හම්බන්තොට වරාය ඉදිකරන ප්‍රදේශය භූ විද්‍යාත්මකව භූ තැටි දෙකක සීමාව තුළ පිහිටීම නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගල් පර්වතය පුපුරුවා හැරියහොත් එම ප්‍රදේශය භූ කම්පන කලාපයක් බවට පත් වීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් කිහිපදෙනකුම අදාළ බලධාරීන්ට දන්වා සිටි නමුත්, දේශපාලනික අවශ්‍යතා නිසා ඒ කිසිවකුත් එම උපදෙස් කිසිදු ලෙසකින් මායිම් නොකළ බවද ඔහු පැවසීය.
Tuesday, June 5, 2012
හම්බන්තොට ගල කැඩීම, භූ චලනවලට හේතු වෙලා
රේගු නීති කඩා, 'පන්සල් වාහන' ගෙන් වූ අය නිදහස් කරලා
තිලංගට එරෙහිව 'ගෝඨාගේ යුද්ධය' ඇරඹේ
තිලංග සුමතිපාල මහතා විසින් පවත්වාගෙන යනු ලැබූ 'පියර් ත්‍රී' කරෝකී රාත්‍රී සමාජ ශාලාව වටලා එහි සිටි පිරිසක් පොලිසිය ලවා අත් අඩංගුවට ගැනීම එම දේශපාලන මෙහෙයුමේ ආරම්භය වේ. පොලිසිය විසින් එසේ වැටලූ මෙම සුඛෝපභෝගී රාත්‍රී සමාජ ශාලාව ඩී.ආර්. විෙජ්වර්ධන මාවතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමි බාගයක පවත්වාගෙන යයි. එහි කරෝකී ශාලාව බේරේ වැව තුළ රඳවා තිඛෙන විශාල යාත්‍රාවක් තුළ ක්‍රියාත්මක වේ.
සජින් වාස්ගෙන් සරෝජාට බලපෑම්
සරෝජා සිරිසේන මහත්මිය ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ හිටපු බිරිඳක් වේ. කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකුවන දොස්තර සිරිසේන මහතා සරෝජා මහත්මියගේ පියාණන් වේ.
සරෝජා මහත්මිය, සජින් වාස් ගුණවර්ධන මහතාගේ පලිගැනීමට ලක්වී ඇත්තේ පසුගිය ජිනීවා සංචාරයේදී ඇති වූ සිදුවීමකි.
Monday, June 4, 2012
J.D.C ජයසිංහ නොහොත් මුද්දරගම කුකුල් චාලිට ජනතා විරෝධය
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.C ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි යන පුද්ගලයාට ජනතා විරෝධය එල්ල වන බව වාර්තා වේ.
මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය බලහත්කාරයෙන් දුෂණය කිරීම සම්බන්ධයෙන් මොහු චෝදනා ලබා තිබේ.
නමුත් දේශපාලන හයිය යොදා ගනිමින් මීරිගම පොලිසියට බලපෑම් කල මොහු එම තරුණියගේ පැමිණිල්ල ලියා ගැනීමටවත් පොලිසියට ඉඩ සලසා නොමැත. එසේම මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණිය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සට තමාට සිදු වූ අතවරය සම්බන්ධව ලබා දුන් ප්‍රකාශයද යටපත් කිරීමට මෙම පරිපාලන නිලධාරියා සමත් විය.
කාල්ටන් සුපර් සෙවන්ස් අවසන් දිනයේ සේයාරූ එකතුව

තරගාවලිය අවසානයේ බිපාෂා බාසු, සමීරා රෙඞ්ඩි ඇතුළු බොලිවුඩ් නිලියන් පිරිවරාගත් සංදර්ශනයක් ද පැවැත්වූ අතර එහි ජායාරුප එකතුවක් පහතින් බලන්න .
නායකත්ව පුහුණුව නිසා නවකවදය තවත් වැඩි වෙලා
නවක ශිෂ්‍යයින්ට ලිංගික අතවර!
විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙනු ලැබු නායකත්ව පුහුණුවෙන් පසු ඇතැම් සරසවි තුළ නවකවදය දැඩිව ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
කොමිසන් සභාව සදහන් කරන්නේ විශ්වවිද්‍යාල තුළ නවක වදය ඉහළ ගොස් ඇති බවය.
දේශපාලන යටි අරමුණු ඊට හේතු වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි.
ඔහු පැවසුවේ ඇතැම් විශ්වවිද්‍යාලවලදී නවක ශිෂ්‍යයින්ට ලිංගික අතවර කර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බවය.

අක්‌කෙක් එනවා ඔන්න නංගිව ගෙට ගනින්
කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක් විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක් ලබාදී තිබුණි. ''ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න''
මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ 'ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ...' යෑයි කියාය.
මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ 'ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ...' යෑයි කියාය.
Subscribe to:
Posts (Atom)