ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේදී තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයක් ඉටුකල තරුණ වෛද්‍යයවරයකු ටිරාන් අලස්ගේ බලපෑම නිසා කොන්කර දමා තිබේ.
ජෙනරාල් නිදහස් කරගත්තේ තමන් යැයි කියමින් පාරමිබාන ටිරාන් අලස් සත්‍යය හෙලිවීම වැලැක්වීම සදහා ෆොන්සේකා පවුලට බලපෑම් කරමින් අදාල වෛද්‍යවරයාට පසුගිය කාලයේ පල නොකියා පලා ඛෙදා තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට අපත් සමග සමීපව කටයුතු කල අදාල වෛද්‍යවරයාගේ ආරක්ෂාව සලකා අප එතුමන්ගේ අනන්‍යයතාවය හෙලිනොකරන අතර, එතුමන්ගේ උත්සාහයට කෘතගුණ සැලකීමක් හෝ නොකොට එලවා දැමීම නිසා ඇති වූ කලකිරීමෙන් හා අපට අවසන් කරන්නට නොහැකි වූ ජෙනරාල් නිදහස් කරගැනීමේ කාර්යය ඉටුකිරීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය එතුමන්ට පුදකිරීම උදෙසා අප මෙය පල කරන්නට තීරණය කලෙමු.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති බැරුක් ඔබාමා බව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් වී තිබේ.
කොල්ලකරුවන් පිරිසක් පෙරේදා රාත්‍රී වතුපිටිවල නගරයේ වෙළදසැලකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 4 ක මුදල් කොල්ල කා පලා පලාගොස් තිබෙනවා.
රාත්‍රී 9 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි ඔවුන් එහි තිබු මුදල් කොල්ල කා ඇති අතර එම අවස්ථාවේ වෙලඳසැළේ සිටි අය දනගස්වා ඔවුන්ගේ තිබූ වටිනා දේවල්ද ඔවුන් රැගෙන ගොස් තිබෙනවා.
ඔවුන් පළා යාමෙන් පසු ඒ අසල සිටි අයෙක් මෝටර් රථයකින් ඔවුන් ලුහු බඳිමින් එක යතුරු පැදියක් හප්පා අනතුරට පත් කර ඇති අතර අනතුරට පත් කොල්ලකරුවන් පලා ගොස් තිබෙන්නේ ඒ අසල තිබූ වෙනත් යතුරු පැදියක නැඟීමෙන්.
ජනප්‍රිය නිලි, පාර්ලිමේතු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදී තුවාල සිදු කරන ලදැයි අගේ සැමියාට එරෙහිව පවරා තිබු නඩුව සමතයකට පත්කර ගැනීමට දෙපාර්ශවය කැමැත්ත පලකොට තිබේ.
මෙම නඩුව සමථයකට පත්කරගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශවය විසින් කැමැත්ත පලකොට ඇති අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර මංචනායක මහතා පවසා ඇත්තේ සමථ කිරීමට අවශ්‍යය පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත්කොට ඇති සමථ කොන්දේසි විමසා බලා තීරණයකට එළඹෙන බවත් එම කොන්දේසි ගැටළු සහගත නම් නඩුව දිගටම පවත්වාගෙන යන බවත්ය.
බාහිරෙන් පැමිණෙන පුද්ගලයන් සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට යෝජනා වී ඇත.
එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැනට පවතින ක්‍රමය යටතේ යකඩ දැලක් එපිට සිට සිරකරුවා හමුවීම මගින් යම් යම් දෑ සිරකරුවන්ට ලබා දීම හේතුවෙනි.
ඒ අනුව මෙම දුර්වලතාවය වැලැක්වීම සඳහා වීදුරු වලින් සිරකරුවා හා ඔහු බැලීමට එන පුද්ගලයා වෙන්කොට දුරකථන මාර්ගයෙන් මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමේ ක්‍රමවේදය ලංකාවටද හදුන්වා දීමට යෝජනා වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.
එම ක්‍රියාමාර්ගයත් සමග ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියේදී නවතම නීතියක් ගෙන ඒමට සුදානමින් සිටින බව අප වෙබ් අඩවිය වෙත වාර්තා වනවා.
එකල ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක වූ යශෝධා විමලධර්ම මෑත කාලයේ ටෙලි නිර්මාණ වල දක්නට ලැබුනේ ඉතා අඩුවෙන්ය.
දැන් ඇය 42 වන වියේ පසුවන අතර මේ දිනවල පැතිර යන කට කතාවකින් කියවුනේ යශෝධා විමලධර්මත් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු වූ නාලන්ද මෙන්ඩිස් සමගත් හාදකමක් හටගෙන ඇති බවයි.
නමුත් පසුගියදා පුවත්පතකට අදහස් පළකර ඇති ඔවුන් දෙදෙනා එම ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කොට ඇත.
මේ පිලිබඳ අදහස් දක්වන යශෝධා