Chitika Smowtion 468x60


Wednesday, June 13, 2012

නාරදට බයිසිකල් පොල්ලක්


ලෝක පරිසර දිනය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ නෙළුම් පොකුණ අසලදී විශේෂ පෑදී සවාරියක් පැවැත්වූ බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.එම පාපැදි සවාරියට සහභාගී වීම සඳහා ටෙලි නාට්‍ය නිලියන් නිවේදකයන් මෙන්ම දේශපාලකයන්ද පැමිණි සිටි අයුරු දැක ගැනීමට ලැබුනා.

කෙසේ නමුත් මෙම වැඩසටහනට ආරාධනා ලැබූ ජනප්‍රිය නිවේදක නාරද බක්මීවැව ට එහිදී පැදීමට පාපැදියක් නොලැබුන බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට පාපැදි සවාරිය ලැබුන දිනයේ සිට නාරද හෝමාගම සිටි ඔහුගේ මහගෙදරට ගිය නාරද පරණ පාපැදියක් සොයාගෙන පාපැදි සවාරිය සඳහා පුහුණුවීම් කර ඇති අතර එදින උදෑසනද ශක්තිජනක ආහාර ලබාගෙන පාපැදි සවාරියට පැමිණ ඇත.

කැබිලිත්ත දේවාලයේ හාස්කම් අඩුවේ!

දශක කිහිපයකට පෙරදී කුමණ වනොද්‍යානය තුළ සිටි ගොවිජනතාව කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට කුමණ ගම්මානයට තරමක් නුදුරින් පිහිට කුඹුක්කන්ඔය අසළ බකිණිගහක් තෝරා ගෙන තිබුණි.

තම ජිවිතයේ සෑම කටයුත්තකදීම මෙම බකිණිගහ අසලට පැමිණ කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සාමාන්‍ය සිරිත විය. ඕකන්‍ද දේවාලයට යාමට විශාල දුරක් පවතින නිසා තමන්ගේ පිහිට ආරක්‍ෂාවට කතරගම දෙවිදුන් මෙම බකිණිගහට වඩින බව එම ජනතාවගේ විශ්වාසයක්ව තිබිණි.

පසුකාලීනව මෙම ස්ථානයේ කුඩා දේවාලයක් තනා ඇත. මඩමෙතොට දේවාලය හෙවත් "කුඩාකැබිලිත්ත" දේවාලය ලෙස හදුන්වනු ලබන්නේ මෙම බකිණිගහ පිහිටා තිබූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. අද මෙම ස්ථානයේ පූජාවන් සදහා අක්කරපත්තුව, පොතුවිල්, වාලච්චේන ආදී දුර බැහැර ප‍්‍රදේශවලින් හින්දු බැතිමත්හු පැමිණෙති.



ඇමතිවරයා හා ජායාරූපය ගැන නයනා කුමාරි කතාකරයි

එක්තරා ටෙලි නාට්‍යය නිලියක් පසුගිය කාලයේ යම් කිසි නීති විරෝධී වෛද්‍ය කටයුත්තක් සඳහා ගිය බවත් ඇයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බවත් අප පසුගියදා එක් ලිපියකින් ගෙන ආවා.

තවත් ලිපියකින් කියවුනේ එම නිලිය ඉහත කටයුත්ත කරගත් බවත්ය. එම ලිපියේ වූ එක්තරා රජයේ ඇමතිවරයෙක් සමඟ 
ඇය සිටින ජායාරූපය පිළිබඳවත්, එම ඇමතිවරයා සමඟ තිබෙන සම්බන්ධය පිළිබඳවත් ඇය අද ලක්බිම පුවත් පතට පවසා තිබෙන්නේ මෙලෙසින් 

ඔබ සහ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සම්බන්ධකොට යම් පුවතක් පසුගිය දිනවල වබේ අඩවිවල පළ වී තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවය මොනවගේද?

අධිවේගී මාර්ගයේ කලබල කල හිමිනම


පසුගිය සිකුරාදා රාත්‍රියේ බ්‍රේක් ලයිට් නොමැතිව පැමිණි මෝටර් රථයක් පින්නදුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර පිවිසුම් මාර්ගයේ සිටි නිලධාරින් විසින් ඔවුන්ව වලක්වා ඇත.

නමුත් බලෙන්ම වාගේ පිවිසුම් මාර්ගයෙන් ඇතුලත්වී ඇති ඔවුන් අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාවට පැමිණි ඇත.

