Monday, June 4, 2012
J.D.C ජයසිංහ නොහොත් මුද්දරගම කුකුල් චාලිට ජනතා විරෝධය
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.C ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි යන පුද්ගලයාට ජනතා විරෝධය එල්ල වන බව වාර්තා වේ.
මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය බලහත්කාරයෙන් දුෂණය කිරීම සම්බන්ධයෙන් මොහු චෝදනා ලබා තිබේ.
නමුත් දේශපාලන හයිය යොදා ගනිමින් මීරිගම පොලිසියට බලපෑම් කල මොහු එම තරුණියගේ පැමිණිල්ල ලියා ගැනීමටවත් පොලිසියට ඉඩ සලසා නොමැත. එසේම මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණිය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සට තමාට සිදු වූ අතවරය සම්බන්ධව ලබා දුන් ප්‍රකාශයද යටපත් කිරීමට මෙම පරිපාලන නිලධාරියා සමත් විය.
කාල්ටන් සුපර් සෙවන්ස් අවසන් දිනයේ සේයාරූ එකතුව

තරගාවලිය අවසානයේ බිපාෂා බාසු, සමීරා රෙඞ්ඩි ඇතුළු බොලිවුඩ් නිලියන් පිරිවරාගත් සංදර්ශනයක් ද පැවැත්වූ අතර එහි ජායාරුප එකතුවක් පහතින් බලන්න .
නායකත්ව පුහුණුව නිසා නවකවදය තවත් වැඩි වෙලා
නවක ශිෂ්‍යයින්ට ලිංගික අතවර!
විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙනු ලැබු නායකත්ව පුහුණුවෙන් පසු ඇතැම් සරසවි තුළ නවකවදය දැඩිව ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
කොමිසන් සභාව සදහන් කරන්නේ විශ්වවිද්‍යාල තුළ නවක වදය ඉහළ ගොස් ඇති බවය.
දේශපාලන යටි අරමුණු ඊට හේතු වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි.
ඔහු පැවසුවේ ඇතැම් විශ්වවිද්‍යාලවලදී නවක ශිෂ්‍යයින්ට ලිංගික අතවර කර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බවය.

අක්‌කෙක් එනවා ඔන්න නංගිව ගෙට ගනින්
කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක් විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක් ලබාදී තිබුණි. ''ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න''
මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ 'ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ...' යෑයි කියාය.
මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ 'ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ...' යෑයි කියාය.
Sunday, June 3, 2012
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පනියි.

මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් සිදුවිය හැකි බවයි තවදුරටත් වාර්තා වනවා.
එම අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ 'බහුජන හිතාය' දේශනාව සහ ඕමල්පේ සෝබිතගේ 'මරා හිතාය' දේසනාව.!
පූජක වරුන්ට සමාජයේ ඇති ගෞරවය තව දුරටත් තබා ගැනීමට නම් සියළු ආගම්වල පූජක වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම වළකාලන සංශෝධනයක් කළ යුතු යැයි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමෙන් පසු එය විකෘති ආකාරයකින් ජාතික හෙළ උරුමයේ චීවරධාරීන් විසින් අර්ථ ගන්වමින් තිබේ. ඔවුන් පවසන්නේ එයින් භික්ෂූන්ට දේශපාලනය කිරීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බවයි. එවැන්නක් එම යෝජනාවේ සඳහන් නොවූවද කබරගොයා තලගොයා කර ගැනීමේ දක්ෂ හෙළ උරුමය එලෙස අර්ථ ගන්වයි. යොජනාවේ සඳහන් වන්නේ සියළු ආගමික පූජක වරුන් සඳහා වන බව හෝ නොසලකයි.
භික්ෂූන් කුමන දේශපාලනයක් දෙසූවද ඔවුන් බුදුරජානන් වහන්සේගේ ධර්මය අනුව ක්‍රියා කරන්නේ නම් ප්‍රථමයෙන්ම සංඝයා වෙනුවෙන් බුදුන් දෙසූ 'බහුජන හිතාය, බහුජන සුඛාය' යන පදනමින් පිට පැනිය නොහැක. මේ කාරණාව රටේ ප්‍රධාන සංඝයා වහන්සේලා දෙදෙනෙක් අද කරන ලද ප්‍රකාශ දෙකකින් ජනතාවට තේරුම් ගත හැකි වනු ඇත.
මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා වූ සංසදය මගින් 'ජාතික ප්‍රතිසංධානය සහ සමාජ සාධාරණත්වය' මැයෙන් කොළඹදී අද සංවිධානය කළ සම්මන්ත්‍රනයකදී මෙසේ පැවසූහ.

කොළඹ හමුදා මාර්ග බාධක වලින් හමුදාව ඉවත් වේ
යුදහමුදාව විසින් පවත්වාගෙන ගිය කොළඹ නගරයේ මුර කපොළු වලින් යුද හමුදාව ඉවත් වී ඒවා පොලිසිය වෙත ඊයේ සිට බාර දුන් බව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. දිනෙන් දින කොළඹ ආරක්ෂක තත්ත්වය හොඳ අතට හැරෙන බැවින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කරයි.
මේ අනුව කැළණි පාලම මාර්ග බාධකය, කොටුවේ මාර්ග බාධකය, අක්බාර් මාවතේ මාර්ග බාධකය, කොල්ලූපිටිය මංසන්ධියේ මාර්ග බාධකය, මැලේ වීදියේ මාර්ග බාධකය, ඕල්කොට් මාවත මාර්ග බාධකය, වැල්ලවත්ත මාර්ග බාධකය පාමංකඩ මාර්ග බාධකය සහ බම්බලපිටිය මුහුදු මාර්ගයේ මාර්ග බාධකය යන හමුදා මාර්ග බාධක වලින් හමුදාව ඊයේ සිට ඉවත්වනවා ඇත.

දුමින්ද සිල්වා ලබන මස ලංකාවට

මාස හයකට අධික කාලයක් එම රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට මිලියන 18 කට වඩා රෝහල් ගාස්තු වැයවී ඇති බව අප මෙයට පෙර වාර්තාකරනු ලැබුවා.
ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුද දුමින්ද සිල්වා වේ.දුමින්ද සිල්වා ඇල්ලීමට වරෙන්තු නිකුත් කල විට රහස් පොලිසිය එය පමා කල අතර පසුව පැවසුවේ දුමින්ද සිල්වා සිංගප්පුරුවේ රෝහලක සිහි මද ගතියෙන් පසුවන බවයි.
Subscribe to:
Posts (Atom)