීන්දු කර ද
ඬුවම් නියම කිරීම අදට දින නියම කර තිබිණ.

පහලගම සෝමරතන චීවරධාරියාගේ වත්මන් වයස අවුරුදු 65 කි

මොහුට විරුද්ධව නඩු වැටෙන බව දැනගත් විට මොහු හීන් සීරුවේ ලංකාවට මාරු වෙන්නට උත්සාහ කළද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී හීත්රෝ ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනින. පසුව ඇප මත නිදහස ලබා සිටියේ ය.

කරුගේ රිය කරුගේම රියක ගැටී අනතුරක


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා සහ බිරිඳ ගමන් ගත් රථය සහ ඔවුන්ගේම ආරක්ෂක රියක් සමග එකිනෙක ගැටී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ. මෙම රිය අනතුර සිදුව ඇත්තේ මිරිජ්ජවිල ප්‍රදේශයේ දීය. මේ වන විට දෙදෙනාම හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ට ඇත්තේ සුළු තුවාල පමණක් බව පැවසේ. කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා සහ බිරිඳ එක්ස් කිරණ පරීක‍ෂාවකට ලක් කිරීමට නියමිත ය. මෙම අනතුර සිදුවූයේ අද සවස 4.30 පමණය. සේයාරුවේ දැක්වෙන්නේ අනතුර සිදුවූ ස්ථානයයි.

කරු ජයසූරිය මහතාට පසුගිය කාලය මෙන්ම ඉදිරිකාලයද බරපතල අපල කාලයක් බව ඔහුගේ දෛවඥයෝ අනතුරු අඟවා තිබිණ.

ශ්‍රී ලංකා ටෙලිකොම්ටත් කණ කොකා අඬයි


මරාකරණයට සියල්ල සූදානම්: යන්ග් යකා යවන්න යන්නේ කොරහත් බිඳලා

දැනට විනාස මුඛයට යමින් තිඛෙන ශ්‍රී ලංකා ටෙලිකොම් නම් ශ්‍රී ලංකාවේ ජාතික වස්තුව තවදුරටත් විනාස මුඛයට යවමින් එහි ප්‍රධාන විධායක ධූරය මරා රෙජීමයට අත්පත් කර ගැනීමේ හදිසි චේතනාවෙන් කෝටි 5 කට ආසන්න අනවශ්‍ය වියදමක් දැරීමට යන පුවතක් 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ.

මොවුන් සිදුකරන්නට යන්නේ දැනට ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධාන විධායක ධූරය දරණ ග්‍රෙග් යන්ග් නමැති ඕස්ටේ්‍රලියානුවාගේ සේවා කාලය අවසන් වීමට මාස 6 කට පෙර ඔහුට රුපියල් ලක්ෂ 480 ක් ගෙවා ඉවත් කර එම ධූරයට චමල් රාජපක්ෂගේ දෙවන පුත්‍ර ෂමින්ද්‍ර රාජපක්ෂ ගෙන ඒමයි. ෂමින්ද්‍ර රාජපක්ෂ දැනට ශ්‍රී ලංකා ටෙලිකොම්හි අධ්‍යක්ෂ ධූරයක් දරන්නෙකි.

මරා රෙජීමය මෙම හදිසි තීරණයට පැමිණ ඇත්තේ ප්‍රධාන විධායක ග්‍රෙග් යන්ග් සහ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෙතෙක් එකට එක්වී කරන ලද ඩීල් අප්සෙට් යාම නිසාවෙනි. එනම් ග්‍රේග් යන්ග් තනියම ඩීල් දැමීමට යාම නිසාවෙනි.

ඉන් ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් යළි 'ඩයිමේ කොම්පැනිය' සමග ගනුදෙනු කිරීමට ගන්නා ලද තීරණයයි. ඩයිමේ සමාගම යනු කලකට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් සමගම ව්‍යාපෘති වල නියැලූනු නමුත් පසුව කරන ලද වංචා නිසා ලංකාවේ බ්ලැක් ලිස්ට් කරන ලද සමාගමකි. පුදුමය නම් යලි ඩයිමේට ශ්‍රී ලංකා ටෙලිකොම් ව්‍යාපෘතියක් බාර දී තිබේ. මෙහි දී ඇති වූ ගනුදෙනු හුටපටයක් නිසා මරා රෙජීමයේ ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රධාන විධායක ග්‍රෙග් යන්ග් අතර මතබේදයක් ගොඩ නැගී තිබේ.