පින්නදුවෙන් කොට්ටාවට මෙම වාහනය ගැන දැනුවත් කර ඇති අතර අධිවේගී මාර්ගයේ කොට්ටාවේ පිටවීමේ මාර්ගයෙන් ඔවුන්ට පිටවීමට ඉඩ දී නොමැත්තේ පිවිසුම් මාර්ගයේදී ඔවුන්ගේ අණ නොතකා බ්රේක් ලයිට් නොමැතිව අනාරක්ෂිතව අධිවේගී මාර්ගයේ ගමන්කළ හේතුවෙනි.

සුමින්ද සිරිසේන දැඩිසත්කාර ඒකකයේ


ප‍‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කර ඇත.

රෝහල වෙත ඇතුලත් කෙරුණත් සුමින්ද සිරිසේන මහතාට වැළඳී ඇති රෝගය නිශ්චිත හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට තවමත් අපහසුවී තිබෙනවා.

යාල වනෝද්‍යානයේ හොරෙන් ගස් කැපූ සාත්තරකාරයින්ට දේශපාලන රැකවරණ


යාල වනෝද්‍යානයට අයත් කතරගම - සිතුල්පහුව මාර්ගයේ පිහිටි වන ඉඩමක අනවසරෙන් ගස් කපමින් සිටිය දී පසුගිය ඉරිදා අත් අඩංගුවට පත් පිය පුතු දෙදෙනෙකු දේශපාලන බලපෑම් හමුවේ නිදහස් කර යැවීමට කතරගම පොලීසියට සිදුවී තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ජෝතිෂ්‍ය උපදේකවරයකුවන හෝමාගම ඇල්බට් සුදසිංහ හා ඔහුගේ පුත් මින්දුල සුදසිංහ යන මහත්වරුන්ය.
යාල වනෝද්‍යානයට ඇතුල් වූ පිරිසක් ගස් කපා දමා එළිපෙහෙළිකරන බවට ප්‍රදේශවාසීන් විසින් වන සංරක්ෂණ නිධාරීන්ට දැනුම් දී ඇති අතර වහාම එම ස්ථානයට පැමිණි වනසංරක්ෂණ නිලධාරීන් ගස්කපමින් සිටි පුද්ගලයින් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන කතරගම පොලීසිටය බාර දී තිබේ. අනතුරුව සැකකාර ජෝතිශ්‍ය වේදීන් තිදෙනා පොලිස් රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.

සීඑස්එන් නාලිකාව ජනපති පුතුන්ගේ - ශ්‍රී ලංකා ක්‍රිකට්


ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබාදෙන ලද සීඑස්එන් (CSN) නාලිකාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් වූවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත්තේය.
කෙසේ වුවද ඉදිරි වසර තුන සඳහා එම නාලිකාවට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදුන්නේ එය ජනපති පුතුන්ගේ නාලිකාවක් නිසා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශය ට පැවසීය.
"ඉතින් රටේ ජනාධිපති තුමාගේ පුත්තුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ?," ඔහු ප්‍රශ්න කළේය.

අපේ රටේ අධ්‍යාපනය කප්පාදු කිරීමේ යෝජනාව එන්නේ කොහෙන්ද?


04 වෙනි ජාතික මහ සමුළුව - කොළඹ නව නගර ශාලාවේදී...!
ශිෂ්‍ය ව්‍යාපාරය වඩා ප්‍රවේසම් විය යුතුව තිඛෙන්නේ වාමවාදී වෙස්වලාගත් සතුරන්ගෙනි.!

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානෙ ල්කම් - ටිල්වින් සිල්වා.!
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 04 වෙනි ජාතික සමුළුව පවත්වන්නට ලැබීම සමාජවාදී ශිෂ්‍ය සංගමයත්, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයත්, ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලූ සමාජවාදය පිළිබඳ අපේක්ෂාවෙන් සිටින සියල්ලන්ම ලැබූ ජයග්‍රහණයක්. ව්‍යවස්ථාපිතව සමාන්‍යයෙන් පවත්වන සමුළු ඉක්මවා ගිය වැදගත්කමක් මේ සමුළුවට අත්වෙනවා සමාජවාදය දිනාගැනීමේ අභියෝගයට මුහුණදීමේ අර්ථයෙන්. දෙවනුව මේ වනවිට සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව දියත්වී තිබූ දැවැන්ත කුමන්ත්‍රණය පරාජයට පත්කර තිබීම නිසා. සමාජවාදී ශිෂ්‍ය සංගමය වල්මත් කරවීම සඳහා වූ කුමන්ත්‍රණ සියල්ල පරාජය කරමින් ජයග්‍රහණ ලැබීමෙන් ඔප්පු කර තිඛෙන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ රටේ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් අතීතයේදී වගේම අනාගතයේදී සටන් වදිනවා.

Share this article with your friends