Chitika Smowtion 468x60


Tuesday, June 5, 2012

ප්‍රගීත් ගැන කී කතා නීතිපතිගෙන් හෙට ප්‍රශ්න කෙරේ


අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් ජිනීවාහිදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 
අද (05) හෝමාගම අධිකරණයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය.

පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් මාස 7 ක් පමණ කාලයක් තිස්සේ කරන ලද අරගලය හෙට සන්ධිස්ථානයට පැමිණෙනු ඇත. ඔහු ජිනීවාහිදී කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය හෙට ඔහු විසින් අධිකරණයට ප්‍රකාශ කළ යුතුය. මෙයින් ගැලවීම සඳහා ඔහු අධිකරණය මග හැරීමට කළ උත්සාහය පසුගියදා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙළේය.

Photo: ප්‍රගීත් ගැන කී කතා නීතිපතිගෙන් හෙට ප්‍රශ්න කෙරේ: සහයෝගය දෙන්න අධිකරණයට එන්න---------------------

(ලංකා ඊ නිව්ස් -2012.ජුනි.04, ප.ව. 6.00) අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් ජිනීවාහිදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට(05) හෝමාගම අධිකරණයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය.

පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් මාස 7 ක් පමණ කාලයක් තිස්සේ කරන ලද අරගලය හෙට සන්ධිස්ථානයට පැමිණෙනු ඇත. ඔහු ජිනීවාහිදී කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය හෙට ඔහු විසින් අධිකරණයට ප්‍රකාශ කළ යුතුය. මෙයින් ගැලවීම සඳහා ඔහු අධිකරණය මග හැරීමට කළ උත්සාහය පසුගියදා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙළේය.

හෙට(05) හෝමාගම අධිකරණ භූමියට පැමිණ ප්‍රගීත් වෙනුවෙන් සහයෝගය දක්වන ලෙස මේ සම්බන්ධයෙන් උනන්දුවන්නන්ගෙන් 'ලංකා ඊ නිව්ස්' ඉල්ලා සිටී.

චීවරධාරියෙකුගෙන් ගැබිණි කතකට අතවර


දකුණේ ගැටවර චීවරධාරියෙක් නිවසකට පැන තරුණ ගැබිනි කාන්තාවක් 
පෙරේදා දහවල් දූෂනය කිරීමේ බෞද්ධ හෘදය කම්පා කරන සිදුවීමක් වාර්තාවේ. 

වලස්මුල්ල පොලිස් වසමේ ඕලූආර ප්‍රදේශයේදී, වයස අවුරුදු 23 ක් වූ ගැබිනි කාන්තාවක්, චීවරධාරියකු විසින් 
පෙරේදා
 දහවල් 1.30 ට පමණ දූෂණය කර ඇති බව වලස්මුල්ල පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් 
ඊයේ (04) පොසොන් පෝයදා උදෑසන නිවේදනයක් මගින් නිකුත් කර තිබේ. 

පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන් කාන්තාවගේ නිවසට පැමිණ, නිවසේ කාන්තාව තනිවම සිටි අවස්ථාවේ මෙම අපරාධය සිදු කර ඇතැයිද, සැකකරු තල්පාවිල, කැකණදුර ප්‍රදේශයේ පිරිවෙනක වැඩ වාසය කරන වයස අවුරුදු 17 ක් වූ චීවරධාරියකු බවද පොලිස් නිවේදනයේ දැක්වේ. චීවරධාරී සැකකරු අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ආණ්ඩුවට ආපහු හැරෙන්න පුළුවන් වෙයිද?


ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව කෙල තොළු කථා කියමින් හිටිය ආණ්ඩුව දැන් උන් පස්සේ එල්ලීගෙන යනව. ක්ලින්ටන් නෝනා සුලැඟිල්ල වැනුව විතරයි මෙන්න විදේශ ඇමති කරන්න යන දේවල්, ඒවයේ යාන්ත්‍රණ මේ ආදී කී නොකී දේවල් ඔක්කොම ලියා කියාගෙන පොට්ටනි බැඳගෙන ක්ලින්ටන් මහා රාජිනී බැහැ දකින්න ගියා.
මේ ගැන කියන්න තියෙන්නේ මේ වගේ මගුල් ගමන් යන්න වෙන්නේ නෑ, LLRC වාර්තාවේ දේවල් කරගෙන කරගෙන ගියා නම්. මේක මහ කොලොප්පමක් වෙලා තියෙන්නේ.
19 වැනිදා මහ ලොකුවට වීරයන් සමරණ අතරම ඇමරිකන් ලොක්කන් ලඟට ගිහින් යුද්දෙන් වුන විපත්ති වලට කරන පිළියම් ගැන කථා කරනව. එතකොට අභාග්‍යයක් වෙලා තියෙනව. ඒවාට දෙන පිළිතුරු උගත් පාඩම් හා සංහිඳියා ලියවිල්ලේ තියෙන විදියට දැන් සකස් කරගෙන යනව.
මේ අතර හමුදා වල ඉන්න සොල්දාදුවොත් ඉන්නේ ලොකු අසතුටකින්. මොකද? දැන් එදා වගේ සැලකිලි නෑ. අතට එන මුදලත් අඩුයි. ඒත් වැඩවල නම් අඩුවක් නෑ. හැම දේම අන්තිමට එන්නේ හමුදාවේ පහලම සොල්දාදුවාගේ කරට. හමුදාවේ තියෙන ප්‍රශ්ණ ගැන කතා කරන්න කෙනෙකුත් නෑ.

