Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

ආර්ථිකය කඩා වැටීම පී.බී. මත පැටවීමේ සූදානමක්


ආර්ථිකය කඩා වැටීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වගකිවයුතු බවට හැඟවෙන ආකාරයේ ප‍්‍රවෘත්ති පළ කරන ලෙස පෞද්ගලික පුවත්පත් ආයතන දෙකක මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැනුම් දී ඇති ජනාධිපතිවරයා, පී.බී.ට ‘ෂොට් එකක්’ දෙන්නැයි ඇමතිවරුන් කිහිපදෙනෙකුටද උපදෙස් දී තිබේ.
රටේ දියුණුවට බාධා කරන නිලධාරීන් සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා ප‍්‍රකාශ කළේ ඒ අනුව යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

ජෙනරාල් ගැන තීරණයක් ගන්න මැකෝට බැහැ!


ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක් සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නාම යෝජනා භාර දුනහොත් එය ප‍්‍රතික්‍ෂෙප කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට කිසිදු බලයක් නොමැති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ෆොන්සේකා මහතාට ලැබී ඇති ‘නිදහස’ යටතේ ඔහුට ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට අයිතියක් තිබේදැයි අප කළ විමසීමේදී ඔහු එම කාරණය අවධාරණය කළේය.

පළාත් සභා තුනක ඡන්ද සැප්තැම්බර් 08 !


නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා ඡන්ද සැප්තැම්බර් 08 වන සෙනසුරාදා පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි අරලියගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් සඳහන් වේ. ජනාධිපති ජෝතිෂ්‍ය උපදේශකයින්ගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපතිවරයා අංක 08 තමාගේ වාසනාවන්ත අංකය ලෙස සලකන අතර, ඔහු බොහෝ අවස්ථාවලදී ඡන්ද සහ වෙනත් තීරණාත්මක දින යොදා ගන්නේද 08 වනදා හෝ අංක දෙකක් එක් කළ විට අංක 08 එන පරිදිය.

ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලන පාර්ලිමේන්තු යෝජනාව ෆොන්සේකාගේම විරෝධය නිසා අස්කර ගනී


සිරගතව සිට ජනාධිපති සමාව ලැබූ සරත් ෆොන්සේකාට අහිමිව ඇති දේශපාලන අයිතිවාසිකම් ලබාදී පූර්ණ නිදහස ප්‍රදානය කළ යුතු යැයි ඉල්ලා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ මන්ත්‍රී යෝජනාවට ෆොන්සේකා විසින්ම විරෝධය දැක්වීම හේතුවෙන් අද ඉවත් කර ගැනීමට සිදුවිය.

මේ තත්ත්වය ගැන 
අප වෙබ් අඩවිය මීට පෙර 'ෆොන්සේකා-ටිරාන්-අර්ජුන-කැටගොඩ පැකේජයක් ලෙස ණ්ඩුවට ගැනීමේ සාකච්ඡා: ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු' නම් ප්‍රවෘත්තිය මගින් අණාවරනය කර තිබිණ.

අද උදෑසන විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී යෝජනාව ගෙන ඒම අවලංගු කිරීමට බලපා ඇත්තේ ෆොන්සේකා මහතා සිය මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා හරහා ඉදිරිපත් කළ ලිපියකි.

මේ ජීවිත කාලයේ අවසන් සිකුරු සංක්‍රාන්තියේ අපූරු සේයාරුවක්

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කිරීම හෙවත් 'සිකුරු සංක්‍රාන්තිය' මේ සියවසේ අවසාන වරට අද(06) උදෑසන අහසේ දිස්විය. සූර්යයාත්, සිකුරු ග්‍රහයාත්, පෘථිවියත් එකම සරල රේඛාවකට පැමිණෙන මෙම සිකුරු සංක්‍රාන්තිය අද 6) උදෑසන සූර්යයාගේ උදාවත් සමග දිස්විය. මෙහිදී සිකුරු ග්‍රහලෝකය සූර්යයා මතුපිට කුඩා කළු පැහැ තිතක් සේ ගමන් කරනු දක්නට ලැඛෙන අතර එහි මධ්‍ය අවස්ථාව අද පෙ.ව. 7.03 ට උදාවිය. පුරා පැය හතකට ආසන්න කාලයක් දර්ශනය වන මෙම සිකුරු සංක්‍රාන්තිය පැය හතරහමාරක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා පවසා තිබිණ.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බැලීම ඇස් අන්ධවීමට පවා බලපාන අතර වෙල්ඩින්කරුවන් විසින් භාවිතා කරන නො.14 අංකය යෙදූ ඇස් ආවරණ කණ්ණාඩි භාවිතයෙන් නැරඹිය හැකි විය. මෙහි දැක්වෙන්නේ එක්ස්ටී්‍රම් යූත් කණ්ඩායමේ ඡායාරූප ශිල්පී දුමින්ද විෙජ්රත්න විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද අද පැවැති සිකුරු සංක්‍රාන්තියේ මනස්කාන්ත සේයාරුවකි.

විරෝධතා නිසා මහින්ද රාජපක්ෂගේ ලන්ඩන් දේශනය අවලංගු කරයි





ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථීක සමුළුවේදී බි්‍රතාන්‍ය රැජිනගේ පදවිප්‍රාප්ත දියමන්ති ජුබිලි සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පැවැත්වීමට නියමිතව තිබුණු දේශනය ඇතුළු අද (06) උදා වරුවේ සැසිය අවලංගු කෙළේය.

"තත්ත්වය ඉතා ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව" මෙම තීරණයට එළැඹි බව පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික මණ්ඩලය ඊයේ (05) අඟහරුවාදා සවස් යාමයේ නිවේදනය කළේය. 'ගෝලීය සෞභාග්‍යය සහ තිරසාර වර්ධනය සඳහා ධනවාදය හැඩ ගැස්වීම' යන මාතෘකාව යටතේ පැවැත්වීමට සැලසුම් කොට තිබූ මුළුවේදී උදෑසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, බි්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්ද එම සැසියට සහභාගිවීමට නියමිතව සිටියේය.

මෙහි ටිකට් පතක් පවුම් දහසක් පමණ විය.



ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.

ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්‍ය සරත් අමුණුගම මහතා පවසනවා.

සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



සුදර්මන්ගේ මුදල් වංචා රැසක්- කවදා නීතිය ක්‍රියාත්මකවේද?

කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය.

පසුව එහි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ තුලාව දේශපාලන සංවාදය මෙහෙයවීය.

2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය. 





Share this article with your friends