Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

Ceylon Motor Show 2012



සිරකරුවන් හමුවීමට අලුත් ක්‍රමයක්


බාහිරෙන් පැමිණෙන පුද්ගලයන් සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට යෝජනා වී ඇත.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැනට පවතින ක්‍රමය යටතේ යකඩ දැලක් එපිට සිට සිරකරුවා හමුවීම මගින් යම් යම් දෑ සිරකරුවන්ට ලබා දීම හේතුවෙනි.

ඒ අනුව මෙම දුර්වලතාවය වැලැක්වීම සඳහා වීදුරු වලින් සිරකරුවා හා ඔහු බැලීමට එන පුද්ගලයා වෙන්කොට දුරකථන මාර්ගයෙන් මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමේ ක්‍රමවේදය ලංකාවටද හදුන්වා දීමට යෝජනා වී ඇත.

ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ක්‍රීඩකයන්ට තරඟ තහනමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

එම ක්‍රියාමාර්ගයත් සමග ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියේදී නවතම නීතියක් ගෙන ඒමට සුදානමින් සිටින බව 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වනවා.


යශෝධා - නාලන් මෙන්ඩිස් හාදකම ප්‍රතික්ෂේප කරයි


එකල ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක වූ යශෝධා විමලධර්ම මෑත කාලයේ ටෙලි නිර්මාණ වල දක්නට ලැබුනේ ඉතා අඩුවෙන්ය.

දැන් ඇය 42 වන වියේ පසුවන අතර මේ දිනවල පැතිර යන කට කතාවකින් කියවුනේ යශෝධා විමලධර්මත් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු වූ නාලන්ද මෙන්ඩිස් සමගත් හාදකමක් හටගෙන ඇති බවයි.

නමුත් පසුගියදා පුවත්පතකට අදහස් පළකර ඇති ඔවුන් දෙදෙනා එම ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කොට ඇත.

මේ පිලිබඳ අදහස් දක්වන යශෝධා

Monday, June 11, 2012

ගයේෂා පෙරේරා ආසියා පැසිපික් රූ රැජින තරගාවලියට


රංගන ශිල්පිනියක් මෙන්ම රු රැජිනක් වූ ගයේෂා පෙරේරා මෙවර කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

හුදෙක් රූ රැජින තරගාවලියකට පමනක් සීමා නොවී ගායන, රංගන, නිරූපන ආදී වූ ක්ෂේත්‍රයන ගණනාවක් මෙම තරඟය ඔස්සේ ඉදිරිපත් කිරීමට නියමිත වේ.


මෙම තරගාවලිය ජපානය සහ කොරියාව යන රටවල් ද්විත්වයෙහි සමදායකත්වය සහිතව පැවැත්වෙන අතර අවසාන වටයට සුදුසුකම් ලබන තරගකාරිනියන් 15 දෙනා ජපානයේ ටෝකියෝ බලා පිටත් වනු ඇත.



කොළඹ විශ්ව විද්‍යාලයේ ලිංගික අතවරයක්




කොළඹ විශ්ව විද්‍යාලයේ නව සිසුවියන් පිරිසකට ලිංගික අතවර කර ඇතැයි අප වෙත වාර්තා වේ.ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙය මෙහෙයවා ඇති අතර එම සිදුවීමට ලක්වූ සිසුවියන් පිරිස නිර්නාමිකව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට 
පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.

එම පැමිණිල්ලට අනුව ජේෂ්ඨ ශිෂ්‍යන් පිරිසක් විසින් සිසුවියන් පිරිසකට විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති ශාලාවකට ඇතුලත් වන ලෙස අණ කොට ඇත.එම ශාලාව අදුරු සහගත එකක වන අතර ඉන් අනතුරුව ජේෂ්ඨ සිසුවන් විසින් ඔවුන්ට බිම දිගා වි සිටින ලෙස අණ කර ඇත.


කටුගේ හොරා කොටුවේ!


කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම සොරකම සිදු වුයේ මාර්තු මාසයේ වන අතර තවමත් එම පුරාවස්තු සොයාගැනීමට හැකි වුයේ නැහැ.

මාධ්‍යය වාර්තා කරන පරිදි මේ වනවිට පුරාවස්තු මංකොල්ලය සිදු කල පුද්ගලයා සොයා ගෙන ඇති බවත් ඔහු සතුව කෞතුකාගාරයෙන් අතුරුදන්වූ භාණ්ඩ රැසක් පතින බවත්ය. මේ පුවත නම් ගම සහිතව ප්‍රසිද්ධ නොකරන්නේ එවිට එම පුද්ගලයා රටින් පන යාමට උත්සාහ කරන නිසා බව රිවිර පුවත් පත අවධාරණය කර සිටි.

සරත් ෆොන්සේකා ජීවිත කතාව ලියයි

හිටපු හමුදපති සරත් ෆොන්සේකා මහතා තම ජීවිත කතාව පොතක් ලෙස එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

මේ අනුව තම කුඩා කාලය, වසර 40ක හමුදා දිවිය හා එහි අත්දැකීම් එක පොතක් ලෙසද, හමුදාපති තනතුරින් සමුගැනීමෙන් පසු වසර ගණනක් සිරගතව ගෙවූ අත්දැකීම් ඇතුළු සිදුවීම් තවත් පොතක් මඟින්ද ලෙසින්ද එළිදැක්වීමටයි නියමිතව තිබෙන්නේ.

මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය ලබාගැනීම සඳහ විපක්ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එන්නට කෙටුම්පත් කර තිබු යෝජනාවට සරත් ෆොන්සේකා මහතාම විරුද්ධ විය.


එබැවිත් බොහෝ දෙනක් අතර කටකතාවක් පැතිරී ගියේ සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට සමබන්ධවීමට නියමිත බයි. ඒ පිළිබඳව ඔහු පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්

ඔබේ දේශපාලන අනාගතය සැලසුම් කර තිබෙනවාද?

Share this article with your friends