පරාජිත සමාජයක මියැදෙන මනුෂ්‍යත්වයට ඇවැසි වෙනස - ප්‍රවාද අංක 1


ලංකාව නම් වූ කොදෙව් භූමියට ඉක්මන් සමාජ වෙනසක් අවශ්‍යව ඇත. කවුරු කැමති අකැමැති වුවද ලංකාව විෂයෙහි ඇති එකම හෙඳම හා අවසාන පිළිතුර වනුයේ ද සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. එහෙත් සමාජ වෙනස යන වචක දෙක ලියන තරම්,
උච්ඡාරණය කරන තරම් සුරතල් සුන්දර දෙයක් නොවන සේම රැඩිකල් විප්ලවීය ප්‍රවාදයක් වුවත් කොදෙව් භූමිය තුල යථාර්තයක් කිරීම හිතන කියන තරමට වඩා සිය දහස් ගුණයකින් දුෂ්කර ක්‍රියාදාමයක් වනු ඇත.එහෙත් එය එසේම සිදු විය යුතු වූ බැවින් නැවත නැවත පුනරුච්ඡාරනය කළ යුත්තේ ලංකාව උදෙසා සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. මෙය හදිසි මෙන්ම අත්හළ නොහැකි වගකීමක් වනුයේ අන්කිසිවක් නිසා නොව මිනිසාට ශිෂ්ටසම්පන්නව, නිදහස්ව, නිවහල්ව, ගෞරව සම්පන්න මනුෂ්‍යයින් ලෙස ජීවත් වීමේ අයිතිය ඇති නිසාවෙනි.

හම්බන්තොට ගල කැඩීම, භූ චලනවලට හේතු වෙලා


හම්බන්තොට රාජපක්ෂ වරාය ඉදිකිරීම් කටයුතු වලදී, භූ විශේෂඥයින්ගේ උපදෙස් නොතකා හරිමින් එහි තිබූ ගල් තට්ටුව කඩා දැමීම නිසා මේවනවිට එම ප්‍රදේශය ආශ්‍රිතව දිගින් දිගටම භූ කම්පන ඇති වීමට හේතු වී ඇතැයි තම අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි විශේෂඥ මහචාර්යවරයකු අප වෙත හෙළිදරව් කළේය.
හම්බන්තොට වරාය ඉදිකරන ප්‍රදේශය භූ විද්‍යාත්මකව භූ තැටි දෙකක සීමාව තුළ පිහිටීම නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගල් පර්වතය පුපුරුවා හැරියහොත් එම ප්‍රදේශය භූ කම්පන කලාපයක් බවට පත් වීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් කිහිපදෙනකුම අදාළ බලධාරීන්ට දන්වා සිටි නමුත්, දේශපාලනික අවශ්‍යතා නිසා ඒ කිසිවකුත් එම උපදෙස් කිසිදු ලෙසකින් මායිම් නොකළ බවද ඔහු පැවසීය.

රේගු නීති කඩා, 'පන්සල් වාහන' ගෙන් වූ අය නිදහස් කරලා


තීරු බදු සහන යටතේ සෑම බෞද්ධ වෙහෙර විහාරස්ථානයකටම වාහන ගෙන්වීම සඳහා රජය විසින් ලබා දී තිබූ බලපත්‍ර අයතා ලෙස යොදා ගනිමින්, පසුගිය 31වනදා වාහන 20ක් මෙරටට ගෙන් වූ ව්‍යාපාරිකයකු කෝටි 08ක දඩමුදලක් අයකර නිදහස් කර ඇති රේගු ප්‍රධානී ඊට අදාළ පරීක්ෂණ යට ගසා තිබේ.


තිලංගට එරෙහිව 'ගෝඨාගේ යුද්ධය' ඇරඹේ


බැසිල් රාජපක්ෂ මහතා අනාගත රාජ්‍ය නායකයා කිරීමෙන් දේශපාලන මෙහෙයුමේ පෙර ගමන්කරුවෙකුව සිටින සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට එරෙහිව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
තිලංග සුමතිපාල මහතා විසින් පවත්වාගෙන යනු ලැබූ 'පියර් ත්‍රී' කරෝකී රාත්‍රී සමාජ ශාලාව වටලා එහි සිටි පිරිසක් පොලිසිය ලවා අත් අඩංගුවට ගැනීම එම දේශපාලන මෙහෙයුමේ ආරම්භය වේ. පොලිසිය විසින් එසේ වැටලූ මෙම සුඛෝපභෝගී රාත්‍රී සමාජ ශාලාව ඩී.ආර්. විෙජ්වර්ධන මාවතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමි බාගයක පවත්වාගෙන යයි. එහි කරෝකී ශාලාව බේරේ වැව තුළ රඳවා තිඛෙන විශාල යාත්‍රාවක් තුළ ක්‍රියාත්මක වේ.

සජින් වාස්ගෙන් සරෝජාට බලපෑම්


භින්න පෞරුෂයකින් පෙළෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකව සරෝජා සිරිසේන මහත්මියට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
සරෝජා සිරිසේන මහත්මිය ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ හිටපු බිරිඳක් වේ. කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකුවන දොස්තර සිරිසේන මහතා සරෝජා මහත්මියගේ පියාණන් වේ.
සරෝජා මහත්මිය, සජින් වාස් ගුණවර්ධන මහතාගේ පලිගැනීමට ලක්වී ඇත්තේ පසුගිය ජිනීවා සංචාරයේදී ඇති වූ සිදුවීමකි.

Share this article with your friends