කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය.පසුව එහි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ තුලාව දේශපාලන සංවාදය මෙහෙයවීය.
2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය.