එල්ටීටීඊය යළි තමිල්නාඩුවේ සංවිධානය වෙනවා

එල්ටීටීඊ තහනම දීර්ඝ කරමින් ඉන්දියාව කියයි.

එල්ටීටීඊය යළි තමිල්නාඩුව තුළ ප්‍රතිසංවිධානය වන බව ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර ඇති බවත් සඳහන් කරමින් ඉන්දියාව තවත් වසර 2 ක් සඳහා එල්ටීටීඊ සංවිධානයේ තහනම දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍ය රජයේ අභ්‍යන්තර අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන පරිදි එල්ටීටීඊය තමිල්නාඩුව තුල යලි ප්‍රතිසංවිධානය වන බවට ඉන්දීය බුද්ධි අංශයන්ට තොරතුරු ලැබී තිබේ. එල්ටීටීඊය ශ්‍රී ලංකාව තුල මහත් විනාශයක් කළ සංවිධානයක් ලෙසටද එම නිවේදනයේ සඳහන් කර තිබේ. ඉන්දියාව එල්ටීටීඊය තහනම් කළේ 1992 වසරේ සිටය. එනම් ශ්‍රී ලංකාවේ එම සංවිධානය තහනම් කිරීමට පෙර ය.

ඇමති රියාස් බදුර්දීන් බි‍්‍රතාන්‍ය ජාතික දිනය සමරයි !


පෙරේදා (31) සන්ධ්‍යාවේදී කොළඹ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පවත්වන්නට යෙදුණු එංගලන්ත මහරැජිනගේ 60වන දියමන්ති ජුබිලිය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයේදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගි වූ අමාත්‍ය රියාස් බදුර්දීන් මහතා
සිය සුභප‍්‍රාර්ථනා කතාවේදී Toast කිරීම පටලවා ගනිමින් එංගලන්තයේ මහරැජිනට සහ බි‍්‍රතාන්‍ය ජාතික දිනය වෙනුවෙන් සව්දිය පුරා ඇති බව වාර්තාවේ.
ඇමතිවරයාගේ කතාවෙන් පැමිණිසිටි අමුත්තන් එකිනෙකාගේ මුහුණ බලාගෙන ඇති අතර තමන් පැමිණෙන්නේ කවර කාරණයකට දැයි නොදැන මෙසේ පැමිණ කතාවන් පැවැත්වීම තුළින් අමාත්‍ය බදුර්දීන් මහතා විදේශ තානාපතිවරුන් හා සම්භාවනීය අමුත්තන් ඉදිරියේ රජය හෑල්ලූවට ලක් කොට ඇත.

ජනාධිපතිවරයා සචින් වාස් ගුණවර්ධන කොමිස්කාරයකු බව පිළිගනී


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (31) ප‍්‍රථමවරට සිය රහස්‍ය මූල්‍ය උපදේශකයා වන ගාලූ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඉහළ පෙළේ කොමිස්කරයකු බව පළමු වතාවට පිළිගෙන තිබේ.


මෙයට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා ළඟදීම සංචාරය කිරීමට නියමිත ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් සඳහා ගමන් කිරීමට සචින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා නවතම ගුවන් යානයක් කුලී පදනම මත ලබා ගැනීමට දැරූ උත්සාහයේදීය. මේ සඳහාවන රුපියල් මිලියන ගණනක ගුවන් යානා ගාස්තුව ජනාධිපතිවරයාගේ නොසතුටට හේතු වී තිබේ.

Friday, June 1, 2012

දිනුෂා රාජපතිරණගේ විවාහ උත්සවය

ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ ගේ විවාහය පිලිබඳ මෙයට පෙර ගොසිප්9 කරුණු හෙළිදරව් කරනු ලැබුවා.

දිනුෂා හා ධම්මික ගේ විවාහ උත්සවය ඊයේ දිනයේ පැවැත්වුන අතර එහි ජායාරුප එකතුවක් පහතින් බලන්න 


Official Photography by Digital Eye Studio





පබෝධා සන්දීපනිගේ විවාහ උත්සවය


ජනප්‍රිය නිලි පබෝධා සන්දීපනී ගේ විවාහය ඊයේ රාත්‍රියේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුනි.ඇයගේ ඇත ගත මනාලයා වුයේ ව්‍යාපාරිකයෙකු වූ සිදත් හරින්ද්‍ර සමගය.

විවාහ උත්සවයේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 
 Photography : Dhanushka Senadeera





Share this article with your friends